”බ්‍රෝඞ්කාස්ට්” ලේබලයට ගී ගැයූ ටවර්හෝල් සුරූපිනිය

"සුසිලා ජයසිංහ"
අප්‍රේල් 30, 2020

 
 කොළඹ මරදානේ ටවර්හෝල් නෘත්‍ය ශාලාවේ සහ කොළඹ ආර්ය සිංහල නාට්‍ය සභාවේ එවකට සිටි අග‍්‍රගණ්‍ය නාටිකා ත‍්‍රිමූර්තිය වුයේ, ඇනී බොතේජු , ලක්ෂ්මි බායි සහ සුසිලා ජයසිංහ ය. ”ජයසිංහ ආරච්චිගේ දෝන පෙසෝනාහාමි” ලෙස නම් ලද මෙතුමිය වර්ෂ 1904 දී ජන්මලාභය ලැබුවා ය. වර්ෂ 1927 දී වයි. ඇම්. පේ‍්‍රරා ගේ ”ජනරංජන” නාටකය තුළින් වේදිකාවට ප‍්‍රවිෂ්ට වූවා ය. වර්ෂ 1927 දී ම නීතිඥ චාර්ල්ස් ඩයස් ගේ ”හේමමාලී” නාටකයෙන් ”සුසිලා ජයසිංහ” ලෙස ටවර්හෝල් හි කිරුළු දරන ඇය වඩාත්ම ප‍්‍රකට වුයේ, එවකට සිටි අතිශය සුරූපී නාටිකාව ලෙස ය. හේමමාලි, මායාදුන්නේ, ගංවතුර, බලගතු කාසිය, හෙළදිව පුරඟන, රොඞී කෙල්ල, සාලිය-අසෝකමාලා, සිවම්මා -ධනපාල, විධුර, මානාභරණ, දුෂ්ට නීතීඥයා, පතිසුන්දර, රෝමියෝ ජුලියට්, ඔතැලෝ ආදී වූ නාටක සිය ගණනක රැුඟු‍ම්- ගැයුම් ඉදිරිපත් කළ සුසිලා ජයසිංහ, ඇනීබොතේජු සහ ලක්ෂ්මී බායි මෙන් ම ටවර් වේදිකාව මත ස්ත‍්‍රී මෙන්ම පුරුෂ චරිත ද ජීවමාන කළා ය. ඇයගේ මධුරතර එසේම ගම්භීර හඬින් දහස් ගණන් වූ පේ‍්‍රක්ෂකයන් අමන්දානන්දනයට පත් කළා ය. ඇයගේ ගීත එවකට තැටිගත කෙරුණේ සුප‍්‍රසිද්ධ ”බ්‍රෝඞ්කාස්ට්” (Brodcast) සහ හිස් මාස්ටර්ස් වොයිස් HMV ශබ්ද වාහිනී ලේබල වලිනි. එවකට සුප‍්‍රසිද්ධ සංගීතඥයන් වූ එච්. ඩබ්ලිව්. රූපසිංහ, ජෝසප් පෙරේරා සහ එච්. ඒ. ලෝරන්ස් පෙරේරා යන මහත්වරුන්ගේ සංගීත අදියුරුවම යටතේ එතුමිය මෙම ගීත ගායනා කළා ය.
 
