තිලාගේ සරසවියේ ඩය-රියupdate ...

හොරෙන් කියවලා බලන්න....
පෙබරවාරි 6, 2020

අද ජනවාරි 29 බදාදාය ....

සුන්දර කවි ලිය ලිය හිටපු ඇස, කන, නාසය චිකිත්සකවරියන්ගේ කනෙන් රිංගපු දන්ත චිකිත්සාව පිළිබඳව උනන්දුව ඇති ආරෝග්‍යා පුවත්පතේ නුවන්තිගේ (නුවන්ති කුලරත්න) ජීවන කවිය අලුතින් ලියනවා කියල දන්වලා තිබුණා.. අපි දත් මැදගෙන හිටියා....

ඒ දිනේ උදාවුණා... නුවන්ති හා සුදේෂ්ගේ මහා සරණ මංගල්‍යයට යාමට...

ස්වර්ණාගේ සැමියා සිරසෙ විරාජ්ගේ සපාරියේ, තරුණි පුවත්පතේ සම්‍මානලාභි ලේඛිකා චම්පිකා දීපානි... දර්ශි තමයි ගමන ගියේ... යක්කලට....අපේ ගජයො ගොඩක් ඇවිත් නුවන්තිව අඳුරගන්නත් බැරිවුණා.....

අල්ලපු මේසයෙන් ඇහුණ ඔපාදුප නුවන්ති හැඩයි... වෙනදාට වැඩිය කෙට්‍ටුයි ...

ඇයි බං සුදේශ් ලස්සන නැත්ද බලපං මුණපුරා රැවුල ඔහොම කොල්ලො දැන් නෑ බන්....

දැන් කොල්ලන්ගෙ රැවුල වැවෙන්නෙත් නෑ...

ඒක නෙවෙයි ආරෝග්‍යා වැඩමුළුවලට නුවන්ති දැන් යයිද දන්නේ නෑ....

එතකොටයි තිලාට මතක්වුණේ....

සුදේශ්ට ගෙදරට රේඩියෝ එකක් ඕනේ වෙන්නෙ නෑ...

ආරෝග්‍ය නඩේ ගමන් කිහිපයක්ම ගියා... මඩකලපු, හැටන්, වලපනේ වෛද්‍ය වැඩමුළුවලට... නුවන්ති ඉතින් වාහනයට නැග්ග වෙලාවෙ ඉදන් ආයේ ගේ ළඟින් බහිනකම් "කතාවයි සින්දුවයි"

එෆ්.එම් රේඩියෝවක් වගේ...

අද ජනවාරි 30 බ්‍රහස්පතින්දාය...

කොරෝනා බයවෙන්නෙ නැතිව අපට ගත හැකි ධනාත්මක විදියට හරව ගන්න ක්‍රම කිහිපයක් තිලාට හිතුණ.......

මචං චීන්නු බය වෙලා ඉන්නෙ කොරෝනාටත් වැඩි⁣ය අපිට දුන්නු ණය ගන්නේ කොහොමද කියල...

අපිත් කියමු උඹලගේ ලෙඩෙ තියෙන බර ගාණක් මෙහෙත් ඉන්නවා කියල එතකොට පොලිය නැතුව ණය විතරක් ගෙවන්න කියයි....

මචං ඔය ලෙඩෙ අපිට බෝ ⁣වෙන එකක් නෑ මොකද අපි දවසෙම ඉන්නෙ නයි අරින එවුන් එක්කනෙ.....

මචං අපේ ඔෆිස් එකේ චීනෙ ටුවර් මරාගත්ත එවුන් ඔක්කොටොම වීසා- ටිකට් ෆී‍්‍රි දෙමුද.....

මචං...ඩෙංගු නිසා පරිසරය පිරිසිදු නොකර අපේ වතුර බහින කාණුවට කුණු දාන අල්ලපු ගෑනි වෙන රටක ලෙඩකට මුකවාඩම්‍ බැඳන් වැඩට යනවා...

