තිලාගේ සරසවියේ ඩයරිය

හොරෙන් කියවලා බලන්න....
පෙබරවාරි 27, 2020

අද පෙබරවාරි 19 බදාදාය ......

අද වැඩ ගොඩයි ප්‍රසාද් තිලාවත් අදගෙන ගියා නෙහාරා පීරිස්ගෙ පින්තුර ගන්න .

කාලෙකට පස්සෙ ආයෙත් රංගනය පටන් අරන් හවස ඉතින් අපේ චතුරයාගෙ ආරාධනයෙන් තට්ටු දෙකේ ඉස්කොලේ චිත්‍රපටය බලන්න ගියා සුන්දර ගමක සුන්දර කතාවක්

“ මේ ලෝකේ වැඩියෙන්ම සතුටුවුණේ හැමදේම තියෙන අය නෙවෙයි පුතේ තියෙන දෙයින් සතුටුවන මිනිස්සු “.... එහි ⁣දෙබසක්

පොඩි හිටියන්ගෙ චිත්‍රපටයක් වුවත් වැඩිහිටියන්ටත් සුදුසුයි

කාලේකින් අපේ ගජයො ටිකක් හමුවුණා කෙතරම් සුන්දරද කියනව නම් ගෙදර එනකොට රැ දොළහත් පහුවෙලා...

අද පෙබරවාරි 20 අඟහරුවාදාය ....

අද උදෙන්ම තිලාගේ ඩය-රියඋනඤචබඥ පිටුවෙ (සරසවිය පුවත්පතේ) ළඟම ඉන්න සගයා යන්න ගිහින් ...වෙනින් කවුරුවත් නොව ලංක ඊඍ අන්දරය කොලම ලියන අනුර මාධව ජයසේකර...

ඒත් අනුර මාධව කරපු අනිත් වැඩත් එක්ක තිලාට වැඩිය ගව් ගනනාවක් දුරින් ..

ඔහුගේ නිර්මාණ අතර චක්‍රායුධය, මහතලා හටන, කිරි අම්මාවරු, පෑල දොරින්, සඳ අහසට ආදරෙයි වැනි නිර්මාණ රැසක් ප්‍රේක්ෂකයන්ට තිලිණ කළා

එත් මාධව ඔබට තව වැඩ ගොඩක් තිබුණා නිර්මාණ කරන්න තව කල් තිබුණා. කවුරුවත් බලාපොරොත්තු නොවු මොහොතක යන්න ගියා කමක් නැ මාධව නැවත එන්න හිස් තැන එලෙසම තියේවි ..........

අද පෙබරවාරි 22 සිකුරාදාය ....

අද ගියා අලුතින් පුහුණු වන වේදිකා නාට්‍යයක ඡායාරූප කිහිපයක් ගැනීමට අනුර පරණගමගේ නිර්මාණය “වර්ණ යාග “ ජයලාල් රෝහණ ජගත් චමිල ප්‍රධාන චරිත. පිටපත මංජු කරියවසම්ගෙ ළඟදිම බලන්න පුළුවන් වෙයි...

“අපේ කලණත් මාර පොරක් අයියේ අලුත් චිත්‍රපටයක් පටන් ගන්නවා මංකි මැන් කියල ඉඩක් තිබුණොත් ඉරිදා අවිත් ..”

එන්න දහයක් දොලහක් තිබියදීත් තවත් පටන් ගන්නවා ......අරින්න එපා ....ඔහොම යං........

අද පෙබරවාරි 23 සෙනසුරාදාය ....

අපිත් එක්ක ඉන්නවා දේශප්‍රේමි හිතවතෙක් මිනිහ රට ගැන හරිම කනගාටුවෙන් කතා කරන්නෙ නිතරම දේශපාලකයන්ගේ වැරදි හොයන එකමයි කරන්නෙ අහවලාගේ කාර් එක. ගැනයි වියදම් කරන මුදල් ගැනයි නම් හොය හොය

“බලන්නකො මේ අපේ සල්ලිනේ..”

දෙස් දෙවොල් තමයි ......

ඒත් මේ දිනවල මිනිහ ⁣ටිකක් සතුටින් තිලාටත් ඕනැ නැති දෙයක් නෑනේ ඇහුවා හේතුව මගේ සටනින් ටිකක් ඉබේම සාර්ථක වුනා පුතා ඒකයි....

“මොකක්ද අ⁣ප්පේ ඒ” මංත්‍රිවරු හැට දෙනෙකුට විශ්‍රාම වැටුප නැහැල්ලු..ලොකු ඉතිරියක්නෙ පුතා

එතකොටයි තිලා⁣ටත් සිහියට අවේ .......

අද පෙබරවාරි 24 ඉරිදාය.....

ගිය සතියෙ තිලා එම් එස් ප්‍රනාන්දුගේ ගීතය බලපු එකෙක් කියනවා සිංහලෙන් කිව්ව ඉංග්‍රීසි සින්දුවත් ලියපං කියල තිලාට සිහියට අවා...