 සිංහල ග‍්‍රැමොෆෝන් ගීත ඉතිහාසය දෙස සලකා බලන කල්හි, 1906-35 කාල පරිච්ජේදය තුළ මෙරට ට ජනප‍්‍රිය වූ ශබ්දවාහිනී ගීත තැටි ලේබල අතුරින් ප‍්‍රමුඛත්වය ගන්නේ PATHE (ප‍්‍රංශයෙහි නිෂ්පාදිත; 1906-10*, ්‍යෑශඋ් (ජර්මනියෙහි නිෂ්පාදිත; 1908-12*, ෂභඔෑඍභ්ඔෂධභ්ඛ ඔ්ඛණෂභඨ ඵ්ක්‍්‍යෂභෑ (ජර්මනියෙහි නිෂ්පාදිත; 1908-19*, ධෘෑධභ (ජර්මනියෙහි නිෂ්පාදිත ; 1920-33*, ඨඍ්ඵධඡු්‍යධභෑ ඣභක්‍ෑඍඔ :ඔශඡුෑඋඍෂඔෑඍ* ඍෑඣඍෘ (කල්කටාහි පිහිටි බි‍්‍රතාන්‍ය ශාඛාවෙහි නිෂ්පාදිත ; 1905-15*, ඨඍ්ඵධඡු්‍යධභෑ ඣභක්‍ෑඍඔ ඍෑඣඍෘ (කල්කටාහි නිෂ්පාදිත, 1915-27*, ්‍යඵඪ (කල්කටාහි පිහිටි බි‍්‍රතාන්‍ය ශාඛාවෙහි නිෂ්පාදිත ; 1925-35 සහ ඉන්පසුව* , ඣඛඹඵඊෂ් (කළු පැහැ ලේබලය, බි‍්‍රතාන්‍යයේ නිෂ්පාදිත 1927-32* ,ඡු්ඍඛධඡු්‍යධභ (ජර්මනියෙහි නිෂ්පාදිත; 1930-34?(5* * සහ ඊඍධ්ෘක්‍්ීඔ (බි‍්‍රතාන්‍යයෙහි නිෂ්පාදිත; 1934-37* ලේබලයන් ය.
 
