වර්ෂ 2021 ක්වූ January 17 වැනිදා Sunday
චන්දිට සහ සිසිරට විශ්‍රාම වැටුප්

ප්‍රවීණ රංගන ශිල්පිණී චන්දි රසිකා සහ සටන් නළු සිසිර කුමාරතුංග යන කලාකරුවන්ට විශ්‍රාම වැටුපක් ලබාදීමේ වැඩ පිළිවෙළක් චිත්‍රපට නිෂ්පාදක දේශමාන්‍ය සඳුන් දොලමුල්ල විසින් ආරම්භ කොට තිබේ. එයට අදාළ නීත්‍යානුකූල ලිපිය ඉකුත්දා ඔවුනට ලබා දෙනු ලැබීය.
ජනාධිපති සම්මානලාභී සිනමා නිළියක වන චන්දි අද වන විට ජීවිතය සරි කරනුයේ කෙටි ආහාර සාදා කඩවල්වලට බෙදා හැරීමෙනි. කොළඹ රිකී සිනමා ශාලාවේ කුඩා කාමරයක සිසිර කුමාරතුංග දිවි ගෙවනු ලබයි. තමන් අසරණ යැයි නොපවසමින් සිනමාවේ ගරුත්වය ද සුරකිමින් ඔවුහු දෙදෙනා හැකි පරිදි ජීවිතය ගත කරමින් සිටිති. මෙම විශ්‍රාම වැටුපට අමතරව චන්දිගේ සහ සිසිරගේ ජීවන වෘත්තීන් කරගෙන යාමට අවශ්‍ය භාණ්ඩ ලබා ගැනීමට මූල්‍යාධාර ලබාදීමද සඳුන් විසින් සිදු කරනු ලැබීය.