මොකක්ද මේ

සෑම සති අන්තයකම රාත්‍රී 7.45 ට සිරස TV ඔස්සේ විකාශය වේ
ජුනි 18, 2020

රියලිටි කලාව ලාංකේය ප්‍රේක්ෂකත්වයට සමීප කළ සිරස TV නාළිකාව වරලත් වැඩ සටහන් කලාව රටට හඳුන්වා දුන්නා පමණක් නොව දිවයිනේ වරලත් වැඩසටහන් විකාශය කරන එකම ටෙලිවිෂන් නාළිකාව ද වෙයි.

The Voice  ඊඥඥදඵ යනු සිරස TV විසින් වරලත් විකාශන අයිතිය ලබාගත් නවතම රියලිටි ටෙලිවිෂන් වැඩසටහනයි.

මෙවර සිය 22 වැනි සංවත්සරය සිරස TV ටෙලිවිශනයේ සීමා මායිම් අතික්‍රමණය කරමින් ගෝලීය ප්‍රවේශයක් ලබා ගැනීමට සමත් වී තිබීම විශේෂත්වයකි. අතිශය සාර්ථක ලෙස මේ වන විට විකාශය කෙරෙන වැඩසටහනෙහි Battle Rounds සහ Blind Auditions නියෝජනය කළ තරගකරුවන් සිව් දෙනෙක් ජාත්‍යන්තර ඉදිරිපත් කිරීම් අතරට එක්වීමට සමත් වී තිබේ.

තරගයේ Blind Auditions නියෝජනය කළ ආදිත්‍යා වැලිවත්ත සහ මධු වයිතියලිංගම් සහ Battle Rounds නියෝජනය කළ කයිල් මාරියෝ සමඟ ඉශිතා ප්‍රේමනාත් මැයි මාසයේ ලෝකයේ හොඳම ඉදිරිපත් කිරීම් අතරට තේරී පත්වීමට හැකියාව හිමි කර ගත්හ.

Voice Global  යනු ලෝකයේ විවිධ රටවල පැවැත්වෙන The Voice  වැඩසටහන නියෝජනය කරන තරගකරුවන් සියලුම දෙනා අතරින් හොඳම ඉදිරිපත් කිරීම සමුච්චය යූ ටියුබය තුළින් සයිබර් අවකාශයට මුදා හරින වීඩියෝවයි.

නෙදර්ලන්ත ජාතික රූපවාහිනී නිෂ්පාදක ජෝන් ද මෝල් විසින් නිර්මාණය කෙරුණු අන්තර් ජාතික සංගීත සන්නමයක් වන The Voice  2011 වසරේදී මුල්වරට නෙදර්ලන්තයේ නිෂ්පාදනය කෙරිණි. මෙය දැනට ලෝකයේ රටවල් 180 ක් දක්වා ව්‍යාප්ත වී ඇති අතර අන්තර්ජාලයේද ඉතා ජනප්‍රිය සංගීතමය වැඩ සටහනකි

The Voice Teens වැඩ සටහනේ පුහුණුකරුවන් ලෙස ලංකාවේ තාරුණ්‍ය අතර ඉතා ජනප්‍රිය ගායක ගායිකාවන් සිව් දෙනෙක් වන සනුක වික්‍රමසිංහ, අශාන්ති ද අල්විස්, දුමාල් වර්ණකුලසූරිය, රයනි ගුණතිලක තම කණ්ඩායම් හසුරුවමින් සිටිති.

මෙම වැඩසටහන මෙහෙය වන්නේ 2011 විශ්ව රූ රැජින ලෙස නම් වූ ශ්‍රී ලංකා - ලෙබනන් නිරූපිකාවක් වන ස්ටෙෆනි සිරිවර්ධන විසිනි.

ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත් වැඩසටහන් නිර්මාණය කිරීම සඳහා පහසුකම් ඇති ස්ටයින් මැදිරි සංකීර්ණයේ මැදිරි කිහිපයක්ම භාවිත කරමින් බ්‍රිතාන්‍යයේ  ITV  සහ නෙදර්ලන්තයේ තල්පා යන මාධ්‍ය ආයතනවල අධීක්ෂණ්‍ය යටතේ ලංකාවේ මෙම වැඩ සටහනේ නිෂ්පාදන කටයුතු සිදු වෙමින් පවතී.

අති නවීන තාක්ෂණය යොදා ගනිමින් ප්‍රධාන කැමරා 19 ක ජාලයක් භාවිත කරමින් කරනු ලබන අති දැවැන්ත නිෂ්පාදනයක් වන The Voice Teensවැඩ සටහන සඳහා සමස්ත නිෂ්පාදන කණ්ඩායම 100 දෙනෙකු ඉක්මවයි.

මෙම දැවැන්ත සංගීත රියැලිටි තරගාවලිය නව යෞවනයට අලුත් දේ කරන්නටත් අලුතින් සිතන්නට ආරාධනා කරමින් සෑම සති අන්තයකම රාත්‍රී 7.45 ට සිරස TV ඔස්සේ විකාශය වේ.