 ”බ්‍රෝඞ්කාස්ට්” නම් ශබ්දවාහිනී ගීත තැටි ලේබලය මෙරටට පැමිණියේ 1934-37 වකවානුව දක්වා පමණි. තද නිල් -ලා නිල්, තද නිල් - ලා කොළ , ලා නිල් - රතු , ලනිල්- කහ ලෙස වර්ණ සංයෝජන වලින් මෙම තැටි ලේබල නිකුත් විණි . ඒඅනුව නිල් :ඊ*, රතු :ඍ*, කොළ :ඨ* සහ කහ :ශ* ලෙස අංක ශේණියක් මෙම තැටි සතු විය. 1934-35 වකවානුවේ ඍ ශේණියද, 1936-37 වකවානුවේ ඍ සහ ඊ ශේණියට අයත් තැටිද මෙරට වෙළෙදපොළට බහුලව නිකුත් විය. කෙසේ වෙතත් බ්‍රෝඞ්කාස්ට් තැටි ලේබලය සමස්තයක් ලෙස ගත් විට, ගීත තැටියෙහි අන්තර්ගත ගීතය පිළිබඳ විස්තර අතින් ඉතා දුර්වල ය. ගීත රචක හෝ සංගීත අධ්‍යක්ෂණය ගැන කිසිදු සදහනක් තැටි ලේබලයේ නොමැත. ගීතයේ නම සිංහල සහ ඉංගිරිසි භාෂාද්වයෙන්ම සටහන් වූ අතර, ගායකයාගේ හෝ ගායිකාවගේ නම ඉංගිරිසියෙන් පමණක් සටහන් විය. තැටියේ දෙපස එකම අංකය වූ අතර, දෙපස ගීත දෙක ් සහ ඊ ලෙස එකම අංකයෙන් සටහන් කෙරුණි. උදාහරණයක් ලෙස, සුසිලා ජයසිංහ මහත්මිය ගේ ”සිරි උපුල කමල” ගීතය අඩංගු තැටියෙහි අංකය ඊ ශේණියට :ඊඛඹෑ ීෑඍෂෑී* අයත් වූ ඤතැටි ලේබලය නිල් පැහැති නිසා% ඊ 2315 -් වූ අතර, එම තැටියෙහි අනෙක් පස සුසිලා ජයසිංහ විසින් ම ගායනා කරන ”ඇඳලා සුදු පට සේලේ ” ගීතයට යෙදු අංකය ඊ 2315-ඊ විය. බ්‍රෝඞ්කාස්ට් ලේබලය යටතේ ඉන්දියානු (දමිල, මරාති, හින්දි, තෙළගු, කන්නඩ, උර්දු, ගුජරාති සහ බෙංගාලි යන භාෂා වලින් යුත් * සහ සිංහල ගීත මදුරාසියේදී පටිගත කෙරුණු අතර, තැටි පිටපත් කැපීම සහ ලේබල මුද්‍රණය එංගලතයේදී හෝ ඉන්දියාවේදී සිදු විය. තැටි ලේබලයේ ර්‍ණඊඍඔෂී්‍ය ඵ්ණෑ ඊශ ඡු්ඔෑභඔ ඡුඍධක්‍ෑීී” යනුවෙන් සදහන් කෙරුණි. ලන්ඩනයේ ක්‍රහිඒක්එැ ඨර්පදචයදබැ ඍැජදරා ඵ්බමේජඑමරසබට ක්‍ද. ඛඑා හි ඉංජිනේරුවන් මගින් ඉන්දියාවේ මදුරාසියේ , ඵධඹභඔ ඍධ්ෘ හි අංක 167 දරණ ශාඛා කාර්යාලයේ ශබ්දාගාර තුළ දී මෙම ගීත තැටිගත කිරීම සිදු විය. ඉන්දියාවේ මදුරාසිය, කල්කටා සහ බොම්බාය යන නගර ත‍්‍රිත්වයෙහි ඉන්දියානු ගීත තැටිගත කෙරුණු නමුත්, සිංහල ගීත සියල්ල තැටිගත කෙරුණේ මදුරාසියෙහි ය. එබැවින් ගීත තැටි ලේබලයේ සඳහන් කෙරුණේ ්‍යධ යන අකුරු දෙක සමග යෙදුණු අංකයකිනි ( මදුරාසියේ කරන ලද තැටිගත කිරීම් ්‍යධ ශේණියෙන් ද, කල්කටාවේ කරන ලද තැටිගත කිරීම් ක්‍්‍යධ ශේණියෙන් ද, බොම්බායේ කරන ලද තැටිගත කිරීම් ඊ්‍යධ ශේණියෙන් ද නම් කෙරුණි*. සුසිලා ජයසිංහ මහත්මියගේ අද මා ඉදිරිපත් කරන ගීතය අන්තර්ගත තැටියේ ්‍යධ 495 ලෙස දැක්වේ. එනම් එය මදුරාසියේ දී තැටිගත කරන ලද ගීතයකි. එසේම වාර්තාගත තොරතුරු අනුව පළමුව මෙම ලේබලයේ තැටි කැපීම එංගලන්තයේ දී සුළු කාලයකට සිදු වුණු නමුදු, නෞකා මගින් ප‍්‍රවාහනය සඳහා ගතවන කාලය සහ පිරිවැය අධික වීම හේතුවෙන්, පසුව ඉන්දියාවේ කල්කටාහි ”ඩම් ඩම්” හි පිහිටි ග‍්‍රැමොෆෝන් ගීත තැටි නිෂ්පාදන කර්මාන්තශාලාවේ හෝ බොම්බායේ පිහිටි නව කර්මාන්තශාලාවක තැටි කැපීම සිදු වූ බව සඳහන් වේ. ඉන්දියාවෙහි අඟල් 8-9-10-12 ලෙස විවධ ප‍්‍රමාණ වලින් මෙම ලේබලයේ තැටි නිකුත් වුවද, මෙරට බහුලව භාවිත වුයේ අඟල් 12 තැටි වර්ගයයි . ඊඍධ්ෘක්‍්ීඔ තැටි වල ධාවන කාලය එවකට ප‍්‍රචලිතව තුබූ ්‍යඵඪ, ඣඛඹඵඊෂ් ,ධෘෑධභ සහ ඡු්ඍඛධඡු්‍යධභ තැටි වලට වඩා වැඩි වූයේ, මුද්‍රිත තැටි ලේබලය අනෙකුත් ්‍යඵඪ, ඣඛඹඵඊෂ් ආදී තැටි ලේබල වලට වඩා සාපේක්ෂව කුඩා වීම හේතුවෙන්, ගීතයේ වාදනයට වැඩි වපසරියක් ගීත තැටියෙහි අඩංගු වීම නිසාවෙනි. එබැවින්, අනෙකුත් ගීත තැටි ලේබල වලට සාපේක්ෂව බ්‍රෝඞ්කාස්ට් ලේබලයේ ගීත මිනිත්තු 4 තත්පර 30 ට ආසන්න කාලයක් වාදනය වන්නේ ය. මේ බව සෑම ගීත තැටි ලේබලයක ම දාරයෙහි ඉංගිරිසි බසින් ර්‍ණඔයැ ඛදබට ඡුක්හසබට ඍැජදරා” වශයෙන් ඉහළ කොටසෙහි මුද්‍රණය කරන ලදී. එසේම ලේබලයෙහි පහළ කෙළවර තැටි නිකුත් කරන ලද ්ඛඛ ඵඹීෂක්‍්ඛ ඡුඍධෘඹක්‍ඔී ඛඔෘ. ඵ්ෘඍ්ී යනුවෙන් මුද්‍රණය කරන ලදී. රසායනය අතින් ඊඍධ්ෘක්‍්ීඔ ලේබලය, ජර්මනියෙහි නිෂ්පාදිත ධෘෑධභ සහ ඡු්ඍඛධඡු්‍යධභ තැටි වලට වඩා තරමක පහළ මට්ටමක පැවතුණ අතර, තැටි තරමක් භංගුර විය.
 
