තිලාගේ සරසවියේ ඩය-රිය update ...

හොරෙන් කියවලා බලන්න....
දෙසැම්බර් 26, 2019

අද දෙසැම්බර් 18 බදාදාය.... 

අද දවස තිලාට පට්ට වැඩ.....

දවල් සරසවිය පවුලේ හැමෝම ගියා සරසවිය පවුලේම යතේජා ඥානරත්නගේ හා ජායාරූප ශිල්පි නිශ්ශංක විජෙරත්නගේ නිවෙස්වලට...

ගිය හේතුව නම් ඔවුන්ගේ පුංචි පවුල්වලට එකතු වුණු පුංචි සාමාජිකයන් දෙදෙනාගේ මූණු බලල එන්න....

හවස, නිරංජනි ශන්‍මුගරාජා, හිමාලි සයුරංගි හා අපේ අලුත් පුංචි රංගන ශිල්පිනිය මෙනරා (සූනාමි සිනමා නිර්මාණයේ ප්‍රධාන චරිතවලින් තුනක්) යොදාගෙන සරසවිය පුවත්පතේ කැලැන්ඩර් එකට ජායාරූප ගැනීමට තියෙන නිසාම තිලාට ඉක්මනින් එන්න ඕනෑ වුණා....

අනේ හපොයි.... දාගත්ත වෙලාවට පැයක් තිබියදී හිමාලි එන්න වෙන්නෙ නෑ කිව්වානේ... වැඩේ පුල් අවුල්....

ඒත් තිලා ලේසියෙන් ඉස්සරහට තියෙන අඩිය පස්සට ගන්නේ නෑ (ආපහු හැරිල ගියත්.....)

අර දෙන්න දාලා වැඩේ කළා... ලස්සනද කියලා මෙවර සරසවියෙන් බලන්න පුළුවන් ....

ස්තුතියි... රේණුකා අක්කාටත්, උපුල් නිශාන්තත්, නිරංජනි නංගිටත් හා මෙනාරා විජේතුංග දුවටත්....

අද දෙසැම්බර් 19 බ්‍රහස්පතින්දාය...

අපේ ගයාන් (ජායාරූප ශිල්පි ගයාන් පුෂ්පික) මල්ලිට "පෙරේරා" කෙනෙක් පහර දීලා අධිකරණය ඉදිරිපිට මාධ්‍ය ජායාරූප මෙහෙවරක යෙදි සිටින අතරතුර....

ගයාන් මල්ලි අපේ ඉන්න අහිංසකම ජායාරූප ශිල්පියා... ඒයාට පහරදීම ගැන අපේ ජායාරූප ශිල්පීන් හැමෝම අවුලෙන් ඉන්නෙ... කොහොම උනත් එක සම්‍පූර්ණ වැරදි ක්‍රියාවක් බව අපි හැමෝගෙම අදහසයි...

හවස් වන විට අපිටත් වටින් පිටින් දුරකතන ඇමතුම් එනව ගයාන්ගෙ විස්තර අහල.. තිලාත් පුල් අවුලෙන් ඉන්නෙ එකට සම්බන්ධ වෙලා ඉන්නෙ පෙරේරා කෙනෙක් ඒ නිසා තිලා තීරණය කලා ටික කලක් යනකම්‍වත් තිලාගේ අනිත් වාසගම (මාලබගේ) පාවිචිකර ලැජ්ජාවෙන් බේරෙන්න ....

 

අද දෙසැම්බර් 20 සිකුරාදාය...

දින කිහිපයකට කලින් සරත් දික්කුඹුර කරපු ප්‍රථම චිත්‍රපටය " මරු කතර"

මාධ්‍ය දර්ශනය බලන්න ගියා... හදිසියේම ගෙදර යන්න උවමනාවක් ඇතිවූ නිසා අරුණිටයි ප්‍රසාද්ටයි සමුදීලා යනකොට නිරෝෂන් ඉලේපෙරුම හා දීප්ත බණ්ඩාර සගයින් දෙදෙනා රෝද තුනකින් යන්න යනවා... තිලාත් මගට යනකම්‍ ඒකට ගොඩවුණා....

