ගංදෑලේ සමඟ එන සුදර්ශණ

ජුනි 25, 2020

සුදර්ශන කුරේ සංගීත ලෝකයට සපැමිණි නවක ගායකයෙක්.මේ වනවිට ඔහු ගීත කිහිපයක් එළිදක්වා තිබෙනවා.සුදර්ශනගේ පළමු ගීය තමයි සයුරු නිම්නයේ.එය රචනා කළෙත් ඔහුමයි.කුමාරසිරි පතිරණ සංගීතවත් කළා.2017 වසරේදීයි එය නිකුත් වූයේ.ගංදෑලේ සුදර්ශනගේ නවතම ගීතයයි.එහි පද රචනයත් ඔහුගේ.සුනෙත් කැලුම් සංගිතවත් කොට තිබෙනවා.ගංදෑලේ සඳහා මියුසික් වීඩියෝවක්ද සුදර්ශන නිර්මාණය කරනු ලැබුවා.එය යූ ටියුබ් හරහා ඔබට රසවිඳීන්න හැකියාව තිබෙනවා.

ගංදෑලේ ගීතයේ 
සම්පූර්ණ පද මාලාව

ගංදෑලේ ඔබ හා මා ආදරෙන් බැඳීලා
දෙහදක් එක්වී මංගල සිරියෙන්
සසල නෙතින් ඔබ එක් වූවා

ගංදෑලේ ප්‍රේම විජිතයේ ආදර මල් පිපුණාවේ
ගංතෙර මත්තේ සිහින විමානේ අප සිත් පිබිදී
ආදර හැඟුමන් රැව් පිළිරැව්දේ

මල්සර හීසර දෛවයේ සසර පුරා
භවයෙන් භවය
ආශිර්වාදෙන් අප රන් හූයෙන්
එක් වේවා චංචල රිවිරේඛා විකසිතවී

නොසිතූ විලසයි ඔබ මට හමුවූයේ
සොඳුරු සිතැත්ති මගේ
ශ්‍රියාවි ඔබ මට හිමිවේවා
අප ප්‍රාර්ථනා ඉටුවී