සමාජ සම්මතයට පිටින් නිර්මාණ කරනකොට බැනුම් අහන්න වෙනවා

ඉරාජ්ගේ video director
මාර්තු 19, 2020

ප්‍රියංග රණසිංහ

ප්‍රියංග රණසිංහ යනු පසුගිය වකවානුව තුළ නිරන්තරයෙන් කතාබහට ලක්වූ ගීත රූපරචනා අධ්‍යක්ෂවරයෙකි. ඔහු සමාජයේ ආන්දෝලනාත්මක කතාබහක් ඇති කිරීමට බලපෑ  "Iraj Productions හී නිර්මාණය වුණු ගීත රූපරචනා රැසකම අධ්‍යක්ෂවරයා වේ. ගීත රූපරචනා අධ්‍යක්ෂවරයෙක් සහ වෙලෙඳ දැන්වීම් අධ්‍යක්ෂවරයෙක් ලෙස වසර 13 කට ආසන්න කාලයක් කලා ක්ෂේත්‍රයේ තම දක්ෂතා දැක්වූ ප්‍රියංග රණසිංහ සමඟ අපි මෙසේ සල්ලාපයක යෙදුණෙමු.

 මේ දවස්වල මොකද වෙන්නේ?

මේ දවස්වල අලුතෙන් Music Video  දෙක තුනක වැඩ සහ වෙළඳ දැන්වීම්වල වැඩ කටයුතු සාමාන්‍ය විදිහට කෙරෙනවා. අමුතුවෙන් කියන්න තරම් අලුත් වැඩ වෙන්නේ නැහැ.

 ප්‍රියංග ක්ෂේත්‍රයට ඇවිත් කොච්චර කල්ද?

දැන් අවුරුදු 13ක්. මම අධ්‍යක්ෂණය කරපු පළවෙනි Music Video  එක ඉරාජ් වීරරත්නගේ.

 ගීතයක රූප රචනාවක වැඩි වගකීම පැවරෙන්නේ එහි අධ්‍යක්ෂණවරයාට. ප්‍රියංග කොහොමද ඒ අභියෝගය භාරගන්නේ?

ඉස්සර රේඩියෝ අහන කාලේ මිනිස්සු සින්දුවේ රූප හිතින් මවාගෙන රසවින්දා. පසුව රූපවාහිනියේ ආගමනයත් එක්ක සින්දුව බලන්න පුළුවන් වුණා. Video එකකට සින්දුවක් ඇති කරන්නත් පුළුවන්. නැත්තටම නැති කරන්නත් පුළුවන්. අධ්‍යක්ෂවරයා සින්දුවට සාධාරණයක් Video එකෙන් කළාම ඒක ජනතාව අතර කතාබහට ලක්වෙනවා. ඒ නිසා මම ලැබෙන සින්දුවට රූපරචනාව හරහා සාධාරණයක් කරනවා.

 ආන්දෝලනාත්මක Music Video හදන අධ්‍යක්ෂවරයෙක් විදිහට ඔබ ප්‍රසිද්ධයි නේද?

වෙන්න පුළුවන්. මම හදපු ඔක්කොම වීඩියෝ ගැන මිනිස්සු කතා කරන්න පටන්ගත්තා. සමාජ සම්මතය කියන එකට ටිකක් එළියෙන් හිතලා වැඩ කරනකොට ඒ ගැන මිනිස්සු කතාබහ කරනවා. ඒ හැමදෙයකින්ම මම කළේ සමහර දේවල් බය නැතුව කතා කරන එක. සාමාන්‍යයෙන් සමාජය හංගගෙන එළියට නොදමන දේවල් අපේ නිර්මාණ තුළින් පෙන්වනකොට ඒක නිරායාසයෙන් ආන්දෝලනාත්මක වෙනවා.

Music Videoවල නිරුවත මාකර්ට් කිරීම සම්බන්ධයෙන් ප්‍රියංගට චෝදනාවක් තියෙනවා. ඒ ගැන මොකක්ද කියන්න තියෙන්නේ?