මචං මේ දවස්වල මුකවාඩම් දාගෙන පිකටිං කරන්න වෙන්නෙ රෙදි පාංකඩ ඔතාගෙන....

අපේ ඔෆිස් එකේ ඉන්නවා දත් මදින්නෙ නැති එකෙක් මෙන්න ඌත් මුඛවාඩමක් දාගෙන එනවා......

බීලා වාහන එලවන උන්ට මරු මුඛවාඩමක් දාගෙන ගිය හැකියි...

මචං කෙල්ල ඉන්න වෙලාවට පොර වගේ මුඛවාඩම ගලවපන් නැත්නම් බයගුල්ලෙක් කියල හිතයි.....

මචං මාමන්ඩියා කියල කෙල්ල හිතේ හයිය තියෙනවනම් ගෙදර එන්න කියපන් කියල...මම ඉතින් මුඛවාඩමක් නැතිව හෙට කෙල්ලගේ ගෙදර යනවා...

මචං අමතක වෙලා මුඛවාඩමක් දාගෙන බත් කෑව කියහන්කො....

මචං මටත් තිබුණේ චීන කෙල්ලෙක් බඳීන්න එහෙම කළා නම් අපේ වත්තෙ නයි පොලොන්ගු විතරක් නෙවෙයි කෘමියෙක් වත් ඉතිරි වෙන්නේ නෑ...

මචං ඒ වුණාට අපි චීනෙට උදව් කරමු - අනුකම්පා කරමු...

පස්සෙ මචං අපි අපිටම අනුකම්පා කරගෙන පරිසරය පිරිසිදුව තබමු...

මොකො ඩෙංගුත් මාරාන්තිකයි මචං..

අද ජනවාරි 31 සිකුරාදාය...

මහා බ්‍රිතාන්‍යයේ හැරි කුමරු රාජකීය නම්බු නාම, වරප්‍රසාද, නිලතල, අත්හැර බිරිය දරුවන් සමඟ සාමාන්‍ය විදිහට ජීවත් වෙන්න තීරණය කරල.....

තිලා බැලුව කුමරු ඇයි එහෙම අයින් වෙන්නෙ කියලා... රාජකිය නීතිත් එක්ක බැලුවම හිතුණා මෙච්චර කාලයක් හරි කොහොමද හිටියේ කියල....

ඔන්න එහෙනම් .......

රක්ෂාවක් නැතිව කෙල්ලො අකමැති වන තිලා⁣ට වගේ නෙවෙයි

රජ ⁣පෙළපතේ අයට රක්ෂා කිරීම සම්පූර්ණ තහනම්...

ඒවගේම රජපෙළපතේ අයට හැර ඒ අයව වැලඳ ගැනීම ස්පර්ශ කිරීම සම්පූර්ණ තහනම්ලු...

ඒවගේම තමන්ගේ අත්සන සටහන් කිරීම (සමරු සටහන්) තහනම් ...රාජකීය ලිපිවලට පමණයිලු....

ඒ වගේම මාළු කෑමත් තහනම්ලු...

ඒ වගේම රජ පෙලපතේ යුවළකට ප්‍රසිද්ධියේ අත් අල්ලගෙන යාම ආදරය කිරීම, වැළැඳගැන්ම තහනම්ලු...

රජ පෙළ ප⁣තේ අයට එකට විමෝද ගමන් සංචාරයක් යාම තහනම්ලු...

කෑම මේසයට පවා අංග සම්පූර්ණ ඇඳුමෙන් පැමිණිය යුතුයිලු...

කාන්තාවන් අනිවාර්යයෙන්ම හිස් වැසුම් පැලඳීය යුතුයිලු

රැජින කෑම ගැනීම (කෑම මේසයේ) නැවැත්වු පසු අන් අයට කෑම ගැනීම තහනම්ලු...

රජ පෙළපතේ කිසිම අයෙකුට ඡන්ද අයිතිය නැතිලු.....