 සුසිලා ජයසිංහ, ලක්ෂ්මි බායි, ලෝරන්ස් පෙරේරා, රොම්ලස් පෙරේරා,රෙජිනා පෙරේරා, විල්බට් අන්තෝනි, ජෝසප් පෙරේරා ආදී ගායක ගායිකා කණ්ඩායමක් මෙම බ්‍රෝඞ්කාස්ට් ලේබලයේ තැටි වලට ගීත තැටිගත කිරීමට මදුරාසියට පිටත්ව ගියබව සඳහන් වේ. මෙම ගීත බොහොමයක් 1934-35 වකවානුවේ පටිගත කෙරුණු අතර, 1934-37 වකවානුවේ දී පමණ වෙළෙඳපොළට නිකුත් විය. එවකට ප‍්‍රසිද්ධව තුබූ නුර්ති තනු ඇසුරින් නිෂ්පන්න වූ නුර්ති නොවන ”නව” ගීතද, නුර්ති ගීත ද රාශියක් වෙන වෙනම මෙම ඊඍධ්ෘක්‍්ීඔ ලේබලයට තැටිගත කෙරුණි. සුසිලා ජයසිංහගේ ගායනා රාශියක් ද මෙම ලේබලයෙන් නිකුත් වුණි. එම ගීත අතර ”ඔතැලෝ”, ”කුරුසයේ ලකුණ”, ”මායාදුන්නේ” ආදී නුර්ති වල අඩංගු යුග ගීත ද, ”සිරි උපුල කමල” සහ ”ඇඳලා සුදු පට සේලේ” වැනි නුර්ති නොවන කේවල ගායනා රාශියක් ද ඇතුළත් විය. මෙම ගීත බොහොමයක් සඳහා සංගීතය මෙහෙයවන ලද්දේ එච්. ඩබ්ලිව් රූපසිංහ මාස්ටර් විසිනි.
 
 මා අද ඉදිරිපත් කරන ගීතය සුසිලා ජයසිංහ විසින් තැටිගත කරන ලද්දේ 1935 දි පමණ එංගලන්තයේ නිෂ්පාදිත මෙම ”බ්‍රෝඞ්කාස්ට්” නම් ශබ්දවාහිනී තැටි ලේබලය (ඊඍධ්ෘක්‍්ීඔ තැටි අංක ඊ 2315-ඊ / ්‍යධ 495* වෙනුවෙනි. මෙම කාලයේ බ්‍රෝඞ්කාස්ට් ලේබලයේ ජනකාන්තම ගායිකාවන් දෙදෙනා ලෙස ප‍්‍රසිද්ධියට පත්ව සිටියේ කුප්පියාවත්තේ කේ.ඞී. රෙජිනා පෙරේරා සහ මරදානේ ලක්ෂ්මී බායි නිළි ගායිකාවන් දෙදෙනා ය. සුප‍්‍රසිද්ධ ඇනී බොතේජු ශිල්පිනිය මෙම ලේබලයට ගීත තැටිගත කළ බවට සාධක තවමත් මා හට ලැබී නොමැත. සුසිලා ජයසිංහ විසින් ගායනා කරන්නට යෙදුණු ගීතයේ වචන පහත අයුරින් වේ. මෙම ගීතය සහ එහි පද පේළි එවකට නිකුත් වුණු ”සංගීත නිධානය” නමැති පොතෙහි 3 කාණ්ඩයෙහි 4 වැනි පිටුවෙහි අන්තර්ගත වෙයි.
 
