මාරු වුණාම කොහොමද?

ජනවාරි 23, 2020

 

රෝහණ බැද්දගේ සහ බන්දුල විජේවීර කියන ජෝඩුව ගැන ආයෙ ඉතින් අමුතුවෙන් කියන්න ඕන එකක්යැ. මේ දෙන්නව මාමයි බෑනයි විදිහට රටම හඳුනනවා. මේ කියන්න හදන්නෙ තවත් රෝහණ බන්දුල යුවළක් ගැන. දෙවැනි රෝහණ සංගීත විශාරද ආචාර්ය රෝහණ වීරසිංහ. බන්දුල කිව්වෙ බන්දුල නානායක්කාරවසම්ට. රෝහණ වීරසිංහ අති දක්ෂ සංගීතවේදියෙක්. ඔහු හදපු ගීත ප්‍රමාණය මෙතෙකැයි කියන්න බැහැ. කෙටියෙන්ම කිව්වොත් ගීත බැංකුවක්. බන්දුල නානායක්කාරවසම් අතිශය ජනපි‍්‍රය ගීත රැසක රචකයෙක්. මේ දෙන්නා තමන්ගේ අංශ යටතේ දස්කම් පාමින් සිටිනවා. හදිසියේම ඔවුන් තමන්ගේ රාජකාරි මාරු කොට ඇති වගට ආරංචියි. වින්දන සහ කල්පන ආරියවංශ කියන දෙසොහොයුරෝ අධ්‍යක්ෂණය කළ රූකඩ පැංචි සිනමාපටය නිසයි රෝහණත් බන්දුලත් රාජකාරි මාරු කරගෙන තියෙන්නේ.

චිත්‍රපටයේ හරි අපූරුවට බන්දුල රඟපානවලු ගණකාධිවරයකු හැටියට. බන්දුල චිත්‍රපටයේ ගීත රචනයට දායක වෙලා නැහැ. ඒකටත් හරියන්න මෙච්චර කල් සංගීත කටයුතු කර කර හිටිය රෝහණ සින්දු ලියලලු. රූකඩ පැංචි තිරගත වෙන කොට රෝහණගේ ගී පදවල අලංකාරයයි බන්දුලගෙ රංග හැකියාවයි දෙකම බලා ගත හැකියි.