තිලාගේ සරසවියේ ඩය-රියupdate ...

හොරෙන් කියවලා බලන්න....
පෙබරවාරි 13, 2020

අද පෙබරවාරි 05 බදාදාය...

අද ටිකක් දවල් වෙනකම් නිදාගත්තා ....

අවුරුද්දට නිදහස් දින තියෙන්නේ එකයි... ඒක ඊයේ තිබුණේ... දැන් නැගිටිනවා මායිය කියපි...

"ඊයේ රජයෙන් දුන්න නිසා මාත් ටිකක් නිවාඩු දුන්නා..."

දැන් එනව සුද්දගේ කාලෙ වගේ වැඩ ටික කරනවා...

බලධාරීන්ගෙන් බේරුණත් මායියගෙන් බේරිලා බොරු... ඒ නිසා තිලා හිමිහිට ලැහැස්ති වෙලා වැඩට ආවා.......

 

ආවට පස්සෙ අපේ උන්

" ඊයේ ගෙදරට වෙලා නිදහස සැමරුවා නේද.."

" හවස් වෙනකොට බැරිවුණා මචං වචනයක් වැරදිල නිදහස නැතිවෙලා ගියා මචන්"

ඔව්‍ මචං කෑම ටික ළඟට

වතුර එක ළඟට

තේක ළඟට

තව මොනවද ඔයාට ගෙනත් ඕනෙ.....

මායිය අහුවා...

ඕන ඒවා අද බැහැනේ වහල හැමතැනම .....

නිදහස නැතිවෙලා සාමෙත් නැතිවෙලා ගියානේ ....

 

අද පෙබරවාරි 06 බ්‍රහස්පතින්දාය.....

අද උදේ කලණයා (රංගන ශිල්පි කලණ ගුණසේකර) කතා කළා... අයියේ මම අරුණ අයියාටත් කතා කළා....

"පින්තූරේ මරු අයියේ කියන්න වචන නෑ....."

මේ දවස්වල වැඩ අයියෙ... සීගිරියේ ඊයේ මාර වැඩක් වුණානේ අයියේ... මම රෑ පුංචි වෙලාවක් ඇලයක් දාන්න කියල ළඟ ගෙදරට ගියා....

ඒක දර්ශන ගත්ත ගෙයක්... ඇතුළට ගියා විතරයි වැටුණා කියන්නකො අයියේ අඩි තුන හතරක වළකට....

මම දන්නෙ නෑ අපේ උන්

සෙට්‍ එකේ වලක් කපල තියලා.......

වලකට වැටුණට 2020 සිනමාවෙන් නම් කලණ ගොඩ ......

එකම චිත්‍රපටයක්වත් ප්‍රදර්ශනය නොවී චිත්‍රපට 10 වැඩිය ඉවර කරලා...

බහුචිතවාදියා , train to kanday, ඉක්කා, මුරුගසන්නිය, නයිට් රයිඩර්, වියසිදුර, වෙඩි නොවදින ළමයි, සූස්ති (පිටපත් රචනයත් කලණ), දුර දිග මිසයිල, යූරෝ, ප්‍රධාන චරිතවලට අරගත්ත ඒවා විතරයි මේ..ඔක්කොම ප්‍රධාන චරිතලු .....

2020 සිනමාවේ පොර කලණද ⁣......

 

අද පෙබරවාරි 07 සිකුරාදාය ...

අපේ අජියා (අජිත් සෙනෙවිරත්න) මාධ්‍ය ⁣ ඡායාරූපකරණයේ බඩ පිනුම් ගහපු එකෙක්...

අතීතයේ දවසක එක්තරා කොළඹ උද්ඝෝෂණයකදී දවසක එක්තරා ආරක්ෂක (ආරක්ෂකයන් වගේ ඉන්න පහරදෙන්නෝ) අංශයක් විසින් මාධ්‍ය ඡායාරූප ශිල්පීන්ට පහර දීලා කැමරා හා ⁣දලසේයාපට පැහැරගත් මොහොතේ ඉතා සූක්ෂම ලෙස අජි කැමරාව බේරාගෙන එය ඡායාරූප ගතකර (ආපු මැරයන්ව) තිබුණා... ඒ ඡායාරූපවලින් තමයි ඔප්පු කරගත්තෙ කවුද චරිත ටික කියලා..

අජ්ජා උඹට සුබ උපන් දිනයක්..

 

අද පෙබරවාරි 08 සෙනසුරාදාය ...

හිතට වැදුණ කතාවක් තිලා අහුල ගත්තා......මිනිස්සුන්ට මෙහෙමත් වෙනවා...

 

ලොකු පුතා 
‍කොළඹ මේසන් වැඩ කරේ 
‍ලොකු පුතාගේ නෝනා එයාව දාලා ගිහින් 
දරුවො ටික මමයි මගේ නෝනයි 
බලාගත්තේ...

 

මීට අවුරුදු හතකට විතර 
පණිවිඩයක් ආවා 
‍ලොකුපුතා වැඩ කරන තැන 
පලංචියෙන් වැටිලා කියලා.. 

 

මම ඇදන් හිටපු ඇඳුම පිටින් 
දුවලා ඇවිත් ඵන කොච්චියට නැග්ගේ 
ඉක්මනට කොල්ලට මොකද උනේ කියලා 
බලන්න ‍කොළඹ ඵන්න..