 ඇඳලා සුදු පට සේලේ - ෆකර ලා සුදු මල් මාලේ
 
 නටලා මෝහිණි වාගේ - ගොතලා කී කව් මාලේ
 
 ගොතලා මුතු මෙන් හිසකේ - තබලා චන්දන තිලකේ
 
 බැඳලා මිණි පා යුවලේ - නටලා යයි රන් මැණිකේ
 
 අත ලා පය ලා වළලූ - හිස ලා මුතු වැල් පබුළු
 
 ඉඟ ලා රන්දම් ඔප ලූ - නටලා යයි පා මුකුළු
 
 සැදිලා රාගෙට මියුරූ -යෙදිලා තාලෙට සීරූ
 
 නටලා රුසිරින් මොණරු -ගයලා නද දේ කිඳුරූ
 
 ඇඳලා සුදු පට සේලේ - කර ලා සුදු මල් මාලේ
 
 නටලා මෝහිණි වාගේ - ගොතලා කී කව් මාලේ
 
 (ෆ මෙහි ”කර ලා ඤකරෙහි ලා%” යන්න ගායිකාව විසින් උච්චාරණය කරන්නේ ”කරලා” යනුවෙනි*
 
 මෙම ගීතය අඩංගු තැටි ලේබලයේ ගීත රචකයා පිළිබඳ කිසිඳු සඳහනක් නොමැත. මෙම ගීතය එවකට නුර්ති තනුවක් නොවන මුත් ජන ගී ආරේ සහ එවකට ප‍්‍රසිද්ධ බජවු ශෛලීයේ සම්මිශ‍්‍රණයකින් නිපදවුණු මනහර තනුවක් විය. එසේම ග‍්‍රැමොෆෝන් ගීත රචනා තුළ සිංහල ජන ගීයෙන් ලද ආභාසය මෙම ගීතයෙන් ප‍්‍රකට වන්නේ වී කොටන ළඳුන් පිළිබඳ පහත දැක්වෙන ජනගී යුගලයක පද්‍ය පාද සලකා බැලීමෙනි.
 
 ” ඇඳලා සුදු සළුව ඉන වට නෙරිය සලා
 
 බැඳලා නිල වරල තෙල් ගා පීරාලා”
 
 ”මුකුළු මඳ සිනා කොඳ කැකුළු මුව තුලේ
 
 පබුළු මුතු මැණික් ගණ රන් මාල ගෙලේ”
 
 මෙම ගීතයේ රචකයා කිසියම් අයුරකින් සිංහල ජන ගීයේ ආභාසය ලැබුවා විය හැකි ය. එසේම මෙම ගීතය රචනා වූ සමයේ ම, මෙම අනුභූතිය රැුගත් තවත් ගීතයක් ලක්ෂ්මීබායි ශිල්පිනිය විසින් ඡු්ඍඛධඡු්‍යධභ ලේබලයට තැටිගත කළා ය. ඒ ”සුදු වර්ණේ පට සාරි අන්දාලා” යන ගීත යි. එවකට 1930 දශකයේ මරදානේ පැවැති සන්ධ්‍යා බජවු සාජ්ජ වල අතිශය ජනකාන්ත නාටිකාවන් සහ ගායිකාවන් දෙදෙනා වුයේ ලක්ෂ්මි බායි සහ සුසිලා ජයසිංහ මහත්මීන් ය. රූපසිංහ මාස්ටර් ගේ සර්පිනාව වාදනයට සුසිලා ජයසිංහ මෙම ගීතය ගයන විට එම ගීතයට පිළිතුරු ගීතය ලෙස ලක්ෂ්මි බායි විසින් ගායනා කරන ලද්දේ ඉහත සඳහන් ”සුදු වර්ණේ පට සාරි අන්දාලා” යන බජව් ගීතයයි. නිසල රැුයක මරදානේ නගරයේ සිට සැතපුම් කීපයක් ඈතට යන තෙක් මෙම ගායිකාවන් දෙදෙනාගේ ගීත පැහැදිළිව ජනතාවට ශ‍්‍රවණය කළ හැකි වූ බව පැරැුන්නෝ පැවසුයේ ඉතා අභිරුචියෙනි.
 
