තිලාගේ සරසවියේ ඩය-රියupdate ...

හොරෙන් කියවලා බලන්න....
ජනවාරි 9, 2020

අද 2020 ජනවාරි 01 බදාදාය .....

අද

"2020 "

ජයවේවා...........

පසුගිය වසර දෙස ආපසු හැරිලා බලපන් තිලාට වැඩිහිටියෙක් දොස් කිව්වා ....

ඒ නිසාම හැරිල බැලුව

තනිකරම කරල තියෙන්නෙ ගොන් වැඩ ..

වැඩකට ඇති වැඩ එකක්වත් නෑ ..

ආදායම එන වැඩ ඇත්තෙම නෑ

කේලමක් කියල නෑ

පොර ටෝක් දිල නෑ

වෛර කරල නෑ

කුහකකම් කරල නෑ

තව කෙනෙක් කපල නෑ

පහත් කරල කතා කරල නෑ

තමන්ට අසාධාරණකම් කරපු අයට බැනල නෑ

දැන දැන තිලාට වැරදි කරපු අයට වෛර කරල නෑ

හිත රිදවල නෑ

යටිකූට්ටු වැඩ කරල නෑ

උඩට යන එකාගේ කකුලෙන් ඇදල නෑ...

කාටවත් කඩේ ගිහින් නෑ

මේව කරන්නේ නැතුව වැඩේ විතරක් හරියට කරල කොහො⁣මද යකෝ

දියුණු වෙන්නෙ...

මේ වසරෙවත් හැදෙන්න බලපන්......

වැඩිහිටියා වැඩිදුරටත් කීවා...

අද ජනවාරි 02 බ්‍රහස්පතින්දාය ......

සරණපාල පමුණුව කියන්නෙ අපිට හිටිය මාධ්‍ය ජායාරූප ශිල්පියෙක්... ඉස්සර හිටපු ජායාරූප ශිල්පීන් අතළොස්ස අතර නම කියවෙන කෙනෙක් තිලා අඳුරගන්න කාලේ හිටියෙ දිවයින පුවත්පතේ... සරණපාල අයිය එක්ක තිලා ගිය ගමන් අතරින් අමතක නොවන ගමන තමයි සාම ගිවිසුම කා⁣ලයේ එල් .ටී. ටී. ඊ සංවිධානයේ එකල දේශපාලන අංශයේ නායක තමිල් චෙල්වම්ගේ මාධ්‍ය සාකච්‍ඡාව.... එයට දෙස් විදෙස් මාධ්‍ය අතර සරණපාල අයිය, සිරිමෙවන් කස්තුරිආරච්චි, දිනසේන රතුගම, අජිත් සෙනෙවිරත්න, ප්‍රසන්න සංජීව තෙන්නකෝන් වැනි අපේ මාධ්‍ය සගයන් සිටියා...

ඉතින් පුවත්පත් සාකච්ඡාව නිම වනතුරුම අපේ පාළුමකන්නා වූයේ සරණපාල අයියා... සිනා නොවු කොටි සාමාජිකයන් සිනා ගැන්වූයේ සරණපාල අයියගෙ දමිල භාෂාවෙන් කරන විහිළුවලිනි... අද සරණපාල අයියා ගැන ඩය-රියඋනඤචබඥ ලියන්න වුයේ රට හා ජනතාව වෙනුවෙන් සැබෑ මාධ්‍ය මෙහෙවරක් ඉටුකර ඔහු නොකියාම යන්න ගිහින්.........

සරණපාල අයියේ ඔබට නිවන් සුව !...

අද ජනවාරි 03 සිකුරාදාය ........

අද උදේ අරුණි යි තිලායි ගියා ස්වාධීන රූපවාහිනියට... නව සභාපති වන සුදත් රෝහණ (ප්‍රවීණ සිනමා, ටෙලිනාට්‍යය නිර්මාණ ශිල්පි) මහතා සමඟ සාකච්ඡාවකට... ඉතින් කතාව යන අතරේ තිලා කල්පනා කරේ සුදත් රෝහණ නම්‍ නිර්මාණකරුවාගෙ

වන වදුලේ වසන්තය, බැද්දෙගෙදර අඹුදරුවෝ, කරුවල ගෙදර, ස්වයංජාත, යුග විලක්කුව, දත් කැකුළු පාලා, ඉරබටු තරුව, ගිරිකුල , සරදියෙල් වැනි ටෙලිනාට්‍යය හා සුදු කළුවර චිත්‍රපටයද නිර්මාණය කළ දේවල්

කෙරු දේවල් එක්ක හා අද කියු දේවල් සුදුස්සාට සුදුසු තැන ලැබිලා කියල තිලාට හිතුණා .........

ඒ අතරේ තවත් වැඩක් සිද්ධ වුණා ...

අද ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාවේ නව සභාපති ලෙස ආචාර්ය ජයන්ත ධර්මදාස මහතා සහ ක්‍රියාකාරී අධ්‍යක්ෂ ලෙස පිදුම් ලැබු රොහාන් වැලිවිට මහතා විශාල කලාකරුවන් පිරිසකගේ සහභාගිත්වයෙන් වැඩ ආරම්භ කළා...

අද ජනවාරි⁣ 04 සෙනසුරාදාය ......

තිලාට අහම්බෙන් හම්බ වුණා ගැමි වහරේ තිබුණ කියමනක්... දැන් අය අහලවත් නැතුව ඇති කියල හිතුණ නිසා ලියලා තියන්න කියල හිතුවා ......