(තවත් ඇති මතකෙන් ලිව්වෙ...)

අම්මෝ ...ඔය නීති ටික තියාගෙන පුදුමයි මෙච්චර හරි හිටියා...

තිලාට නම් පිස්සු හැදෙයි..

අද පෙබරවාරි 01 සෙනසුරාදාය .....

අපේ සාලියයි දුෂ්මන්තයි මේ දවස්වල එළවළු වගාව පිළිබඳ උනන්දු වෙනවා... ඉතින් අහුවෙන පැළ හා බීජ දෙන්නා බෙදාහදාගන්වලු... තිලා දැනගත්තේ ඊයේ ඉතින් සාලිය ගෙනත් දුන්න වඳුරු මෑ කියල ජාතියක් දුෂ්මන්ත පැළකරල පළදාවත් හොදයිලු... හරි ගුණ කෑමක් කියල තිලාටත් ගෙනත් දෙන්නම් කිව්වා..

යෝධ බල යෝධ ශක්තිය ලැබෙනවද දන්නෙ නෑ.....

අද පෙබරවාරි 02 ඉරිදාය ...

මෙගා ටෙලි මෙතරම් ජනප්‍රිය වෙන්න හේතුව බලනකොට තිලාට ⁣හිතුණා දේවල්....

පවුලේ හැමටම එහි චරිත තිබීම...

එන එන විදිහට ගහු උළුවස්සා කියනව වගේ කතාව එන එන විදියට ගොනුකිරීම...

නිතර රණ්ඩුවන වයසක අය සිටීම...

මායියව සැක කරන සැමියෙක් සහ සැමියව සැකකරන මායියෙක් සිටීම...

තුන් කොන් ආදරයක් තිබීම...

කවදාවත් පවසන්නේ නැති ආදරයක් තිබීම...

කටකාර පුංචි දරුවෙකු සිටීම.....

සත්‍ය ප්‍රේමය ජයගන්නා තෙක් පෙම්වතුන් පෙම්වතියන් බලාසිටීම...

චිත්‍රකතාවල වගේම අවසානයේ හෙට දිනට කුතුහලය දනවන දෙයක් තිබීම...

තවත් හේතු තියෙනවා...

අද පෙබරවාරි 03 සඳුදාය ...

දැවෙන ප්‍රස්න වගයක් හමුවුණා උත්තර හොයන...

පොල් තෙල් හදන්නේ පොල්වලින් නම් බේබි ඔයිල් හදන්නේ මොනවා වලින්ද..

කැලේ හැදුණ ටාසන්ගේ රැවුල නැත්තේ ඇයි

I love you කියන්නෙ උත්තරයක් නම් ඇයි එකට උත්තරයක් බලාපොරොත්තු වෙන්නේ...

ගම් දාලා තියන බොතලේ ගම් ඇලෙන්නේ නැත්තේ ඇයි...

Cakeවලට සිංහලෙන් කියන්නේ මොකක්ද?...

ඔරලෝසුව හොයාගත්ත එකා ඒකෙ වෙලාව හැදුවෙ මොකෙන් බලන්ද.

හඳ මාමා වයසට නොයන්නෙ ඇයි.....

ඒවට නම් තිලාටත් කට උත්තර නෑ......

අද පෙබරවාරි 04 අඟහරුවාදාය ...

අද අපිට නිදහස ලැබිලා වසර 72 වැනි සැමරුම... වෙවර නැති වුණත් වෙනදට තිලා කැමරාවත් අරන් එතන...

තිලාට මාහාචාර්ය සුනිල් ආරියරත්නයන් රචිත නන්දා මාලනිගේ බයිල ගීතය මතක්වුණා.......

මාස්ටර් බයිලා අපෙ ගෙතු රස කරලා 
ඇහිද ගනිල්ලා මේවා නිදහස් බයිලා 
කතරට සහරා ගලන ලෙස රස දහරා 
එලිසම නොමරා ගයමු නිදහස සමරා 

තිලා-ක්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.