තිලාගේ සරසවියේ ඩය-රියupdate ...

හොරෙන් කියවලා බලන්න....
ජනවාරි 30, 2020

අද ජනවාරි 22 බදාදාය ....

අද මතක්වුණේ අපේ ඉනෝකා සමරවික්‍රම ගේ උපන් දිනය ඊයේ.....

අපි ආදරේට කියන්නෙ හීන් කෙල්ල කියල....

ඉතින් ඉනෝකා අකුරුවලින් සෙල්ලම් දාන්න හරි දක්ෂයි...

ඉමෝකා අකුරු කරපුවා තමයි සිළුමිණ සිත්මල් යාය සිළුමිණ රසඳුන ගීයක අරුම

ඉමෝක සිත්මල් යාය ලිපියට කරුණු හොයන්න හරියට මහන්සි වෙනවා... කඳු පාත් වෙනකම් ඇවිදිනවා...

ඉමෝකා ලියන කවි කෙටිකතා මාරම තමයි... ළඟදී දැක්ක කවියක්....

කොළඹට වැස්ස 
මේ දැනුත් වහිනවා 
පෙර දවස් වාගේම... 
ඒ හඬට කන්දෙමින් 
සිතින් දකිනෙමි වැස්ස...

අව්ව වැසි වගක් නැති 
ෆෙලිකන්ලා තෙමෙනවා ඇති 
විදුලි කණු උඩ ළැඟ ඉන්න... 
වැහි වලාකුළු අස්සේ 
නෙළුම් කුලුනත් සැඟවිලා ඇති... 
වෙනදා වාගෙම ලතාවට 
මල් නැතිව කොළ පිරුණ 
ඇහැළ ගස් පෙළ වැනෙනවා ඇති...

වැසි වැටෙන 
සිරි සිරි හඬට 
නැඟිට යන්නට සිතෙයි 
කවුළුව අද්දරට 

“හැමතිස්සෙම වහිනකොට 
වැස්සෙ වුණත් නැහැ හැඩක්”

සිත තරවටු කරයි 
නොයන ලෙස කවුළුව අසලට.... 
හින්කෙල්ලට සුබ උපන් දිනයක්....

අද ජනවාරි 23 බ්‍රහස්පතින්දාය .....

අද ආවේ මාර ප්‍රවෘත්තියක්... මාතර පැත්තෙ රෝහලක බඩේ අමාරුවක් සම්බන්ධව පිරිමි නමකින් රෝහල් ගත කරපු අයෙකුට බබෙක් හම්‍බ වෙලා... පසුව දැනගෙන පිරිමියෙක් නෙවෙයි කාන්තාවක් කියලා....

තිලා ටිකක් බය වෙලා හිටියෙ..

අපි එක්කත් ඉන්නවා ඔය ⁣පැත්තෙ දෙන්නෙක් විතර කල්පනාවෙන් ඉන්න ඕනේ...

අද ජනවාරි 24 සිකුරාදාය...

ශ්‍රී ලාංකාවේ මුල්ම කතානාද චිත්‍රපටයට වසර 73ක් ...

1947 ජනවාරි 21 වැනිදා ජ්‍යෝතිෂ් සිංහා අධ්‍යක්ෂණය කළ ‘කඩවුණු පොරොන්දුව’ තිරගතවුවා කියා තිලා අසා තියෙනවා...

එමෙන්ම ජාතික චිත්‍රපට සංස්ථාව පිහිටුවා එදිනට වසර 48ක් ද වෙනවාලු...

ඉතින් තිලා හිතුව චිත්‍රපට ගැන ඒදාමෙදාතුර මෙහෙයක් කළ පුවත්පත් සඟරා නැවත තිලා අසා ඇති පරිදි මතක් කර දෙන්න..

විසිතුර, සුරතුර, දීපසිකා, පියකරු, සිංහල සිනමා ප්‍රදීපය, මේලා, තරුව, නිළිය, සකුරා, පරසතු, නව සිනමාව, රැගුම්, සමීප රූප, ඉසුරු දීප, සිනමා විත්ති, සි⁣නෙරූ, සිනමාව, සිනමා සිහිවටන, සිතුවිලි, චලන, ලාලිත, මංජුසා, චිත්‍රපට විමසුම, කලා, හෙළ කලා, කාලින සිනමාව, සිසිලස, රස, ගීතා,සංගීතා, තරංගා, තිරතරු, සලරුව, සත්සර,

......සරසවිය .... 
තවත් තියෙනවා ....

අපේ ප්‍රවීණයන්ගෙන් අහල ආයෙත් ලියන්නම්‍...

අද ජනවාරි 25 සෙනසුරාදාය ....

වහාම මධ්‍යසාරවේදීන්ගෙ සංගමය වහා රැස්විය යුතුයි..

අද වන විට මධ්‍යසාරවේදීන්ට රට වෙනුවෙන් විශාල වැඩ කොටසක් කිරීමට සිදුවී ඇති බැවිනි...

