අකාලයේ මිලින වූ ග්‍රැමොෆෝන් ගීත කෝකිලාව

“අසෝකා දේවී”
පෙබරවාරි 13, 2020

 

පූර්ව සිනමා යුගයේ (1908-47) ග්‍රැමොෆෝන් ගීත ඉතිහාසයේ මෙරට බිහිවූ , ගායක ගායිකාවන්, ගීත රචකයන් සහ සංගීතවේදීන් ගේ ජීව දත්ත පිළිබඳව පර්යේෂණ කිරීමේදී හමුවන ප්‍රධානතම බාධකය වන්නේ, ඔවුන් පිළිබඳ ලියැවුණු ප්‍රාමාණික සහ විශ්වාසදායක ලිඛිත මූලාශ්‍ර ඉතා අල්ප වීම ය. අධ්‍යයන පහසුව සඳහා මෙම යුගයේ බිහි වූ ග්‍රැමොෆෝන් තැටි සඳහා ගීත ගායනා කළ ගායක ගායිකාවන් කාල වකවානු වශයෙන් (ජඩපධදධතධඨඪජචත) ප්‍රධාන කුලක තුනකට බෙදා වෙන් කළ හැකිය.

ඉන් පළමු කුලකය වන්නේ 1908-20 දශකය තුළ බිහි වූ නාඩගම් සහ නුර්ති ශිල්පීන්ය.නිදසුන් ලෙස ජෝගි පෑලිස් අප්පුහාමි, පාවුළු අප්පු, ඩබ්ලිව් වෙළුම් පෙරේරා, ජෝන් පෙරේරා, මේරි පෙරේරා, සිමෝනා පෙරේරා ආදී ශිල්පීන් ඝ. දෙවැනි කුලකය වන්නේ 1919-38 දක්වා කාලය තුළ බිහි වූ නුර්ති සහ නුර්ති තනු භාවිත කොට නුර්ති නොවන ගීත ග්‍රමොෆෝන් තැටි වෙනුවෙන් ගායනා කළ ශිල්පීන් කුලකය යි. ගනිදසුන් ලෙස ඇනී බොතේජු, ටි.පි.අල්මේදා, පර්ල් (ෆෝල්ඩ්) දසනායක, රෙජිනා පෙරේරා, ලක්ෂ්මි බායි, රොමානිස් පෙරේරා, එල්.එම් .සිල්වා, මැනුවෙල් තියෝගරත්න, රිචර්ඩ් මොරවක, ඩී.ආර්. පි අබේවර්ධන, සුසිලා ජයසිංහ, දොන් බැනඩික්ට් ආදී ශිල්පීන් ඝ. තුන්වැනි කුලකය ලෙස 1939-46 දක්වා "නවක ගායක-ගායිකා පරපුරක්" ලෙස බිහි වුණු ශිල්පීන් හදුන්වා දිය හැකි ය ගනිදසුන් ලෙස රුක්මණී දේවී , ග්‍රේටා ජනට් ද සිල්වා, සිසිලියානා ඩයස්, කෝකිල දේවී රත්නසභාපති, නිර්මලා, අසෝකා දේවී , අහමඩ් මොහිදීන්, මොහිදීන් බෙග්, කේ.කේ.රාජලක්ෂ්මි , වයලට් වීරකෝන්, පර්ල් වාසුදේවි, ඇම්. කේ. වින්සන්ට්, ඒ.ආර්.ඇම් ඉභාහීම්, ලීලාවතී, අනුලාවතී, ආනන්ද සමරකෝන් , එඩි ජුනියර්, එඩි ජයමාන්න ආදී ශිල්පීන්ඝ. ඉහත තුන්වැනි කුලකයට අයත් ඇතැම් ශිල්පීහු සිනමාව මෙරටට පැමිණි පසු ද ඔවුනගේ ජනප්‍රියත්වය සහ ස්ථාවරත්වය එක ලෙස පවත්වාගැනීමට සමත් වූහ.

