වර්ෂ 2024 ක්වූ March 19 වැනිදා Tuesday
I-Sing world - 2019 ගායනා තරඟය ජයගත්
සංගීතය තුළින් මිනිස් සිත් සතන් පිනවීමට පුළුවන. සැනසීමට ද පුළුවන. එවන් හැකියාවක් උපතින් ගෙන එන පුද්ගලයින් සැබවින්ම වාසනාවන්ත වන්නේ ඒ නිසා ය. එකොළොස් හැවිරිදි යෙනුලි බිනාරා දියණිය ද උපතින්ම ගෙන එන ලද ගායන හැකියාවන් තව තවත් වැඩි දියුණු කර ගත්තේ කවදා හෝ දිනක මුළු ලෝකයක් අභියස තම ගායන හැකියාවන් පෙන්වීමේ අටියෙනි.
ඒ බලාපොරොත්තුව මල් එල ගැන්වෙන්මින් පසුගිය දිනක ඇය ලොව සුප්‍රසිද්ධ I-Sing world - 2019 ගායන තරඟාවලියේදී සුවිශේෂී ජයග්‍රහණයක් හිමි කර ගත්තාහ. මුළු ලෝකයක් ඉදිරියේ ඕමානයේ ජීවත්වන සිංහල ජාතික දියණියක් මෙවැනි ලෝප්‍රකට තරඟයකින් ජයග්‍රහණය කිරීම ශ්‍රී ලාංකිකයන් වන අපට ආඩම්බර විය හැකි අවස්ථාවකි. පහත දැක්වෙන්නේ තමන් ලැබු සුවිශේෂී ජයග්‍රහණය පිළිබඳව යෙනුලි බිනාරා දියණිය සමඟ සිදු කළ සංවාදයකි.
ගායනයට කැමැත්තක් ඇතිවූයේ කොහොම ද ?
මම අවුරුදු 03 ඉඳන්ම මම සංගීතයට ආශා කළා. මම ගෙදර හැම තිස්සෙම ලස්සනට ඇඳගෙන සින්දු කියනවා . නටනවා. මගේ අම්මයි තාත්තයි සම්ප්‍රදායික සංගීතය හැදෑරුවත් මම ආස වුණේ බටහිර සංගීතයට. මම ඒ හින්දම rock and pop සංගීත ක්ෂේත්රය තෝරා ගත්තා. අපි ඕමාන්වල පදිංචි වෙලා ඉන්න හින්දා එහේ තියන තරඟවලට, පොදු වැඩසටහන්වල ගීත ගායනා කරන්න පුළුවන්කම ලැබුණා. ඒ තරඟවලින් මට ජයග්‍රහණ හිමි වුණා. පොදු වැඩසටහන්වලට සහභාගී වුණු අවස්ථාවලදී මට බොහෝ දෙනෙක් ප්‍රසංශා කළා.
මම දැනට ඕමාන්වල London music collage එකේ 04 වන වසරේ ඉගෙන ගන්න ගමන් ඒකේ සංගීතය පිළිබඳව විභාගවලට පෙනී සිටිනවා . ඒකේ මම පධජඬ චදඤ නධන සංගීතය හදාරනවා.
I-Sing world වගේ තරඟයකින් ජයග්‍රහණය කිරීම තරමක අපහසු දෙයක් . ඒ පිළිබඳව ඔබ මොනවද හිතන්නේ ?
ලෝකයේ පවත්වන ගායන තරඟවලින් I-Sing world කියන්නේ ගොඩක් හොඳ තරඟයක්. මට I-Sing world - 2019 තරඟාවලියේ 1 runner up එක හිමි කර ගන්න පුළුවන් වුණා. ඒ වාගේ ම මම මෙම තරඟාවලියේ Best Audience Performer වෙන්න පුළුවන් වුණා. මේ තරඟාවලියට විවිධ රටවල තරඟකරුවන් සහභාගී වන ප්‍රසිද්ධ තරඟයක්. මේ තරඟයට අයදුම්පත දැම්මේ මගේ තාත්තා. ඒ වගේ තරඟයකින් ජයග්‍රහණය කරන්න පුළුවන් වීම ගැන මට ගොඩාක් සතුටුයි.
