තිලාගේ සරසවියේ ඩය-රියupdate ...

හොරෙන් කියවලා බලන්න....
ජනවාරි 23, 2020

15 බදාදාය ...

අද තෛයි පොන්ගල්......

මගේ දමිළ සගයන් කිහිප දෙනෙකුට කතා කරල සුභ පැතුවා... ඒ අතර නිරංජනි ෂන්මුගරාජා හිටියා...

ස්තුතියි අයියලා...හෙට සුනාමි මංගල දර්ශනයට එනවා නේද?....

...අනිවා.....

පසුගිය දිනවල නිරංජනි නිතර ලේක්හවුස් එකට ගොඩවෙනවා... ඇවිත් ඉතින් අපිත් සමඟ කඩයක් දාගෙන ඉඳල යන්නේ....

නිරංජනි දමිල සහෝදරියක් නිසා සිංහල කතා කරනකොට අහන් ඉන්න හරිම ආසයි...

" තිලා අයියා ⁣දෙයියෙක් නෙවෙයි අයියා දේවාලයක් "

ඒ එයාගේ වචන...

ඉතින් දවසක් අරුණ සහ තිලා සමඟ කඩයක් දාගෙන ඉන්න කොට අයියේ අර ටයිසන් අයිය ඉන්නෙ කොතැනද?..

අපි බැලුවා බොක්සිං ගහන එකෙකුත් නෑ...

කන් හපන එකෙකුත් නෑ...

කවුද මේ "ටයිසන්"

ඇයි අයියේ ටිකකට කලින් හිටියේ ....

ආග්... ටෙනිසන්...

දැන් අපිත් කියන්නෙ ටයිසන් එදිරිසිංහ කියල......

 

අද ජනවාරි 16 බ්‍රහස්පතින්දාය .......

ඔස්ට්‍රේලියාවෙ පසුගිය ලැව් ගිනි හා නියඟය නිසා ඔටුවන් මරාදමන්න රජය විසින් තීරණය කරල තිබුණා.... ඒක ආරංචි වුණ අපේ අය

අනේ පව්‍ ........

අනේ අහිංසක සත්තු ..

අනේ පිච්චිලා ...

අනේ අහිංසක ඔටුවොත් දහස් ගාණක් මරල පව්‍...

මොන අපරාධයක්ද මේ...

හැබැයි අපේ අය එහෙම කියන්නෙත් බාබකියු දාල පුච්චපු මස් කනගමන් -බොන ගමන්.....

එයාලට හොඳ ආරංචියක් තියෙනවා අපේ මොනරුන් සීඝ්‍රයෙන් වැඩිවෙලාලු .....

 

අද ජනවාරි 17 සිකුරාදාය.....

පසුගිය දවසක අපි ගියානේ ජැක්සන් අයියගේ එකගෙයි සොකරි ගීත මංගල්ලයට.... ඒක මතක්වුණේ සොකරිගේ එදා නිකුත්වුණු ගීත පොත දැකල.

(ඉස්සර බයිස්කෝප්වල වගේ) මේ ගීත පොත පිදුවේ මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ට.... ජැක්සන් ඇන්තනි යූටියුබ්‍ නාලිකාවත් එදාම මුදාහැරියා..... ගීත අතරින් සේදර මැණිකේගේ ගීතය ආයෙත් බැලුව....

 

ළාහිරු කිරණේ

වන මල් පෙති යහනේ

වැතිරෙමි ඉපිලෙමි

මේ සියොළඟම ඔබේ...

 

සඳ කිඳුරු මොණර රූ බරින සලිත වේ

කොපුල් හසුන් පුළුලුකුල් වටොර පුල්

තවරන්න කොකුම් රිසිසේ

විඳගන්න මේ හැම ඔබගෙ

වැතිරෙමි ඉපිලෙමි මේ සියොලගම ඔබගෙ.......

 

මොණරිඳු කිඳුරෙකු වු කල

මුසපත් වී මා ළය දැදුරුයි

සඳකිරණින් ඇඳගන්නම් ඔසරිය

විඳගන්න මේ හැම ඔබගේ.........

පද-බන්දුල නානායක්කාරවසම්...

සංගීතයෙන් හැඩ වැඩ දැම්මේ.. චින්තක ජයකොඩි .....

හඬින් හැඩ කලේ මාධවි වත්සලා.....

තුන් හවුලේ.. ගීතය නම් පට්ටයි ....

 

අද ජනවාරි 18 සෙනසුරාදාය........

අද උදෙන්ම තිලාගේ මුහුණු පොතට කොමෙන්ටු ගොඩාක් ඇවිත් තිබුණා ...