එම ශිල්පීන් අතුරින්, රුක්මණී දේවී , එඩි ජයමාන්න්න, මොහිදීන් බෙග්, පර්ල් වාසුදේවි, ආනන්ද සමරකෝන් ආදීහු මුල්තැනක් ගනී. ඉහත තෙවැනි කුලකයට අයත් වන ගායක-ගායිකාවන් අතුරින් තවත් කණ්ඩායමක්, එක ජනප්‍රිය ගීතයක් හෝ ගීත ඉතා සීමිත සංඛ්‍යාවක් පමණක් ගයා 1940 දශකයේදීම, මෙරට සිනමා සංගීතය බිහිවීමට පෙර ම, ගායන ක්ෂේත්‍රයෙන් සමුගත්හ. එම කණ්ඩායමට අයත් ගායක ගායිකාවන්ගේ අසම්පූර්ණ ලැයිස්තුවක් පහත දැක්වේ. පාලි කුමාරි, ඉන්තම් ආමත්, නිර්මලා , අසෝකා දේවී, ගර්ටෘඩ් ජයතිලක, අසිස් කම්බාල්, සෙල්සි ද සිල්වා, මියුරියල් ජයසිංහ, ලිත්ති ප්‍රනාන්දු, ලන්තීනු ප්‍රනාන්දු,මේබල් ප්‍රනාන්දු , ග්‍රේස් සහබන්දු, දොන් සිමියොන්, දොන් හෙන්රි, පීටර් ප්‍රනාන්දු, හිල්ඩා ප්‍රේරා ආදීහු මෙම උපකුලකයෙහි දැක්විය හැකි ය.

මතු දක්වන ලද අසම්පූර්ණ ලැයිස්තුවට අයත් ගායක ගායිකාවන්ගේ විස්තර සෙවීමේ දී මතුවන ගැටලු කීපයකි. ඉන් පළමුවැන්න නම්, එම ගායක ගායිකාවන් පිළිබඳව වාචික තොරතුරු , සේයා රූ (ග්‍රැමොෆෝන් ගීත පොත්, තැටි කවර සහ ලේබල) හෝ අනෙකුත් ලිඛිත මූලාශ්‍ර අල්ප වීම, නොමැති වීම හෝ එවැනි මූලාශ්‍ර නිසි පරිදි සංරක්ෂණය නොවීම ය. දෙවැනි කරුණ නම්, එම ගායක ගායිකාවන් ගෙන් ඇතැමුන් ගායන ලොවෙහිදී "අන්වර්ථ නාමයන්" ගෙන් (උදා: රානි- නිර්මලා-අසෝකා දේවි )හැදින්වීම නිසා ඔවුනගේ නිවැරදි අනන්‍යතාවය සොයාගැනීමට අපහසු වීම ය. තෙවැන්න නම් එකී ශිල්පීන් ගෙන් ඇතැම් දෙනා එම යුගයෙදීම හෝ දශක ගණනාවකට පෙර කාලයත්‍රා කිරීම නිසා ඔවුනගේ නිවැරදි ජීව දත්ත සොයාගතහැකි මාර්ගයන් වැසී යාම ය.

ඉහත මා විසින් සටහන් කරන ලද ප්‍රස්තුතය යටතේ දශක අටකට පෙර ග්‍රැමොෆෝන් ගීත ලෝකය බැබැලු ගීත කෝකිලාවක් පිළිබඳ විස්තර මෙම ලිපියෙන් සටහන් කරන්නෙමි. "අසෝකා දේවී" නමින් ප්‍රකට වුණු මෙම ඛ්ර්‍ණඹ්උර්ඕධ්ඒ ගීත තාරකාව, 1940 වසරේදී ගීත ලොවට පිවිස, එම වසරේදී ම ගීත ලොවෙහි හිණිපෙත්තටම නැග, 1942 වසරේදී මෙලොවින් සමුගත්ත ද, ඇය විසින් පටිගත කරන ලද ගීත අතළොස්ස අතුරින් කීපයක් අදටත් අපේ පැරණි ගී ප්‍රිය කරන රසිකයන් විසින් මහත් අභිරුචියෙන් සිහිපත් කරන්නේ මෙරට ගීත ක්ෂේත්‍රයේ ඇය විසින් සනිටුහන් කළ අනන්‍ය මුද්‍රාව නිසාවෙන්ම ය. එතුමිය පිළිබඳ තොරතුරු ගවේෂණය කරද්දී, අපගේ පැරණි සිනමා නළු තිලක් පුෂ්පකුමාර මහතා විසින් එතුමියගේ ඥාති පුත්‍රයෙකු වන ලකී අබයරත්න මහතා අප වෙත හදුන්වාදෙන ලදී. එතුමාගෙන් දත් තොරතුරු අනුව "අසෝකා දේවී" ලෙස ගායන ලෝකයේ වැජඹුණු ගීත තාරකාව පිළිබඳව තොරතුරු මෙසේ අනාවරණය කරන්නෙමු.