අපි කතාවෙන දෙවලින් බයිස්කෝප් පිස්සන් කියල දැනගත් රෝද තුනේ රියදුරත් අපේ සිනමාව ගැන කතාකරන්න පටන් ගත්තා. බැලුවම පොර අපිටත් වඩා බයිස්කෝප් පිස්සෙක්...

"ඇයි මහත්තයෝ අපේ මෙතරම් තාක්ෂණය දියුණු යුගයක හොඳ ෆිල්ම් හැදෙනවා අඩුයි. ඒ නිසා මම දෙමළ ෆිල්ම් බලනවා... සිංහල චිත්‍රපටි නම් වගයක් කියල .දැන් ඒ වගේ ඒවා නෑනෙ කිව්වා (බැලුවම පොර හොඳ රසවතෙක්...)

බණ්ඩාර අයියා හා නිරෝෂන් දුන්න උත්තරේ ටික ඉතා වැදගත්...

" මල්ලි අපේ හොඳ කැමරා ශිල්පීන් තාක්ෂණික ශිල්පීන් ඉන්නවා හැම ශිල්පීයෙක්ම දක්ෂයි... ඒත් අපිට හොඳ තිර පිටපත් හිඟයි... අපිට සිනමාව හැදැරීමට පාසල් නෑ... අපේ අය පුළුවන් විදියට ඉගෙනගෙන වැඩ කරනවා... සිනමාව වෙනුවෙන් ඔලු හදන්න තැනක් නෑ. ඔයෙ සමහරු සිනමාවට වැඩ කරන්නෙ ජීවත් වෙන්න වෙන රක්ෂාවක් කරන ගමන්... ඉතින් වෙන රටවල ඒවත් එක්ක බලනකොට ආපේ නිර්මාණවල පුංචි අඩුපාඩු පේනවා... ඒත් ජාත්‍යන්තර සම්‍මාන ගත්ත නිර්මාණ අපෙත් තියෙනවා..

තිලාත් අන්තිමට හොට දාලා මගින් බැහල ගියා ...

අද දෙසැම්බර් 21 සෙනසුරාදාය ...

ලේක්හවුස් ආයතනයේ දිනමිණ පුවත්පත ශ්‍රී ලංකාවේ දැනට ඇති පැරණිම පුවත්පත කිව හැකියි. ලාංකික පුවත්පත් කලාවේ දැවැන්තයින් පරපුරක් බිහිකරපු තැනක් කියල තිලාල දැනගත්තේ පාසල් යනකාලේ..

සිංහල ගුරුවරු කියන්නෙ හොඳ සිංහල දැනගන්න දිනමිණ, සිළුමිණ කියවන්න කියලා... (ඒත් ඒ කාලේ අපි ආසා චිත්‍රකතා පත්තරවලටනේ) ඉතින් දිනමිණට අවුරුදු එකසිය දහයක්නෙ (110) තිලාට හිතුණ ඒ කාලයේ තුළ මෙහෙවරට දායකවූ අය අතරින් ප්‍රධාන කර්තෘවරුන් ලියලා තියන ඒක හොඳයි කියලා...

1909 - 1914 එච්.‍ එස්. පෙරේරා

1919 - 1924 ඩී. ඩබ්ලිව්. වික්‍රමාරච්චි

1924 -1924 ඇලෙක්සැන්ඩර් වැලිවිට

1935- 1937 (1944-1959) පියසේන නිශ්ශංක

1931 - 1944 මාර්ටින් වික්‍රමසිංහ

1960 - 1964 ඇම්‍.ඒ.දි සිල්වා

1965 - 1969 ඩි.ඩි වෙත්තසිංහ

1970 - 1973/1978-1979 එස්. සුබසිංහ

1974/ 1977 ටී.බි පෙරමුණේ තිලක

1977 - 1978 එඩ්මන්ඩ් රණසිංහ

1980/1982 බන්දුල මෙත්තානන්ද.

