තිලාගේ සරසවියේ ඩය-රියupdate ...

හොරෙන් කියවලා බලන්න....
මාර්තු 5, 2020

අද පෙබරවාරි 26 බදාදාය ......

අපේ චතුමි පිටිපනට සම්‍මානයක් ලැබුණා කියල ආරංචි වුණා... ඒ මාධ්‍යවේදීනියක් වශයෙන් කළ සේවයට මාධ්‍ය අභිමානී ගෞරව නාමයක්...

එයට චතුමිට සුබ පතුම්...

චතුමි අපේ රොෂාන් පිටිපනගේ (සම්පුර්ණ නම ලියන්න ඩය-රියයේ පිටුවක්ම යනවා) මායියනෙ...

තිලාට මතකයි ඒ කාලේ චතුමි -රොෂාන් මංගල්‍යය ඡායාරූප ගන්න ගාල්ලේ ගියහැටි.... දැන් වගේ හයිවේ නෑනේ කලින් දවසෙ ගිහින් හිටියා...

චතුමිට සම්‍මානයක් ලැබුණා කියල උඩින් යන්නෙ රොෂාන්....

හැබැයි පොරටත් සම්මානයක් ලැබීමට නියමිතයි... ඒ කැලණියේ මහා කිවිපති ගෞරව නාමය.....

අද පෙබරවාරි 27 බ්‍රහස්පතින්දාය ........

තිලා හිතුවෙ තිලාට වැරදුණේ ඉස්සර විතරයි කියලා... දැනුත් වැරදුණ තැනක් අපේ යතේජාටත් අහුවෙලා...

"අයියේ අද දිනේ කීයද...?

බැලුවම ඩය-රියUpdate වැරදිලා දිනයක් වැරදිලා.. තිලා ලැජ්ජාව ඩයිරියෙන් වහගන්න හිතල...

තිලාට මේ අවුරුද්දේ හම්බවුන ඩය-රිය අච්චු ගහල තියෙන්නේ බාල ප්‍රෙස් එකකින් නගා... කිසිම උනන්දුවකින් නෙවෙයි කරල තියෙන්නේ අපිත් අමාරුවෙ... ඒක මාරු කරන්න ඕනෙ.....කියල බේරුණා...

අද සුපුරුදු නෙස්ලේවරුන්ගේ සුහද හමුවට සහභාගි වුණා....

අද පෙබරවාරි 28 සිකුරාදාය ...

ඊයේ ටිකක් රෑ වුණා මොකද නෙස්ලේ ආයතනයෙන් මාධ්‍ය සඳහා සුහද හමුවක් සංවිධානය කරල තිබුණා... ප්‍රධාන කළමනාකරුවෙක් වන දමිත කුලතුංගගේ ආරාධනයෙන් තිලයි සමන් මෙන්ඩියයි සහභාගි වුණා... කාලයක සිට ඔවුන් සමඟ කුලුපගව කටයුතු කළ නිසා ආරාධනයට හේතුවුවා...

යනවිට අපේ පරණ ⁣මාධ්‍ය සගයෝ ටිකක් කාලෙකින් හමුවුණා....ඒ නිසාම නැටුමෙන් ගැයුමෙන් ගෙවුණු සුන්දර පැය කිහිපයක් වුවා.....

අද පෙබරවාරි 29 සෙනසුරාදාය .....

අපේ අරුණිට කතා කරන්න බැරි අසනීපේ දැන් හොඳයි... පහුගිය ටිකේ උ⁣ගුරේ අසනීපයක් හැදිල වචන පිටවෙන්නෙ නෑ... අපි ඉතින් හරි සතුටින් හිටියා. වැඩියෙන්ම සතුටු වුණේ තුසිත (අරුණිගේ සැමී)...

ගෙදර සද්ද බද්ද නැති නිසා වත්තෙ කුරුල්ලො කෑගහනව රැහැයියො කෑගහනවා චූන් පාන්කාරයගේ සද්දෙ හොඳට අහෙනවලු...

අපිත් ඉතින් පරණ තරහ එකතු කරල අරුණිට බැන්නා...

ඒත් අන්තිමට පිළිතුරු බැනීම වශයෙන් කොලේක ලියලා දෙනවා..

මොන එකකට තුසිත ඉක්මනින් ඩොක්ටර්ලට කියල ලෙඩේ හොඳ කරගත්තාද දන්නේ නෑ... අතින් පයින් කතා කරන එක වැඩිවෙන්න කලින් වෙන්ඩ ඇති...

අද මාර්තු 01 ඉරිදාය ......

හැමෝම අනාවැකි කියන එකේ තිලාටත් හිතුණ අනාවැකි කියන්න ...

හරියයිද බලන්නත් එක්ක කියල දානවා...

ඉදිරියේ දි අපට සංක්‍රාන්තිය සමයක් එනවා...

ඒක සමහරුන්ට නම් ආදායම් මාර්ගයක් හා හොඳට කාලා බීලා ඉන්න පුළුවන් කාලයක්...

ඒත් සමහර එකට හිටපු යහළුවන් මුණට මුණ ගැහුණත් කතා නොකරන කාලයක්...