"අසෝකා දේවී" ලෙස ගායන ලොවේ අන්වර්ථ නාමයකින් හැදින්වුවද, ඇයගේ සත්‍ය නාමය වුයේ "එව්ලීන් අබයරත්න" ය. දොන් චාල්ර්ස් සහ මේරි අබයරත්න දම්පතීන්ට දාව වර්ෂ 1921 දී කුරුණෑගල දී උපත ලද එව්ලීන් අබයරත්න, සොයුරු සොයුරියන් සිව් දෙනෙකුගෙන් යුත් පවුලක වැඩිමහල් දියණිය වූවා ය. බටහිර සංගීතය මැනවින් ප්‍රගුණ කළ ඇය , 1940 වසරේදී වැවිලිකරුවෙකු වූ බෙන් ප්‍රනාන්දු මහතා සමගින් විවාපත් වූවා ය. වර්ෂ 1940 දී ගවුස් මාස්ටර් ගේ සංගීත අධ්‍යක්ෂණය යටතේ පටිගත කෙරුණු ඛ්ර්‍ණඹ්උර්ඕධ්ඒ තැටි සමාගමේ ගායිකාවක ලෙස ලියාපදිංචි වුණු එව්ලීන් අබයරත්න "අසෝකා දේවී" ලෙස ගායන ලොවෙහි බෞතීස්ම කරන ලද්දේ එම සමාගම්ගේ නිත්‍ය ගීත රචක වූ, යු.ඩී පෙරේරා මාස්ටර් විසිනි. එතුමියගේ එකම සහ පළමු කේවල ගායනය වූ අතිශය ජනප්‍රිය ඉංගිරිසි ගීත තනුවක් වන "ජ්ධප ඩඥ 'ඵ ච ණධතතර ඨධධඤ ටඥතතධඹ" ගීතය ඇසුරින් ගැයුණු ලක්දිව සිද්ධස්ථාන පිළිබඳව වර්ණනා කෙරෙන ට්ඡ් 15049 අංකයෙන් නිකුත් වුණු "ධර්ම ද්වීපෙ රම්‍ය මේ" ගීතයෙන් ය ජනප්‍රියත්වයේ හිණි පෙත්තටම පැමිණියා ය.

ඇය විසින් 1940- 41 දක්වා පටිගත කළ සම්පූර්ණ ගීත සංඛ්‍යාව හතකි. එයින් එකක් ඉහත සදහන් කළ කේවල ගායනයයි. අනෙකවා යුග ගීත හයකි (එනම් ග්‍රැමොෆෝන් තැටි තුනකි). එම යුගයේ ඛ්ර්‍ණඹ්උර්ඕධ්ඒ සමාගමට බැඳී සිටි ජනප්‍රියම තරුණ ගායකයන් තිදෙනා වූ මොහිදීන් බෙග් සමගින් ගීත යුග්මයක් ද (ට්ඡ් 15047 අංකය යටතේ එක පසෙක "තණ්හා- රතී -රඟා" ගීතයත් අනෙක් පස "ශ්‍රී ශාක්‍ය -ශාක්‍ය -ශාක්‍ය රාජා" ගීතයත්), ස්ටැන්ලි මල්ලවාරච්චි සමඟින් ගීත යුග්මයක් ද (ට්ඡ් 15107 අංකය යටතේ එක පසෙක,"අමරා රූප මනෝහාරී " ගීතයත්, අනෙක් පස "ජීවන පුෂ්පේ" ගීතයත් ), එඩි ජුනියර් සමගින් ගීත යුග්මයක් ද (ට්ඡ් 15102 අංකය යටතේ එක පසෙක " මහමෙවුනා" ගීතයත්, අනෙක් පස " තෘෂ්ණා රසේ" ගීතයත්) අසෝකා දේවිය විසින් පටිගත කළා ය. 1942 වසරේ දී එතුමියගේ පළමු දරු ප්‍රසුතියේදී, ඉතා අවාසනාවන්ත ලෙස මෙම කලාකාරිය යන්තමින් දෙවිසිවස් සපිරෙද්දී ස්වකීය දිවිරඟමඩලින් සමුගත්තා ය.