නිරුවත සහ අඩනිරුවත කියන්නේ දෙකක්. ප්‍රශ්නේ තියෙන්නේ මිනිස්සු නිරුවත අර්ථ දක්වන විදිහ. මම හදන වීඩියෝවල තියෙන්නේ අඩනිරුවත. ඒකත් වැඩිහිටියන්ට පමණයි ලේබල් එකෙන් එන්නේ නැහැ. ලෝකේ සම්මතයි කියලා දෙයක් තියෙනවා. මේ සින්දු බහුතරයක් තියෙන්නේ Youtube  එකේ. අපේ නිර්මාණ එහෙම ලෝකේ සම්මතයට එරෙහි නම් youtube එකේ හැමෝටම බලන්න බැහැ. කාන්තා ශරීරය සෞන්දර්යාත්මකව මිනිස්සු බලනවා නම් මේ ගැටලුව නැහැ. මම උත්සාහා කළේ ඒ Glamour එක පෙන්වන්න.

ඔබ දේශපාලනයේ සහ කලා ක්ෂේත්‍රයේ දැවැන්ත චරිතවලට පහර ගහන Music Video හදන අධ්‍යක්ෂවරයෙක් කියලා විවේචන පවතිනවා.

පුද්ගල චරිතවලින් අපිට ගත යුතු සහ නොගත යුතු දේවල් තියෙනවා. සමහර චරිත ඉන්නවා ඒ අය උඩින් පෙන්වන ප්‍රතිරූපයට හාත්පසින් වෙනස් දෙබිඩි මිනිස්සු. ඒ අයගේ චරිත අපි නිර්මාණ හරහා විවේචනය කරලා තියෙනවා. නමුත් ඒ නිර්මාණවල ඒ අයගේ නමක් ගමක් සඳහන් කරලා නැහැ. සමහර වෙලාවට අපි නිර්මාණවලින් කරපු යම් විවේචනවලින් සමාජය බැහැර කළ චරිත පිළිගත් අවස්ථා තියෙනවා. උදාහරණයක් ලෙස එක්තරා ජ්‍යේෂ්ඨ කලාකරුවෙක් තරුණ ගැහැනු කෙනෙක් විවාහ කරගැනීමත් සමඟ ඇති වුණු කතාබහ එක්ක අපි ඒ කතාව  Music Video එකකට ගත්තාම මිනිස්සු Video  එකට බනින ගමන් කලාකරුවාව අනුමත කළා. ඒ නිසා සමාජ අසම්මතය සම්මත කරගත්තා.

 ඉරාජ් වීරරත්න එක්ක වැඩ කරන්න ලැබුණු අත්දැකීම කොහොමද?

දැන් වසර 10කට වැඩි කාලයක් තිස්සේ අපි එකට වැඩ කරනවා. මම මේ තැන ඉන්න 80% බලපෑවේ ඉරාජ්. මම ගොඩක් දේවල් ඔහුගෙන් ඉගෙනගෙන තියෙනවා.

 Music Video වලට සෘජු බලපෑමක් කරන සමාජ මාධ්‍යක් වෙන youtube ගැන ප්‍රියංගගේ අදහස මොකක්ද?

2013දී විතර youtube ලංකාවේ ඒ තරම් ප්‍රසිද්ධ නැහැ. නමුත් ඉරාජ්ට අවබෝධ වුණා අනාගතයේ රූපවාහිනියෙන් මිනිස්සු ඈත්වෙලා youtube  එනවා කියලා. එදා සිට අපි රධභබභඡඥ රැල්ලක් හැදුවා. ඒ සඳහා වසර ගණනාවක් කාලය, ශ්‍රමය, ධනය වැය කළා. දැන් වෙනම youtube සංස්කෘතියක් හැදිලා තියෙනවා. කධභබභඡඥ නිසා මිනිස්සු මුදල් හම්බකරලා ජීවත් වෙනවා. ඒ ගැන නිහතමානීව ආඩම්බර වෙනවා.