පිංපොංගේඅලුත් වැඩක්

මාර්තු 19, 2020

ජනප්‍රිය රංගන ශිල්පී රජිත හිරාන් චාමිකර හෙවත් පිංපොං ඉකුත් දිනයකදී ගීතමය රූප රචනාවක් අධ්‍යක්ෂණය කළා. නව පරපුරේ ගායක අමිල ප්‍රියංග ගැයූ ආයේ නම් ආදරේ ගීතය වෙනුවෙනුයි රජිත මියුසික් වීඩියෝවක් නිර්මාණය කළේ. ගීිතයේ පද ප්‍රදීප් ජයතිලකගේ. ප්‍රගීත් පෙරේරා සංගීතය නිර්මාණය කොට තිබෙනවා. දිමුතු තරංගගේ රිදම් ඩී ක්‍රියේෂන් ඉදිරිපත් කිරීමක් ලෙසට මෙම රූප රචනාව එළි දැක්වෙන්නේ. දිමුතු තරංග සහ ශලනි ප්‍රනාන්දු මෙහි රංගන දායකත්වය සැපයුවා.