බැලුවම නිරංජනි තිලා එක්ක ගත්තු පින්තූරයක් මුහුණු පොතේ දාලා... අපේ උන් එවන ඒවා තමයි...

තවත් සුනාමියක්..

සුනාමියෙන් පසු සංවර්ධනය ..

මායිය දැක්කද?....

වෙලාවට ජායාරූපය ගන්න වෙලාවෙ මායිය හිටිය නැත්නම් කෙඳී සහිත ආහාර ...

ඒවා කියවන ගමන් දැක්කෙ....."සුනාමී" ජාත්‍යන්තර සම්මානයට !

භුතානයේ පැවති Druk International Film Festival  අන්තර්ජාතික සිනමා සම්මාන උලෙළේදි අද්විතීය රංගනය වෙනුවෙන් හොඳම නිළිය සම්මානය "සුනාමි" හි චරිත නිරූපණය කළ නිරංජනි ෂන්මුගරාජා විසින් දිනාගනී.......

සුනාමි කණ්ඩායමටම තිලාගෙන් සැලියුට්‍ ......

 

අද ජනවාරි 19 ඉරිදාය......

තිලාගේ මායියගේ හා ගජයන්ගෙ මායියලාගෙ කතාකරන හඬපට ලීක් වුනොත් ....

කෙහෙද ඉන්නෙ. මොකද පරක්කු

මම් මම්... මම් ගන්නෙ අදත් එහෙනම් හරි වගේ ...

අදත් කණමදය වගේ එන්න එපා දොර අරින්නෙ නෑ..

එනවකො ගෙදර...

අද එහෙම බීලා ආවොත් එලියෙ තමයි........

මොකද ෆෝන් එක ගන්න පරක්කු...

ඔතන නැට්ටිච්චියො එක්ක කඩේ දාගෙන ඉන්නවා ඇති ......

තමුසෙට විතරයි වෙලාසන ගෙදර එන්න බැරි ...

තව කොහේ හරි.............

" ඔයා අද වේලාසනින්, ගෙදර එන්න එන්න

ඔයා එනකම් මම බලාගෙන ඉන්නවා ඉන්නවා......හොදේ...."

ඒ.... පඩි දවසට........

 

අද ජනවාරි 20 සඳුදාය ...........

 

අපේ හෙලයේ මහා කවි කොකිල (තිලා විසින් පිදූ නම්බු නාමයක්) රොෂාන් පිටිපනයන් විසින් තිලාගැන හා වැඩ ගැන කවි වගයක් ලියල තිබුණ ...

කොල්ලෙක් වාගෙයි ඉන්නෙ තාමත් මෙ කොල්ලා

වයසට යන්නෙ නෑ වාගෙයි අම්මාපල්ලා

සිනා සාගරයෙ ගිල්වයි හැම විට ළඟ ඉඳපල්ලා

මඩ නෑ ඇත්තමයි මූ නම් එල කොල්ලා.....

දන්නෙ නෑ මෙයා එයාගෙ වටිනා වපසරිය .....

 

හැඩ කරන්නෙ කවදත් මොහු සරසවිය .......

සම්මාන දෙන්න මදිද මොහු කලහරිය....

ගන්නා අය දැක්කම ඇති වෙන්නෙ හිරිකිතය...

එනපොට හොඳනෑ තිලා එක්කො වෙලාව බලාගන්න වෙයි වගේ....

 

රොෂානුත් කාලෙන් කාලෙට තාලෙන් තාලේට වැඩ කරන පොරක්...

කාලයක් කොන්ඩෙ ජේල් ගාලා ජැන්ඩියට හිටියා...

තවත් කාලයක් ගිහි ජීවිතය කසාවතට බාරදෙනව කිය කිය හිටියා....

හැබැයි එදා එහෙම කලානම් අද වෙනකොට රොෂාන්....

එක්කො නොකියම ඉන්නම්...

 

අද ජනවාරි 21 අඟහරුවාදාය .........

 

දැන් අපිට අලුත් කර්තෘවරු බොහොමයි...

අලුත් කිව්වට කාලයක් අපේම මාධ්‍යයන් අතර බල්ටි ගහපු අය

ඔබ්‍සවර් පුවත්පතේ හිටපු දිනේෂ් වීරවංශ මහතා නැවතත් කර්තෘ ලෙස පත් වූවා...

දිනමිණ කර්තෘ ලෙස ගාමිණී ජයලත් නැවතත් පත්වුවා...

ඊයේ සිළුමිණ නව කර්තෘ ලෙස ධර්මන් වික්‍රමරත්න පත්වුවා සියලු දෙනාටම සුබපැතුම් ....

 

තිලා-ක්