 

මගේ අතේ සල්ලි නෑ නේද කියලා දන්නේ 
‍කෝච්චියට නැගලා මගක් යනකොට 
මගේ කරුමෙටම ‍කෝච්චියේ ටිකැට් චෙක් 
කොරන මහත්තුරු ඇවිත් ටිකට් ඉල්ලුවා ..

 

ටිකට් නැති නිසා මාව ඊළඟ ස්ටේෂන් ඵකට 
බාර දුන්නා 
මම විස්තරේ කොච්චර කීවත් 
කවුරුත් ඇහුවේ නෑ 
පස්සේ මාව උසාවි දැම්මා 
දඩේකුත් ගැහුවා ..

 

රුපියල් 2500ක්ද කොහේද 
අතේ සතපහක් නැති 
මම කෝම දඩ ගෙවන්නද 
ඊට පස්සේ මාව 
හිරේට දැම්මා..

 

අවුරුදු 7ක්ම මම හිරේ 
‍ගෙදර ගෑනි ලොකුපුතාට 
‍මොනවා වෙලාද දන්නේ නෑ 
‍මේ නිදහස් දිනේට මාව ඵලියට දැම්මා..

 

නිදහස හරිම සුන්දරයි මහත්තයෝ 
මම යන්නම්......... 
ඇත්තද නැත්තද දන්නෑ මිතුරේ ... 
අහුලගත් කතා ..... 
ඒත් සෝචනීයයි.......

 

අද පෙබරවාරි 09 ඉරිදාය .....

අද තිලාට වෙන්නප්පුවේ යන්න වුණා...

ඒ රංගන ශිල්පී-ශිල්පීනියන්ගේ ක්‍රිකට් තරගයකට... නීතීඥ ඇලෙක්ස් නිශාන්ත පදනම විසින් සංවිධානය කරල තිබුණා..

තිලා ගියේ සමෝජාගේ ආරාධනයට ...

තිරෝමි සමෝජ බිබිලේ අපේ සිනමාවෙ ප්‍රවීණ රංගන ශිල්පිනියක්... මංගල තෑග්ග චිත්‍රපටයේ රංගනය තමයි අපි ඇස් උඩ දාගෙන බලගෙන හිටියේ....

පසු කාලෙක තිලාත් බොහොම කිට්ටුවෙන් ඇසුරු කළා.....

සමෝජටත් ළඟදි මාර වැඩක් ⁣වෙලා... පසුගිය දවසක රෑ කෝල් එකක් ඇවිත් ලියන්න බැරි දෙවල් කියලා.. .සමෝජත් නිකං ඉඳල නෑ...

පසුවදාම පොලිසියට පැමිණිලි කරලා රහස් පොලීසියටත් බාරදීලා... ටික දවසකින් මිනිහ දැනගෙන... රංගන ශිල්පියෙකුත් වැඩේට සම්බන්ධ වෙලා ....

ඔන්න රංගන ශිල්පිනියන⁣ට කතා කැත කතා කියන්න ගියොත් කොහෙන් හරි මට්ටු...

ක්‍රිකට් තරගයේ විස්තර ලියන්න පිටුව ඉඩමදි

 

පෙබරවාරි 10 සඳුදාය....

අපේ ෆවුස් කියන්නෙ දිනමිණ ක්‍රීඩා මාධ්‍යවේදීයෙක්...

පොර කලින් පොත් කිහිපයකුත් කළා... මේකා තිලාට වැඩිය හොදට සිංහල ලියනවා....

ළඟදි අලුත් ගීතයක් කරල....

 

කන්ද උඩින් හඳ පායාලා... 
ගම්මානෙම එළිය කරනවා... 
ඔබ එනතුරු ඇස් දල්වාලා 
හිත් පොඩිත්ත කළුවර වෙනවා... 
මා ළඟින්ම දැවටි දැවටී 
වරු ගණන් ඔයා... 
මුළු ජීවිතේම හැබෑ නොවන 
හීනයක් කළා........

 

සංගීතය මුසුකලේ 
ආසෝක කෝවිලගේ ...

හඬින් ලස්සන කලේ අයෝමි පෙරේරා අහලම බලමු පොර වගේ ලිව්වට තිලා අහලත් නෑ තාම.....

 

අදපෙබරවාරි 11 අඟහරුවාදාය .....

අද උදේ පාන්දරින් පිටත් වුණා රන්මිණිතැන්න බලා... අපේ මාධ්‍ය සගයො ටික.. ඒ මහාචාර්ය සුනිල් අරියරත්යන්ගේ නවතම බයිස්කෝප් එක "කදිර දිව්‍යරාජ " රූ ගතකරන දර්ශන තලයට යාමට... වැඩේ සම්බන්ධ කළේ අපේ ඒ. ඩී රංජිත් කුමාර අයියා...

රස කතා ගොඩයි..

කොහොම හරි දවල්වන විට දර්ශන තලයට ආවා... මෙහි ප්‍රධාන චරිත භා⁣රත රංගන ශිල්පීනි සොනක්ෂි රාවනා... භාරත රංගන ශිල්පී සමර් විර්මානි... කැමරාකරණය නම් අපේ චන්න දේශප්‍රිය.. වැඩි විස්තර පසුව තමයි ලියන්න වෙන්නෙ...

තිලා-ක්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 15 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.