ඕනෑම චරිතයක් රඟපාන්න කැමැති ශාන් අකිල

දෙසැම්බර් 19, 2019

චිත්‍රපටයක රංගන වරම් හිමිවන තෙක් ඇඟිලි ගනිමින් සිටින තරුණයෙක් පසුගියදා සරසවියට ගොඩ වැදුණා. චරිතාංග නළුවකු වීමට පෙරුම් පුරණ ඔහුගෙන් විශේෂත්වයක් පෙනුණා. ඒ කළු - සුදු බේදයකින් තොරව ඕනෑම චරිතයක් මවන්නට කැමැත්තෙන් පසුවීම පමණක් නෙවේ.

මෙතෙක් පුංචි තිරයට ඔහු මැවූ චරිත බහුතරයක් මඟ වැරැදී අතරමං වූවන් පිළිබඳ වීම ද අද අපේ කතානායක ශාන් අකිල කෙරෙන් කැපී පෙනෙන්නක්. පුද්ගලික රූපවාහිනී නාළිකාවකින් සමාජය දැනුම්වත් කිරීම පිණිස නිර්මාණය කෙරෙන රූපවාහිනී වැඩ සටහනක් හරහා ශාන් මේ දිනවල වඩාත් ජනප්‍රියත්වයට පත්ව සිටිනවා.

ඒ අනුව සමාජ රෝගවලට ගෙදුරු වී ජීවිත මඟ වරදවා ගත් ඇතමුන්ගේ ජීවිත කතාවකට එක් දිනකදී පණ පොවන අකිලව අපට පුංචි තිරයෙක් දැකගත හැකියි. එසේම ඔහුම තවත් දවසකදී මතට ඇබ්බැහි වී නන්නත්තාර වූ තරුණයකුගේ අනුවේදනීය ජීවිත කතාව අපූරුවට අප ඉදිරියේ මවා පානවා.

‘පාර’ ටෙලියේ ඡායාරූප ශිල්පියකු විදියට මැවූ චරිතයට ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබුණු බවත් ඔහු කියන්නේ ඉහවහා ගිය සතුටකින්.

‘මං රංගනය හදාරමින් ඒ මාර්ගයේ ගමන් ගන්නයි කැමති. මහේන්ද්‍ර පෙරේරාගේ රංගන පාසලේ ඉගෙන ගන්නා ගමන් මං රංගනයේ යෙදෙනවා. ඒ අතරේ ස්වේච්ඡා සංවිධාන සමඟ එක්ව රට පුරා යමින් තරුණ ප්‍රජාව දැනුම්වත් කිරීමෙන් මං ලොකු ආත්ම තෘප්තියක් ලබනවා.

මෙතෙක් රංගන ලෝකයේ මා පැමිණි ගමන දෑවුරුද්දයි. ඒත් ඒ කෙටි කාලයේ මා ලැබූ අත්දැකීම් බොහොමයි. ඒවා පාඩම් විදියට සළකා ඉදිරි ගමන සරු කර ගන්නයි රංගනය වෘත්තීය විදියට තෝරා ගෙන තිබෙන මගේ බලාපොරොත්තුව.

තවමත් 23 වැනි වියේ පසුවන ශාන් අකිල, 122/ඒ, ඔරුතොට, ගම්පහ ලිපිනයේ වෙසෙන බවත් අලුත් නිර්මාණවලට ආරාධනා ලැබෙන තෙක් බලා සිටින බවත් සරසවියට කියා සිටියා.

 

 

නිශ්ශංක

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 11 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.