කැලේ කැකුණ ගෙඩි වැටෙන කලට කැකුණ ගස් වටේ වල් ඌරෝ ගැවසෙන්නේ කැකුණ මදේට බොහෝම ප්‍රිය නිසා. කැකුණ ගෙඩිය හොටේ (හොබුවේ) දිගු දළ වලින් ඇනලා, හපලා පළනවා. පළාගත්තු කැකුණ ගෙඩියේ පොත්තයි, මඳයයි කනවා.

ඔන්න ඔය ක්‍රියාවට කියන්නේ කැකුණ තලනවාය කියලයි. ඉතින් ඉතිරි වෙන කැකුණ මද හබන් කුකුළන්ට රාජ භෝජනයක්... නමුත් ඒ භෝජනය වළඳන්නට වෙන්නේ ඌරෝ කැකුණ තලපු දාටයි. හබන් කුකුළන්ට කැකුණ මද කන්ට නම් ඌරෝ කැකුණ තලන තෙක් කල් මරාන බලා ඉන්ට සිදුවෙනවා.....

වල් ඌරෝ කැකුණ තලනකොට හබන් කුකුලන්ට රජ මඟුල්... අපේ මිනිස්සු ආදේශ කරන්නෙත් ඒක තමයි... දැනුත් -ඉදිරියටත් ඒක අදාළයි......

අපේ එකෙකුට කියක්හරි හම්‍බ වුණොත් තිලාටත් රජ මඟුල් .........

අද ජනවාරි 05 ඉරිදාය ...........

අපේ ජායාරූප අංශයේ චතුරාණී නංගි ඉන්නවනේ... එයා දනට පිනට බොහෝම ලැදියි... අපිට වුණත් එයාට කන්න බැරි ඕනෑම දෙයක් බෙදලා දෙනවා ....

ඉතින් දවසක් නිවාඩු දිනයක යාචකයෙක් ඇවිත් කන්න මොනව හරි ඉල්ලලා... හිත උණු වන චතුරාණී කෑම එකක් බෙදල දීලා... කාලා පිං දීලා ගියාලු.....එයාට හරි සතුටුයි...

තවත් දවසක ආවාලු... එදා ගෙදර කෑම සුප් හදල තියල ඉතින් සුප් එක බීල පිං දීලා ගියාලු...

ආයෙත් දවසක අවාලු... එදා කෑම හදල ඉවර නැති නිසා කිරිදාලා ⁣තේ ⁣හදල දුන්නලු.. ඔහු බීලා පිං දීලා ගියාලු.... චතුරාණීට හරි සතුටුයි...

හතර වෙනි දවසේ ඇවිත් පොත් තුනක් දීලා යන්න ගියාලු...

චතුරාණීට ෆුල් අවුල්.... කියවලා බලනකොට රසට කෑම හදන විදිහයි - රසට සුප් හදන විදිහයි - රසට කිරිතේ හදන විදිහයි තියෙන කෑම වට්ටෝරු පොත් 3 .......

චතුරාණීගේ සැමියාට හරි සතුටුයි .....

අද ජනවාරි 06 සඳුදාය .....

අද උදේම ආයතනයට යන්න වුණා 2020 අවසන් මාස හතරේ සරසවිය දින දසුනට ජායාරූප ගන්න විශේෂයෙන්ම ස්තුතියි සෙනාලි (සෙනාලි ෆොන්සේකා) නංගිට... අසනීප තත්ත්වයෙන් සිටියදීත් වැඩේට උදව් කලාට මල්මී නංගිටත් ස්තුතියි හැඬගැන්වීමට උදව් කළාට...

හවස චාමර ජනරාජ් පීරිස් ගොඩවැදුණා ලේක් හවුස් එකට... ලේක් හවුස් කියන්නෙ චාමර⁣ට නුහුරු තැනක් නෙවෙයි... ඉතින් අද නම් ආවෙ චාමර නිර්මාණය කරපු පළමු බයිස්කෝප් එකේ මධ්‍ය දර්ශනය සඳහා අරාධනා කරන්න... එහි නම

"උතුරු සුළඟ"

ටෙලි නිර්මාණ අතර, අයාල්, පියවි යාය හතර, බටහිර අහස, ඇසිඩ්, ත්‍රිමාන, රාහු වැනි නිර්මාණ බිහිවුවා...

අපිත් එක්ක ඉඳල ලබාගත්ත අත්දැකීම් තමයි ඔය වගේ හොඳ නිර්මාණ බිහිවීමට මූලික පසුබිම... ඉතින් බයිස්කෝප් එක බලන්න දැම්ම දත්මැදගෙන ඉන්නෙ

අද ජනවාරි 07 අඟහරුවාදාය ........

අද අපේ කමල් (කමල් ජයමාන්න) ආයෙත් හිටපු තනතුර ලැබිලා.. දැන් ඉන්නෙ හරිම සතුටින් අපිට සාදයක් දෙන එක තමයි ඔහුගේ පළමු පැතුම...

ඉස්සර තනතුර න.ඥ පසුගිය කාලේ ජ.න.ඪ.ධ.බ.න වුණා... දැන් ආයේ න.ඥ වුණා... අකුරුවලින් නම් අඩුයි... අඩු අකුරුවල තේරුම දන්නේ කමල් තමයි..........

තිලා-ක්