1983/1994 ජී. එස් .පෙරේරා

1995/1997 සරත් කුරේ

1997/1999 දෙල්තොට චන්ද්‍රපාල

2000/2002 බෙනට් රූපසිංහ

2002- තිස්ස එදිරිසිංහ

2002 /2004 සමන් වගආරච්චි

2003/2004 බන්දු ගුරුගේ

2003/2004 කරුණාරත්න අමරතුංග

2004/2005 සී. දොඩාවත්ත

2005/2006 රන්ජන් අමරත්න

2006/2011 මහින්ද අබ්‍සෙුන්දර

2011/2015 ගාමිණී ජයලත්

2018 සි ජේ අමරතුංග

2015- 2018/2018-2019 පුෂ්පා රොවෙල්......

ඒ කාලේ දිනමිණ කියවන්න බැරි වුණාට අද මේවා කොපිකළේ දිනමිණෙන්........

 

අද දෙසැම්බර් 22 ඉරිදාය.......

ගෝබා ඇත්තො මියඇදිල කියල තිලා දැනගත්තෙ පහුවෙලා...

ගෝබ ඇත්තෝ කිය⁣න්නෙ අපේ ආදිවාසි පරපුරේ එක් පුරුකක්.... දඹාන, නිල් ගල, රතුගල, ආදිවාසි නායකයන් අතර පොල්ලෙ බැද්ද ආදිවාසි නායකයා ඔහුයි... ප්‍රසාද් වර්ණකුල හා තිලා කිහිප වතාවක් හමුවෙලා තිබුණා... අපි වසර කිහිපයකට කලින් නු⁣වර ගල නැඟල පසුදින බහින්න අපට මඟ පෙන්වනන් ලෙස කටයුතු කළේ පොල්ලේ බැද්ද ආදිවාසි පරපුරේ අය....

 

අද දෙසැම්බර් 23 සඳුදාය ......

ළඟදී දවසක අමෝරා චිත්‍රපටය වෙනුවෙන් පුංචි සාදයක් සුදානම්‍ කරල තිබුණා..... ටෙනි, සමන්, අනුර කේ එදිරිසූරිය, තිලා ඉන්න තැනට ආ දේශපාලනයට සම්බන්ධ කෙනෙක් අපි සමග රටේ තොරතුරු කතා කරමින් ඉන්න අතරේ තිලා අනුර කේව හඳුන්වා දුන්නා...

අනුරගේ අත දිහා බලපු අපේ කතා නායකයා.. මගේ පවුලේ කෙනෙකුත් ඔය අසනීපෙන් ඔත්පළ වුණා... ⁣හැමතැනින්ම බෙහෙත් කළා දැන් ටිකක් සුවයි... හොඳම වැඩෙ මානසිකව වැටෙන්න එපා... හොඳකරගන්න බලමු...

එතුමාට බොහොමත්ම ස්තුතියි...

ඒත් දුම්රිය අනතුරක් හේතුවෙන් අනුර කෘත්‍රිම අතක් භාවිත කරන නිසා හිනා නොවි හිටියෙ බොහොම අමාරුවෙන් ....

 

අද දෙසැම්බර් 24 අඟහරුවාදාය .....

හෙට නත්තල්.... මෙවර කිතුනුවන් වෙනුවෙන් ⁣හැමෝම එකතු වෙනවනම් හොඳයි කියල තිලාට හිතුණ..

පාස්කු දිනයේ බෝම්බ ප්‍රහාරයෙන් අප අතරින් වෙන්වුවන් සිහිපත් කරමින්, නත්තලත් සමරමු ...

හැමට සුබ නත්තලක් ⁣වේවා...

 

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.