අපතේ ගිය ඇගේ රූපණ ප්‍රතිභාව

ජුනි 25, 2020

 

අයිරාංගණී සේරසිංහ යථාර්ථවාදී රූපණවේදය ශූර ලෙස භාවිත කළේ හුදෙක්ම සහජ ප්‍රතිභාවෙන් පමණක් නොවේ. ඇය විද්‍යානුකුල ලෙස රූපණය හැදෑරුවාය. සහජ ප්‍රතිභාව (ඕධපද ඊචතඥදබ) නොමැතිව ලොව කිසිවකු හට කලාකරුවකු හෝ කලාකාරියක විය නොහැකිය. එසේම ජන්ම ප්‍රතිභාවට පමණක් සීමා වීමෙන් ඔවුන්ට කලා ක්ෂේත්‍රයේ ශ්‍රේෂ්ඨත්වයට පත් විය නොහැකිය. සකල කලාවට අධිපතිනි සරස්වතී දෙවඟනගේ “වරදායක හස්තය” ලැබීම මේ සහජ ප්‍රතිභාව මිනිසකු උරුම කොට ගැනීම යැයි මම සිතමි.

“නරත්වං දුර්ලභං ලෝකේ

විද්‍යා ශක්ති සුදුර්ලභඞ

කවිත්වං දුර්ලභං ලෝකේ

තත්‍ර ශක්ති සුදුර්ලභඞ

සංස්කෘත සාහිත්‍යයෙහි “ආග්නේය පුරාණ” ග්‍රන්ථයෙහි දැක්වෙන යථෝක්ත ශ්ලෝකයට අනුව මිනිසත් බව ලැබීම අතිශයින් දුර්ලභය. ඒ දුර්ලභ මිනිසා ශ්‍රේෂ්ඨ කලාකරුවකු බවට පත් වීම ඊටත් වඩා දුර්ලභය.

ශතේෂු ජායතේ ශූරං

සහස්‍රේෂුච පණ්ඩිතා

වක්තා ශතසහස්‍රේෂු

කවිස්තස්ත්‍ර සුදුර්ලභ:

ශූරයකු ලොව පහළ වනුයේ වසර සියයකට වරකි. පණ්ඩිතයකු ලොව පහළ වනුයේ සහස්‍රකයකට වරකි. කථිකයකු ලොව පහළ වනුයේ ශත සහස්‍රයකට වරකි. එහෙත් කලාකරුවා දුර්ලභය.

පිරිපුන් කලාකරුවා සහජ ප්‍රතිභාවෙන් නොනැවතී ව්‍යුත්පත්තිය, සතතාභ්‍යාසය හා පරිකල්පනය ඔස්සේ ස්වකීය විෂයෙහි බහුශ්‍රැතයකු බවට පත් වේ. පෙර කී ලෙසින් අයිරාංගණී සේරසිංහ (එවක අයිරාංගණී මීදෙනිය) මහාචාර්ය ඊ. එෆ්. සී. ලුඩොවයික්ගේ ඉංග්‍රීසි නාට්‍යවල රඟපෑමෙන් ස්වකීය සහජ ප්‍රතිභාව මුවහත් කොට ගත්තාය. පොතපත කියැවීමෙන්, ලංකා විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර හැදෑරීමෙන්, විද්වතුන් ඇසුරෙන් ව්‍යුත්පත්තික ඥානය ලැබුවාය. මහාචාර්ය ලුඩොවයික් ඇගේ කුසලතා ආරම්භයේ සිටම හඳුනාගෙන සිටියේය. රූපණය ශාස්ත්‍රානුකූලව හැදෑරීමට ඇය උනන්දු කොට ඊට මඟ පෙන්වන ලද්දේ මහාචාර්ය ලුඩොවයික් විසිනි. ඒ අනුව අයිරාංගණී එංගලන්තයේ “ඊඩඥ ඕපඪඵබධත ර්‍ණතඤ එඪජඬ ඊඩඥචබපඥ ඉජඩධධත” පාසලට ඇතුළත් වූවාය. රංග කලාව හා සබැඳි සියලු අංශ පිළිබඳ මෙමඟින් පුහුණුවක් ලැබූ ඇය ඉක්බිතිව “ඛ්ඥදබපචත ඉජඩධධත ධට ඉනඥඥජඩ ඊපචඪදඪදඨ චදඤ ච්පචථචබඪජ ඒපබ” පාසලට බැඳී තවදුරටත් තත් විෂය ප්‍රගුණ කළාය. තත්විධ රූපණ න්‍යාය (ඊඩඥධපර ධට ර්ඥබඩධඤ ඒජබඪදඨ) පිළිබඳව මුල්වරට ඇය ශාස්ත්‍රීය පුහුණුවක් ලැබුවේ මේ වකවානුවේදීය. මේ අනුව රූපණය අරභයා ශාස්ත්‍රාලීය පුහුණුවක් ලැබූ මෙරට පළමු රූපණවේදිනිය අයිරාංගණී සේරසිංහය. ඇය වත්මනෙහි 93 හැවිරිදි වියෙහි පසුවන්නීය. ඇගේ සැමියා වූ වින්ස්ටන් සේරසිංහයන් ද එවක ඉංග්‍රීසි නාට්‍යවල රඟපෑ කුසලතා පූර්ණ රූපණවේදියෙකි.