ගල්කිස්සෙ හෝටලෙ ළඟ

ආතර් අයියා හෝටලෙ ළඟ

සර් හයිරිං කාර්

අයි නෝ ඕල් ද බාර්

ඕල් සිලෝන් ටුවර් ගොයින්

අයි ගිව් මයි කාර් //

 

අයි නෝ කැන්ඩි රෝඩ්

අයි නෝ සීගිරිය රෝඩ්

අයි නෝ මඩකලපු රෝඩ්

අයි නෝ ගල්ඔය බෝඩ්

ටේක් යූ ටු ජෙම් මර්චන්ට්

දැට් ඉස් කහවත්ත රෝඩ්

ඇළහැර බකමූණේ

මයි ෆ්‍රෙන්ඩ් මැණික් ලෝඩ්

මයි ෆ්‍රෙන්ඩ් මැණික් ලෝඩ්

 

ගල්කිස්සෙ හෝටලෙ ළඟ...

 

අයි සෝ යූ වයිල්ඩ් ඇලිෆන්ට්

වී මස්ට් ගෝ යාල කැළේ

අයි ගිව් යූ මිල්ක් ඇන්ඩ් හනි

පාසිං මාතර නගරේ

අයි ටෙල් යූ ගුඩ් ස්ටෝරි

අබවුට් පණාමුරේ

යූ කැන් සී බිග් ටෙම්පල්

ගොයින් ටු අනුරාධපුරේ

ගොයින් ටු අනුරාධපුරේ

ගල්කිස්සෙ හෝටලෙ ළඟ...

 

යුවර් වයිෆ් මැඩම් මිසිස්

කෝලින් ඇන්ඩ් කම්කො ප්ලීස්

අයි ගිව් හර් කැවුම් කොකිස්

ලන්ච් ටයිම් ෆුඩ් පොකිරිස්

අයි නෝ බෙටර් ඉන්ග්ලිෂ්

ලයික් ඊටින් ලුණු මිරිස්

මයි ෆ්‍රෙන්ඩ් සිංගර් එම් එස්

ඕල් සිලෝන් බයිල ටුවිස්ට්

ඕල් සිලෝන් බයිල ටුවිස්ට

ගල්කිස්සේ හොටලේ ළඟ.........

 

අද පෙබරවාරි 25 සඳුදාය..

අපේ ගයාන් මල්ලි( අපි ආදරේට කියන්නෙ වෙන නමක්) ඉන්නවනේ මිනිහ හරි පිළිවෙලයි කෙළින් වැඩ කොච්චර කෙලින්ද කියනවනම් මිනිහ ඇවිදින්නෙත් ඊ ගහ වගේ කෙලින්.. .

මිනිහෙකුට එක වචනටක් තියෙන්න ඕන කියල තමයි එයාගේ මතය නීතයට නූලට රූලට තමයි හැම වැඩ අනික වෙලාවට කලින් වැඩේට සෙට්‍ වෙනවා බඳීන දවසටත් පෝරුවට නැකතට කලින් නගිනවා ෂුවර් ....

කෙතරම් පාඩු අලාබ සිදුවුනිත් ඔය ප්‍රතිපත්ති - කෙලින් වචන වෙනස් කරන්නෙත් නැ.......

දවසක් අපේ ලොතරැයි වාසනාවක් ඇදිල මිනිහ හැමදාම ලොතරැයි ගන්න මිනිහ ගාවට ගිහින් සර් දිනුමක් තියෙනවා මේක ගාන වැඩිනිසා මට දෙන්න බැ සර් බෝඩ් එකෙන් ගිහින් ගන්න ඔනේ ....

එහෙනම් තමුසේලා කියන්නෙ ඇදුන ගමන් සල්ලි කියලනේ...කතා වැඩක් නැ දිනුම දෙන්න පුලුවන්ද බැරිද

මට දෙන්න බැ සර් එහෙන් දෙන්නෙ...

“මම තමුසෙගෙන්නෙ ඊයෙ ගත්තෙ...එහෙනම් මේ ටිකට් එක අරන් දෙනව මගේ රුපියල් විස්ස “

 

අද පෙබරවාරි 26 අඟහරුවාදාය ......

අද උදේ කාලෙකට පස්සෙ නිරෝෂා පෙරේරා කතා කළා

“අනේ සොරි වෙන්න ඕනේ

මැසේජ් දැක්කට කතා කරන්න බැරිවුණා මම ඉතින් පහුගිය ටිකේම හිටියෙ එගොඩ මෙගොඩ යනවා “

තිලා කතා කළේ කන්දක් සේමා චිත්‍රපටය බැලුවට පස්සේ ඒකෙ රංගනය මරු කි⁣යන්න ...

පසුගිය ටිකේම තනිකරම යොමුකළේ ඉගෙන ගන්න එකට එව කවදාවත් අහක යනනේ නෑනෙ

 

\

 

 

 

 

Add new comment