එතුමියගේ අකල් මරණයෙන් දශක අටකට ආසන්න කාලයකට පසු තබන මෙම උපහාර සටහන වෙන් වන්නේ එතුමිය විසින් පළමුව පටිගත කරන ලද "තණ්හා- රතී -රඟා" යුග ගීතයටය. 1940 අගෝස්තු මාසයේ පටිගත කළ මෙම ගීතයේ එතුමියගේ සහාය ගායකයා වූයේ මොහිදීන් බෙග් මාස්ටර් ය. සංගීතය ගවුස් මාස්ටර් ගෙනි. 1940 අගෝස්තු මාසයේ නිකුත් වුණු ඛ්ර්‍ණඹ්උර්ඕධ්ඒ ගීත කැටලොග් පොතෙහි අසෝකා දේවියගේ සේයාරුවක් සමග මෙම ගීතයේ හදුන්වාදීමක් සිදු කෙරුණි. ඛ්ර්‍ණඹ්උර්ඕධ්ඒ ගීත පටිගත කිරීම් සලකා බැලු කල්හි මෙම ගීතය සංගීතමය භාවිතය අතින් වැදගත් සන්ධිස්ථානයක් ගන්නා ගීතයකි. මොහොමඩ් ගවුස් මාස්ටර් පළමු වරට පියානෝව සහ අනෙකුත් බටහිර වාද්‍ය භාණ්ඩ බහුලවශයෙන් භාවිත කළ පළමු ගීතය වන්නේ මෙම ගීතය යි. එසේම මෙම ගීතයේ පියානෝව වාදනය කළේ ද ගවුස් මාස්ටර් විසිනි. මෙම ගීතයේ ජනප්‍රියභාවය නිසා ගීත තැටිය වැඩි වශයෙන් අලෙවි වුණු අතර, 1942 වසරේදී නිල පැහැති ලේබලයෙන් එහි ප්‍රති නිකුතුවක් ද, වෙළෙඳපොළට එකතු විය.

 

පි : හා! තෘෂ්ණා- අරතී- රඟා

පා රඟ රඟේ පා නෙක් සිරී පිරී

පුන් පෝ දිනේ වෛශාඛ්‍ය හී..

හා ! තෘෂ්ණා

 

ගැ : සංග්‍රාමයෙන් පරාද වී

උන් වසවත් පිය හා සැදී..

 

ආ මාර දුහීතෘ කෝපෙන් දැවී..//

 

හා! තෘෂ්ණා- අරතී- රඟා

පා රඟ රඟේ පා නෙක් සිරී පිරී

පුන් පෝ දිනේ වෛශාඛ්‍ය හී..

හා ! තෘෂ්ණා

 

පි : සම්බෝධි ඤාණ පූර්ණ වූ

ඒ විදුරස්නෙ ස්වාමි වූ..

 

පින්වත් ස්වරූපෙ දැක්මෙනී...//

 

හා! තෘෂ්ණා- අරතී- රඟා

පා රඟ රඟේ පා නෙක් සිරී පිරී

පුන් පෝ දිනේ වෛශාඛ්‍ය හී..

හා ! තෘෂ්ණා ..

 

ගැ : සාධු ගුණේනි භීත වී

ඒ රාක්ෂසීන් උනුන් දැවී

 

ශාන්ති ගුණෙන් නොසෙල්වුණී....//

 

දෙ : හා! තෘෂ්ණා- අරතී- රඟා

පා රඟ රඟේ පා නෙක් සිරී පිරී

පුන් පෝ දිනේ වෛශාඛ්‍ය හී..

