තිලාගේ සරසවියේ ඩය-රියupdate ...

හොරෙන් කියවලා බලන්න....
මාර්තු 12, 2020

අද මාර්තු 04 බදාදාය .....

ජගත් හේවාපන්න අපිත් එක්ක ඉන්න සුන්දර චරිතයක්... චිත්‍ර අඳින්න ගීත ගායනයට අති දක්ෂයි...

පොඩි එකා වගේ තමයි හැසිරෙන්නේ...

ඒ මිහිර කර්තෘවරයා නිසා වෙන්න ඇති... පසුගිය දවසක ජගත් එක්ක නිදහසේ ගජයක් දාන් ඉන්න කොට....

මටත් දැන් ළඟදි යන්න වෙනවා... ඔය මදැයි වැඩකොළා...

මතකේ හැටියට තිලා ලේක්හවුස් එනකොට ජගත් ක්‍රීඩා පත්තරයේ පිටු හැඩකරණ ශිල්පියා... ඊටපසු එම පත්තරේම කර්තෘ වුණා... පසු කලෙක මධුර පුවත්පතේ කර්තෘවරයා... පසුව මිහිර පුවත්පතේ කර්තෘවරයා වුණා... ඉතින් වසර ගණනක කාලය තුළ කරපු කැප කිරීම ඉතා ඉහළයි තිලා අගේ කරන එකමදේ කාටවත් කැපිලි කෙටිලි නැති එක...

ඒත් පොඩි අයගේ පුවත්පතක් කරන්නත් වෙනම සෙන්ස් එකක් තියෙන්න ඕනේ....

අද මාර්තු 05 බ්‍රහස්පතින්දාය....

දැන් හරියට ජායාරූප ශිල්පීන් වැඩියි නේද... ඉස්සර මුළු ලංකාවෙම අය නම් වශයෙන් කියන්න පුළුවන්...

තිලා යාලුවෝ කට්ටියක් එක්ක ගජයක් දාන් ඉන්න වෙලාවක එකෙක් කිව්වා...

තව එකෙක් කියනවා

ඔය ඩිජිටල් කැමරා ආවට පස්සෙ නෙගෙටිව්‍ කැමරා තියෙන කාලේ ඒක මේ තරම් පහසු නෑනේ...

ඔව්‍ ඉස්සර ගහල බලල මකන්න බෑනේ

ගජේ නැගල යන නිසා තිලාට දැන් මේක හරි බෝරින්....

දැන් බලන්න තිලා ඉස්සර මේ හරියටම හිටියේ තිලා විතරයි දැන්...

කට පියන් ඉන්න බැරි නිසාම තිලා කටඇරියා...

ඔය එකක්වත් නෙවෙයි හේතුව දැනට වසර තිහකට මෙහා අපේ රටේ හොටෙල් ප්‍රමාණය වැඩිවුණේ නැතිවුණාට වේටර්ල ප්‍රමාණය වැඩිවෙලා..

හොටෙල් ප්‍රමාණයේ ජායාරූප ශිල්පීන් අතර සම්බන්ධය මොකක්ද ..

අනේ ඒකවත් දන්නෙ නෑ...

මේ ආත්මේ ජායාරුප ශිල්පීන් වෙන්නෙ ගිය ආත්මෙ වේටර්වරුන්ලුනේ

ඒ කොහොමද...?

ගිය ආත්මේ යතුරු හිලෙන් බලන නිසා...තිලා එක්ක ගිය සගයට කටට බ්‍රේක් නෑ.....කියල දැම්මා.....

අද මාර්තු 06 සිකුරාදාය...

තිලාට ඉස්සර තිබුණ වේදිකා නාට්‍ය පිස්සුව ටිකක් අඩුවෙලා තිබුණා...

ඒත් අද කාලෙකින් වේදිකා නාට්‍යයක් බලන්න ගියා අපේ ප්‍රසාදුයි තිලායි... වර්ණ යාග... ඒක අනුර නිර්මාණයක්... රචනා කරල තිබුණේ මංජු කාරියවසම්‍ මංජු අනිත් වැඩ ගැන වෙනම දවසක...