ගායන හැකියාව තියන ලෝකයේ ඕනෑම දරුවකුට මේ තරඟයට සහභාගී වෙන්න පුළුවන්. විවිධ රටවලින් තරඟකරුවන් 42 දෙනෙක් මෙම තරඟයට පැමිණ සිටියා. මෙම තරඟාවලිය තුළ අපි වගේ ළමයින්ට ප්‍රේක්ෂකයින් පිනවන ආකාරයෙන් ගීත ගායනා කරන්න අවශ්‍ය පෞරුෂය ආදී බොහෝ දේවල් කියා දෙනවා. ඒ නිසා මේ තරඟය මට විශේෂයි. ඒ වාගේ ම
මීට අමතරව මට ජර්මනියේ බර්ලින් නගරයේදී Russian House සංස්කෘතික වැඩසටහනේදී විශේෂ සම්මානයක් හිමි වුණා.
ඔබට ගායන හැකියාව වගේ ම ප්‍රසිද්ධියේ කතා කිරීම ( Public Speaking ) ඇතුළු දක්ෂතා බොහෝමයක් තිබෙනවා නේ ද?
මම ඕමානයේ International English Medium Public Speaking තරඟාවලියේ දෙවන ස්ථානය හිමි කර ගත්තා. මම සංගීතයටයි , Public Speaking යන අංශ දෙකටම ගොඩාක් ආසයි වගේ ම දක්ෂයි. මම පසුගිය වසරේ ඕමාන්වලදී ළමා මෙහෙකාර සේවය ගැන කථා කළා. ඒ ගැන එහේ ගොඩාක් දෙනෙක් මට ප්‍රසංශා කළා. ඒ ගැන මට ගොඩාක් සතුටුයි. ඒ වාගේ ම මම ඕමාන්වල කථික තරඟවලටත් සහභාගී වෙනවා. චෙස් ක්‍රිඩාවටත් යොමු වෙලා ජයග්‍රහණත් හිමි කර ගෙන තියෙනවා.
ඕමාන්වල මානසික රෝහලට ආධාර කිරීමට "Not Alone" සංවිධානය මඟින් සිදු කරන සංගීත වැඩසටහනනටත් මම සම්බන්ධ වෙලා ඉන්නවා. ඒ වාගේ ම මම ඕමාන්වල තියෙන විවිධ සමාජ වැඩසටහන්වලට සම්බන්ධ වෙලා මගේ හැකියාවන් තුළින් අසරණ මිනිසුන්ට උදව් කරනවා.
කුඩා දරුවකු ලෙස ඔබට මෙවැනි ජයග්‍රහණයක් හිමි කර ගන්න බොහෝ දෙනෙක් උදව් වෙන්න ඇති ?
මේ තරඟයට අයදුම් කරලා තේරුණා දිනයේ ඉඳන්ම මම මගේ ගීත ගායනවල තිබෙන අඩුපාඩු හදා ගත්තා. නැත්නම් මට මේ තරම් ජයග්‍රහණයක් ලබා ගන්න බැහැ. මුලින්ම මගේ අම්මා, තාත්තා , මල්ලිට , නැදෑයින්ට , මට උදව් කළ මගේ මව්පියන්ගේ හිතමිතුන්ට විශේෂයෙන් ස්තූතිවන්ත වෙනවා. ඕමාන් මස්කට්හි Sri lankan school හි විදුහල්පතිතුමිය ඇතුළු ගුරුවරු සියල්ලටම ස්තූතිවන්ත වෙනවා , ලංකාවේ වගේ ම වෙනත් රටවල ජීවත්වන මට සංගීතය උගන්වා අඩු පාඩු කියලා දුන්න සෑම ගුරුවරයකුටම ස්තූතිවන්ත වෙනවා.
ඔබගේ ඉදිරි අනාගත අරමුණු පිළිබද කථා කළොත් ?
මගේ අම්මයි තාත්තයි මට කවදාවත්ම කිසිම දෙයක් කරන්න බල කරන්නේ නෑ. ඒ ගොල්ලෝ දන්නවා මම මගේ අධ්‍යාපන කටයුතු කඩා කප්පල් කර ගන්නේ නැතුව ගායනය සහ අනෙක් බාහිර ක්‍රියාකාරකම් කරනවා කියලා. මගේ මව්පියන් මාව හොඳීන් හදුනා ගෙන සිටීම ගැන මට ගොඩාක් සතුටුයි. සංගීතය තුළින් මිනිසුන්ගේ සිත් සතුටු කරන ගමන් ඉගෙන ගත්ත දෙයකින් ලෝකයට සේවයක් කරන්න මම බලාපොරොත්තු වෙනවා.