සමහර එක පවුලේ සහෝදරයින් සහෝදරින් ඇනකොටාගන්නා කාලයක්...

සමහරු අවුරුදු ගාණකට පස්සේ හමුවෙලා ඔය ප්‍රස්නෙ ගැන කතා කරල හිත කලකරිල වෙන්වෙන කාලයක්...

අපේ තරුණයින් ඇඳපු චිත්‍ර නිර්මාණ වනසන කාලයක්

සමහරු හයහත්දෙනා එකතුවෙලා ⁣තමන්ගේ අතින් සල්ලි වියදම් කරල බොන අතරේ රණ්ඩු වෙලා... තරහ වෙලා යන කාලයක්...

ජනමාධ්‍යයන්ට බොහෝ වැඩ වැඩිවන කාලයක්...

සමහරු තම ප්‍රතිපත්ති කිසිම ලැජ්ජාවක් නැතිව පාවාදෙන කලයක්...

ජනතාවගේ ඔළුව තීරණ නරක් වෙන කාලයක් ළඟම

එනවා......

අද මාර්තු 02 සඳුදාය ......

මීට වසර දෙසීය ගණනකට කලින් මාර්තු දෙවැනිදා සුද්දට රට පාවලා දුන්න කියල අපි අහල තියෙනවා... තිලාත් සුද්දන්ගේ නිර්මාණය කළ ඩෙ⁣නිම්, ඇඳුම්‍ සහ සමහර දේවල් පාවිචිචි කරන නිසා ඔය ගැන කතා කරන්නෙ නෑ.....

ඒත් කතා කළ යුතුම මහා පාවාදීමක් ගැන කියන්නම ඕනේ ...

මීට වසර විස්සකට කලින් අපේ අරුණ තමයි ඒ පාවාදීම කළේ ....

අපේ තිබුණ තනිකඩයන්ගේ සංගමයක් ඒකේ ප්‍රබල සාමාජිකයෙක් වෙලා හිටපු අරුණ මහා සිංහලයෙකු ඉදිරියේ අද වැනි දිනක අපේ සංගමයේ ප්‍රතිපත්ති හා දිවුරුම් අමු අමුවෙ පාවාදුන්නා...

හැබැයි කළ වැරැද්දට අදටත් දඬුවම් විඳිනවා ...

මොකද ඊට සති තුනකට පස්සෙ තිලාත් සංගමය පාවාදීල විඳීන දඩුවම් ගැන අත්දැකීමෙන් කියන්නෙ....

අද මාර්තු 03 අඟහරුවාදාය ....

ඊයේ අපේ සන්නඅයියගේ උපන් දිනය... සන්නාඅයිය කියන්නෙ උපුල් ශාන්ත සන්නස්ගල... තිලානම්‍ සන්නා කියන්නෙ සර් කියනවටත් වැඩිය ළබැදියාවෙකින්... සන්නාට කැමති හැමෝම වගේ තිලාත් කැමති ඇත්ත ඇති සැටියෙන් කතා කරන නිසාවෙන් හා කාලයක පටන් නිර්මාණකරණයේ ඇති වෙනසට...

පසුගිය කාලයේ තිලාට කමල් අද්දරආරච්‍චිගේ, දසුන් පතිරණගේ, කලණ ගුණසේකරගේ සරසවියේ මුල්පිටුවට ඡායාරූපකරණයේදි

"රෝයල් තැප්‍රෝබේන්" පසුතලය කරගත්තෙ එහි අති ආකර්ෂණය නිසාමයි...

ඔහුත් නොපැකිළව එයට අවස්ථාව දුන්නා... ඒ තමයි සන්නා...

ඒ වගෙම තමන් සතු කුමන හෝ දැනුමක් බෙදා හදා ගන්න බයිස්කෝප් බලන්න පොත් කියවන්න එතැන අවස්ථාව තියෙනවා ඒ තමයි සන්නා...

සන්නා ලියපු ගීත අතරින් ...මොරිස් විජේසිංහ ගයන

ඔබ එන්න..

ඔබ ඇවිත් යන්න එන්න.. 
සෞම්‍ය සඳ සේමා..වත රූසිරි බෝමා.. 
සන්සුන් ගමනේ රූසිරි බෝමා 
ආ..දරේ නොකියා...ඉන්නේ කොහොමා... 
මගෙ රන්කඳට මම ආදරෙයි...//

ඔබ නොදැක බැරුවා.. 
ඔබ නැතිව බැරුවා..// 
මඟ සොය සොයා - මුව සල සලා සත්තකයි 
මං ඔබ එතැයි සිතුවා ඔබ එන්න...

මම පෙරුම් පිරුවා.. ඔබ එතැයි සිතුවා..// 
මඟ බල බලා - නෙතු දව දවා 
රත්තරන් මං මග බලා සිටියා... 

පදරචනය : උපුල් ශාන්ත සන්නස්ගල 
සංගීතය : සමන්ත පෙරේරා

ගීතයට තිලා පට්ටම ආසයි..... 
උපුල් සන්නස්ගල අයියට සුබ උපන්දිනක් ....

තිලා-ක්

Add new comment