කවීගේ උපන් දිනය... කවී කියන්නෙ සරසවියේ මුල් පිටුව හැඩ කරන කවී... අපි ගන්න ඡායාරූප තවත් හැඩවැඩ දාලා ⁣ලස්සන රංගන ශිල්පිනියගේ නම් ඉතා උනන්දුවෙන් බියුටි සැලූන්වලින් කරන වැඩත් කරල ලස්සන කරනවා... ඉතින් කවීට සුබ උපන් දිනයක් ....

අද මාර්තු 07 සෙනසුරාදාය.....

ගයිය ආයෙත් අලුත් වැඩක් කරන්න යනවා කියල ආරංචි වුණා... ගයිය කියන්නෙ ගායන ශිල්පි ගයාන් පෙරේරා... වසර ගණනාවක් ඔහු රටින් පිට හිටියේ... ඉස්සර නම් තිලාට නිතර හම්බ වෙනවා... ගයිය බයිස්කෝප් එකකත් රඟපැවා... ඒ බූඩී කීර්තිසේනගේ මාතා හි හමුදා සොල්දාදුවෙකුට...

ගයියත් අපේ සංගීතයේ වෙනත් රැල්ලක් ඇතිකරපු පොරක්... ඒ මග ඔස්සේ ගියපු අනිත් අය දැන් ⁣පුස් පොරවල් වෙලා.....

ඒ නිසාම ගයිය නැති අඩුව අපිට දැනුණා ..

දැන් අලුත් වැඩ ටිකක් පටන් ගන්නවලු අහළම බලමු...

ගයි⁣යගේ අන්තිමට තිලාට දැනුණ ගීතය ජැක්සන් ඇන්තනිගේ ඇඩ්‍රස් නෑ චිත්‍රපටයේ

මේ බජාර් එකට මල්ලි 
අහසත් නෑ පොළොවත් නෑ 
අහසත් නෑ පොළොවත් නෑ 
ඇඩ්‍රස් නෑ

පට්ට පොරවල් නෝන්ඩි වෙනවා 
සිරා කරාලා චාටර් වෙනවා 
නඩු තීන්දු යම රජ්ජුරුවන්ගේ 
ඇඩ්‍රස් නෑ

පොට් එක හිට් නං - වැඩ කිඩ බොක්කෙං 
අද ආතල් නං හෙට චොර වෙද්දෙන් 
පජාති වුණදා 
හෙනහුරා වැටෙනවා - හිඟන පාත්තරේ 
ඇඩ්‍රස් නෑ

කුණු කඳුවල රජ බොජුන් හොයනවා 
කුජීත රජ දරුවෝ 
වෘකයෝ බැටළු හම පොරවා 
බළලුන් ලව්වා කොස් ඇට බාවනවා 
ඇඩ්‍රස් නෑ....

ලිව්වෙ නම් මහාචාර්ය සුනිල් ආරියරත්නයන් ..... 
සංගීතය නම් රෝහණ වීරසිංහයන්....

ටිකෙන් ටික ටිකෙන් ටික අපි ආ⁣වාද මේ තරම් දුර....

අද මාර්තු 08 ඉරිදාය ...

අද උදේම නැගිටල ගෙදර හැමෝටම තේ හදල දුන්නා... ඊට පස්සේ තේ බීපු කෝප්ප හෝදන කොට..

මේ අර ගේයි මිදුලයි අතුගාල දාලා මොනව හරි උයනවා මායිය කියපි..

පොල් ගාලා යන්තම් පරිප්පු හොද්දයි පොල් සම්බෝලයයි හැදුවා මායිය කන ගමන්..

" ⁣අපෝ පරිප්පුවලටයි බතටයි ලුණු වැඩියි... මහ ලොකු පිරිමි පරිප්පුවක් හදාගන්න දන්නෙ නෑ ...."

අර රෙදි ටික එකතු කරල හෝදල දානවා...