හා ! තෘෂ්ණා ..

 

මෙම ගීතය සංගීතමය භාවිතාව ඉතා විශිෂ්ට ය. ලලිතකලාවෙදිනි විශාරද දර්ශනී චන්ද්‍රසේන මහත්මිය පෙන්වා දෙන ආකාරයට, මෙම ගීතයේ මූලික වශයෙන් හින්දුස්ථානි යමන් මේලගත් රාග කිහිපයක් ඇසුරු කරගෙන දාදරා තාලයෙන් නිර්මිත ඉතා සුන්දර තනුවකි . බටහිර සංගීතයේදී මෙම තාලය "වෝල්ස් බීට්" යනුවෙන් හදුන්වනු ලබයි. එසේම මෙම හින්දුස්තානි සංගීතයේ කේදාර් රාගය සහ ගෞඩ සාරංගා රාගයේ සේයාවන් ගීතය පුරාවටම විචිත්‍රණය වන්නේ ය. එබැවින් මෙම ගීතයේ තනුව හින්දුස්ථානි රාග කිහිපයක සම්මිශ්‍රණයකින් නිර්මාණය වූවක් ලෙස පෙන්වා දියහැකිය. මෙම ගීතයේ බටහිර සංගීත භාණ්ඩ රාශියක් උපයෝගී කරගත් බවක් පෙනෙන්නට ඇත. ප්‍රධාන වශයෙන් පියෑනෝ ව භාවිත කර ඇති අතර, සැක්සෆෝනය, ට්‍රම්පට්, ඉංගිරිසි මැන්ඩලීනය, වයලීනය ආදී අනෙකුත් භාණ්ඩත් 1940 වැනි ඈත වකවානුවක ගීත නිර්මාණය සඳහා භාවිත කර ඇති අන්දම විස්මය ජනක ය.

මෙම ගීතයට පදනම් වූ මුල් හින්දි ගීතය උපුටා ගැනුණේ 1940 වසරේ "සාගර් මුවීටෝන්" සමාගමේ දැවැන්ත නිෂ්පාදනයක් වූ "අලිබබා" නම් හින්දි චිත්‍රපටයට ය. මෙහෙබූබ් ඛාන් (සුප්‍රසිද්ධ "මදර් ඉන්දියා" චිත්‍රපටයේ අධ්‍යක්ෂක) විසින් අධ්‍යක්ෂණය කළ මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කලේ සර්දාර්බායි අඛ්තාර් (මෙහෙබූබ් ඛාන් ගේ බිරිඳ), සුරේන්ද්‍ර සහ වහීදාන් බායි ය. සුරේන්ද්‍ර සහ වහීදාන් බායි විසින් ගායනා කළ "හම් -ඖර් -තුම් -ඖර් යේ ඛුෂි" නම් ගීතය ඉහත සිංහල ගීතයේ මුල් හින්දි ගීතය විය. ගීතය රචනා කළේ පණ්ඩිත් සිතපුරි විසිනි. සංගීතය අනිල් බිස්වාස්ගේනි. අනිල් බිස්වාස් පළමු වරට බටහිර තනු සහ හින්දුස්ථානි සංගීතය සම්මිශ්‍රණය කර නිර්මාණය කළ මෙම ගීතය අද දක්වාම හින්දි සිනමා ගීත ඉතිහාසයේ ද, සන්ධිස්ථානයක් ගන්නා ගීතයකි. අලිබබා චිත්‍රපටයේ ජනප්‍රියත්වය දෙගුණ තෙගුණ කිරීමට මෙම ගීතය සමත් විය. ඩ්ර්ඍ තැටි අංක ව් 15878 යටතේ මෙම ගීතය නිකුත් විය. මෙම චිත්‍රපටය හින්දි බසින් අතිශය ජනප්‍රිය වූ බැවින් අධ්‍යක්ෂක මෙහ්බූබ් ඛාන් පන්ජාබි බසින් ද එය 1941 වසරේදී නැවත නිෂ්පාදනය කලේ එම නළු නිළි පිරිසම යොදාගෙන ය. මෙම තනුවම පන්ජාබි බසින් ගායනා කළේ ද වහීදාන් සහ සුරේන්ද්‍ර විසිනි. අනිල් බිස්වාස් බටහිර සංගීතය සහ පන්ජාබි ජනසංගීතය ඇසුරු කරමින් මෙම තනුව නැවත එම චිත්‍රපටය සඳහා ද යොදා ගත්තේ ය.