 එවකට ශ‍්‍රී ලංකාවෙහි ඊඍධ්ෘක්‍්ීඔ ගීත තැටි බෙදාහැරීමේ ඒජන්තවරු වූයේ කොළඹ මල්වත්ත පාරේ, කොන්සිස්ටනරි ගොඩනැගිල්ලෙහි, අංක 03 දරණ , ”කලම්බු මියුසිකල් ස්ටොර්ස්” සමාගම ය. ඊඍධෘ්ක්‍ීඔ ගීත තැටි බහා ලූ තැටි කවර (කංචුක* වල සුසිලා ජයසිංහ, රෙජිනා පෙරේරා සහ ලක්ෂ්මි බායි ගේ සේයාරු ඇතුළත් කළ අතර, ස්විස් සහ ජපන් හෝන් සහිත ග‍්‍රැමොෆෝන් යන්ත‍්‍ර වල දැන්වීම් ද, පොර්ටබල් සහ ටේබල්ග‍්‍රෑම් වර්ග මෙන්ම පැරණි ශබ්දවාහිනී තැටි සඳහා ආලේප කරන මැපිස්ටෝලින් නම් තෙල්වර්ගය පිළිබඳ දැන්වීම් ද අන්තර්ගත කෙරුණි.
 
 1937 වස‍රේ දී ඊඍධ්ෘක්‍්ීඔ ලේබලයේ බෙදාහැරීම සම්පූර්ණයෙන් මෙරට නවතා දැමු අතර, මෙම තැටි ලේබලයට ගීත ගැයූ රූපසිංහ මාස්ටර් ඇතුළු ඔහුගේ කණ්ඩායම 1938 වර්ෂයේ සිට ්‍යඵඪ තැටි ලේබලය යටතේ ලියාපදිංචි වුණි. එබැවින් සුසිලා ජයසිංහ ද 1939 සිට ්‍යඵඪ සමාගම සමගින් පස් අවුරුදු ගිවිසුම් අත්සන් කොට රූපසිංහ මාස්ටර් ගේ අදියුරුවම යටතේ ගීත ගායනා කළා ය. ඇය වැඩිපුරම ්‍යඵඪ ලේබලයට තැටිගත කළේ ජී. ඩබ්ලිව් දොන් බෙනඩික්ට් මහතා සමගින් විකට ජවනිකා ඇතුළත් ගීත ය. ඒවා අතුරින්, වලව්ව සහ හරමානිස්, හරමානිස් සහ මැගී, අන්දරේ සහ නැන්දම්මා , අන්දරේ කැවුම් කෑ හැටි , කැකිල්ලේ රජුගේ නඩු තීන්දුව, අන්දරේ සහ බිසව, අන්දරේගේ ගෑනි සහ බිසව, රාළහාමි සහ හාමිනේ, තෙපානිස් අප්පු සහ සොපි හාමි, විල්ෆ‍්‍රඞ් සහ ඇඞ්ලින්, ජොන්සන් සහ මියුරින්, බණ්ඩා සහ මැණිකේ, කැළණි වන්දනාව, දොයි දොයි බබෝ, මංගෝ නෝනා ගේ තේ කෝප්පය, සහ බබුංචි අප්පු ඉතා ජනප‍්‍රිය වූ විකට ජවනිකා වෙත්. එසේම 1940 දශකයේ ඇයගේම නෘත්‍ය කණ්ඩායමක් ඇති කළ සුසිලා ජයසිංහ එවකට ගම් - දනවු නගර පුරා සිය නාට්‍ය සහ නර්තන ජන්වනිකා රඟ දැක්වූවාය.
 
 ජීවිතයේ සැඳෑ සමයේ කිසිවෙකුගේ හව්හරණක් නොමැතිව ටවර්හෝල් පදනම මගින් පිරිනැමූ මාසික වැටුපක් පමණක් ලද එතුමිය වර්ෂ 1986 දෙසැම්බර මස 23 දින සදහටම දෙනෙත් පියා ගත්තා ය. මෙරට සිංහල නාටකයෙහි සහ සිංහල ගීතයෙහි එක්තරා යුගයක් නියෝජනය කළ ජනකාන්ත නූර්ති නිළියක සහ ගායිකාවක වූ සුසිලා ජයසිංහ මහත්මියගේ නාමයට මෙම සටහන උපහාරයක් ම වේවා !
 
 විශේෂ ස්තුතිය :
 
 ග‍්‍රැමොෆෝන් ගීත තැටි සංරක්ෂක මුදිත අභයගුණවර්ධන සහ අමරදාස අබේවික‍්‍රම මහත්මාවරු.