පැය විසිහතර පුරාවට බාර් හා මධ්‍යසාර හල් විවෘත කිරීමට බලධාරීන්ට බලකළ යුතුයි ...

ඕනෑම තැනකින් කාන්තාවන්ට මධ්‍යසාර ගැනීමට අවසර දිය යුතුයි

වහා මධ්‍යසාර මිල වතුර බෝතලයකට වඩා මිල අඩුකළ යුතුයි ....

චීනයේ සිට පැමිණෙන විදේශිකයන් හා අපේ අයට ගුවන් තොටුපොළේදි මධ්‍යසාර භාගයක් නොමිලේ පිරි නැමීම කළ යුතුයි....

විශේෂයෙන්ම සියලුම මධ්‍යසාරවේදීන් රිලෝඩ්‍ දමන්නාසේ නිතරම මධ්‍යසාර ලෝඩ් කරන්න වෙනවා අපි අසනීප වුණොත් ඔක්කොම විනාශයි.....

අපේ රැස්වීමට ප්‍රධාන හේතුව කොරෝනා වෛරසය මැඩපැවත්වීම මධ්‍යසාරවලින් කළහැකි බවට සොයාගෙන තියෙනවා කියල ආරංචි වීම ........

අද ජනවාරි 26 ඉරිදාය .....

කොරෝනා ආවට අවුලක් නෑ කියල තමයි වැඩිපුර කතාවෙන්නෙ..

අපිත් එක්කම ඉන්නවා 
වැඩ කරන්නේ නැතිව ⁣වැඩ කොරෝනලා 
ප්‍රධානින්ට කනට කොරෝනලා 
වැඩේ අරන් විසි කොරෝන ලා 
කූට වැඩ කොරෝනල 
කොටවන වැඩ කොරෝනල 
කකුලෙන් අදින වැඩ කොරෝනල 
ඊර්ෂ්‍යා කොරෝනල 
හොරකම් කොරෝනල 
යටිකූට්ටු වැඩ කොරෝනල

එකී මෙකී නොකි කොරෝනාල චීන කොරෝනාට වැඩිය භායානක මාරාන්තික වෛරස් එකක් තමයි......

හැබැයි ඉතින් චීනෙන් ආපු ඔර්ජිනල් එකම දෙය වෛරස් එක විතරයි... එකත් පහුවෙන කොට බාල වෙයිද දන්නෙනෑ...

නැත්නම් අපේ අයට කරන්න තියෙන්නෙ නයි මස් කාලා හැදුන නිසා මුගටි මස් කන්න.....

අද ජනවාරි 27 සඳුදාය .......

පසුගිය දවසක එඩ්වඩ් අයියා - චරිත අක්කා හමුවුණා චිත්‍රපට සංස්ථාවේ උත්සවයෙදී...

හමුවුණු එඩ්වඩ් අයියා “මල්ලිගෙ ඩය-රියඋනඤචබඥ එක කියවනවා අපිත්....”

“මල්ලි අපේ මාරම්බරිට අවුරුදු 10 ක්..” (මාරම්බරි සංගීත ප්‍රසංගය) එහෙම කිව්වෙ චරිතා අක්කා ......

ඒ නිසා ප්‍රසංගයක් පවත්වනවා... තවත් අය එකතුකරගෙන ලබන 31 දින හවස  B.M.I.C.H  එකේ...

එකතු වෙන කට්ටියේ හැටියට ෙ⁣ම් ප්‍රසංගය ඊළඟ දසවසර වෙනකම් මතක තියේවි .....

මාරම්බරිට තිලාගෙන් සැලියුට්‍ .....

අද ජනවාරි 28 අඟහරුවාදාය .....

අපේ දීපාල් කතා කළා... අපේ ඡායාරූප ශිල්පීන්ගේ සංගමයේ බර කරගහල ඇදගෙන යන්නෙ දිපාල් තමයි...

කතාකරේ නම් අලුත් වැඩකට... මචං වැඩෙ කල්ගියා කොරෝනා නිසා... වැඩෙ කිව්වෙ දීපාල් ඇතුළු ඡායාරූප ශිල්පීන්ගේ සංගමය ජාත්‍යන්තර ඡායාරූප ශිල්පීන් ⁣⁣⁣(රටවල් ගණනක) ගෙන්වලා ටිකක් වෙනස් වැඩක්......අපි ඒ වෙනස් වැඩේ කරනකම් බලාගෙන ඉමු ...

අපේ නෙත් එකේ පත්තර මල්ලිගේ උපන් දිනෙත් අද... (නුවන් ලියනගේ) නුවන් ගැන තිලා මුල් කාලයේ ඩය-රියඋනඤචබඥ ලියල තිබුණා... දැන් ඔය පත්තර විස්තර කියවන අය ගමකට හිටියට මුලින්ම පටන් ගත්තේ නුවන්...

අද දවසෙත් පත්තර විස්තර ඇහුණා ....

මචං උඹට සුබ උපන් දිනයක්.....

තිලා-ක්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
12 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.