මෙම ගීතය ගායනා කළ නිළි -ගායිකා වහීදාන් බායි ගැන වෙසෙසින් සඳහන් කළ යුතු ය. ඇය කවරෙකුත් නොව 1950-60 දශක වල හින්දි සිනමා තාරකාවක් වූ "නිම්මි" නම් නිළියගේ මව ය. එවකට ජනප්‍රිය ථුම්රි ගාය්කාවක මෙන්ම ජනප්‍රිය නිළියක ද වූ වහීදාන් බායි වඩා ප්‍රචලිත වුයේ ශාස්ත්‍රීය ගීත ගායිකාවක ලෙස ය. එවකට ජනප්‍රිය චිත්‍රපට සමාගමක් වූ "රන්ජිත් මුවිටෝන්" හි ගායිකාවක් සහ සහාය නිළියක ලෙස 1937 වසරේ සිට කටයුතු කළ වහීදාන් ඩ්ර්ඍ සහ කර්‍ණඋව්ට්ධ්ව්ච්ධ්ඒ ග්‍රැමොෆෝන් ලේබල සඳහා ශාස්ත්‍රීය ගීත රාශියක් පටිගත කළා ය. 1938-40 දක්වා රන්ජිත් මුවිටෝන් හි නිළියක -ගායිකාවක ලෙස ප්‍රසිද්ධියට පත් ඇය , 1940 දී සාගර් මුවිටෝන් සමාගමටද, 1941 දී මෙහෙබුබ් ඛාන් ගේ "නැෂනල් තියටස්" සමාගමට ද සම්බන්ධ වූවා ය. ඇයගේ බාල සොයුරිය වූ සිතාරා බායි නොහොත් ජ්‍යෝති ද එවකට ජනප්‍රිය නිළි ගායිකාවක වූවා ය. වහීදාන් බායි ද, අසෝකා දේවී මෙන්ම 1942 වසරේදී ක්ෂයරෝගය වැළඳීමෙන් අකාලයේ මිය ගියාය. 1937-42 කාලසීමාව තුළ වහීදාන් බායි චිත්‍රපට 11 කට දායක වූවාය. එම චිත්‍රපට 11 න් 8ට ය රංගනයෙන් දායක වූ අතර, එම චිත්‍රපට 11 වෙනුවෙන් ගීත 26ක් පටිගත කළා ය.

කාලයේ වැලිතලාවෙන් වැසි ගිය 1940 දශකයේ මෙරට ගීත අම්බරයේ පායා අකාලයේ බැස ගිය "අසෝකා දේවී" සිරිමතියටැහැ, හින්දි සිනමා තාරකාවක වූ අකාලයේ මිලින වූ "වහීදාන් බායි" කලාශිල්පිනියටැහැ මෙම සටහන උපහාරයක් ම වේවා!

 

විශේෂ ස්තුතිය :

ගීත තැටි සංරක්ෂක කුලසේකර මද්දුමගේ සහ මුදිත අභයගුණවර්ධන මහත්මාවරු , ගීතයන් හි රාග- තාල පිළිබඳ දැනුම්වත් කළ ලලිතකලා වේදිනි , විශාරද දර්ශනී චන්ද්‍රසේන මහත්මිය, "අසෝකා දේවි" මහත්මිය ගැන තොරතුරු සහ සේයාරු ලබා දුන් ලකී අබේරත්න මහතා සහ නීතිඥ හිරන්ති අමරසේකර මහත්මිය, තිලක් පුෂ්පකුමාර මහත්මා, අනිල්බිස්වාස් සංගීත වෙදියාණන් ගේ දියණිය වන ශිඛා බිස්වාස් වෝරා මහත්මිය සහ ඉන්දීය සිනමා විචාරක අරූන්කුමාර් දෙශ්මුඛ් මහතා

 

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 10 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.