තිලා ඒ අතරේ දවල්ටත් ඉව්‍වා ...

"මේ රෑ මට තමුසෙගේ මල ජාරාව කන්න බෑ මට එළියට ගිහින් කෑම කන්න ඕනෙ...

හොඳ තැනකට එක්ක යනවා ...."

වෙලාවට සල්ලි ටිකක් හංගගෙන හිටිය තවත් පැය තුන හතරක් ඉවසන්න එපැයි .....

අද කාන්තා දිනේ.......

අද මාර්තු 09 සඳුදාය ⁣......

අද පෝය ගේ ඇතුළෙත් වත්තෙත් ඇහෙන්න ධර්ම දේශනා....ඒ තිලාගේ ගේ පිටිපස්සේ සංඝමිත්තාරාමයනේ ..........

අපේ මමෝහාරි හේවාවසම් මුහුණු පොතේ දාලා තිබුණා රුවන් ප්‍රර්ඩ්ගේ මව මියගොසිනි කියලා.... මුහුණු පොතේ දාලා තිබුණ... අපේ දර්ශත් කතා කළා දැන්නුවා... රුවන්ගේ මෙන්ම අප ආයතනයේ කපිලගේද මවයි.. අද හවස මවට සමුදෙන්න ඔරුවල නිවසට ගියා...

කාලෙකින් අපේ මාධ්‍ය වැඩ්ඩො හා තිලා වගේ පොඩ්ඩොත් විශාල පිරිසක් හමුවුණා...

අද මාර්තු 10 අඟහරුවාදාය ......

දෙමව්පියො හා දරුවන්ගේ බැඳීම ගැන සාකච්‍ඡාවකට සවන් දෙන ගමන්... තිලාට මතක් වුණේ පියා දරුවන් අතර ගරු කිරීමෙ චක්‍රය...

සියලුම පියවරුන් හා දරුවන් වෙනුවෙන් ලියන්නම්කො....

මම ඉපදුණු දවසේ තාත්තාට සතුටු කඳුළු ආවාලු ..

මට වසර 02 දී......

මම තාත්තා වගේයි කියල හැමොම කියනවලු....

මට වසර 04...දී මං වැඩියෙන්ම ආදරේ තාත්තාටලු

මට වසර 5 දී...

ලෝකෙ හොදම තාත්ත මගේ තාත්තලු..

මට වසර 6 දී....මගේ තාත්තා කටවත් බය නෑ..

මට වසර 08 දී...මගේ තාත්තා දන්න දේවල්

මට වසර 10 දී.. මගේ තාත්තා මගේ වීරයා..

මට වසර 12 දී .තාත්තා දන්නවා තමයි ඒත්....

මට වසර 15 දි ... අපෝ එයාගේ කියවිල්ල.............

මට වසර 17 දි ..

තාත්ත දන්න දෙයක් නෑ ඒවා පරණයි....

මට වසර 19 දී..

එයාගේ වැඩේ මං ගැන හොයන එකමයි වෙලාවකට මහ වාතයක්.....

මට වසර 22 දී ..

වැරදි කියන එකමයි වැඩේ පිට අය කොච්චර හොඳද

මට වසර 25...දි..

ඕන දෙයක් කියපුදෙන් නැහුණා වගේ ඉන්නව....

මට වසර 28 දී ...

තාත්තා කියන දේවල් වලත් ඇත්තක් තියෙනවා..

මට වසර 30 දී....

වෙන්න කලින් තාත්තා මට ඕව කියල තිබුණ ....

මට වසර 32 දී....

තාත්තාගෙනුත් අහල බලමු..

වසර 35....

තාත්තා හරියටම හරි ..

මට වසර 38 දී.....

අනේ තාත්තා හිටියනම්‍ හරියටම අහගෙන කරන්න තිබුණා ....

අම්මලාටත් එහෙමයි ඒත් ටිකක් විතර වෙනස්....

අම්මලාට දරුවන් ගරු කරණ චක්‍රය... ළඟදිම ලියවෙයි...

තිලා-ක්

Add new comment