ඔහුගේ සහාය ද ඇගේ රංගනය මුවහත් වීමට බලපෑ බැව් පෙනේ. ඉක්බිතිව ලාංකේය සිනමාවේ කලාත්මක ධාරාව ස්ථාපිත කළ ලෝක පූජිත, අග්‍රගණ්‍ය සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ ඇසුර ඇගේ බහුශ්‍රැතභාවයෙහි වැඩීමට හේතු කාරක විය. ආසියානු කලාපයේ පුරෝගාමීන් බවට පත්වෙමින් සිනමා ක්ෂේත්‍රය තුළ යථාර්ථවාදී රූපණවේදය ස්ථාපිත කිරිමට අයිරාංගණී සේරසිංහ මෙන්ම ගාමිණි ෆොන්සේකා ද අනුබලය ලැබුවේ ලෙස්ටර් සූරීන්ගෙනි. අයිරාංගණී මුල්වරට සිනමා රංගනයට ප්‍රවිෂ්ට වූයේ ලෙස්ටර් මාර්ග අනතුරු අරභයා දැනුම්වත් කිරීමට නිර්මාණය කළ ‘ඕඥ ඉචටඥ ධප ඕඥ ඉධපපර’ (රැකෙනු නැත්නම් තැවෙනු) නමැති විත්ති කථා (1955)චිත්‍රපටයෙනි. එහි ඇය රංගනයෙන් දායක වූයේ ප්‍රවීණ මාධ්‍යවේදී රිචඩ් ද සොයිසාගේ පියාණන් වූ ලූෂන් ද සොයිසා සමඟිනි. ඉක්බිති ඇය ලෙස්ටර්ගේ “රේඛාව“ චිත්‍රපටයේ කතිරිනා හාමිගේ චරිතයෙන් යථාර්ථවාදී රූපණවේදය මෙරට සිනමාවට හඳුන්වා දුන්නාය.

ලාංකේය වේදිකා නාට්‍ය ක්ෂේත්‍රයේ තත්විධ රූපණ න්‍යාය විධිමත්ව හදාරා භාවිතයට ගත් කෘතහස්ත කලාකරුවන් ලෙස අයිරාංගණී සේරසිංහ, ගුණසේන ගලප්පත්ති, ටෝනි රණසිංහ, ධම්ම ජාගොඩ හා ආචාර්ය සාලමන් ෆොන්සේකා කැපී පෙනෙති.

ෆුල්බ්‍රයිට් ශිෂ්‍යත්වයක් ලැබ පර්යේෂණ නාට්‍ය අරභයා හැදෑරීමට ඇමරිකාවේ යේල් විශ්වවිද්‍යාලයට ඇතුළත්වීමට ගුණසේන ගලප්පත්ති සූරීන් හට අවකාශ ලැබිණ. එතැනින් “බ්‍රෝඩ්වේ” රඟහලට පිවිසීමට හැකියාව ලැබීම ඔහුගේ භාග්‍යයකි. ශ්‍රේෂ්ඨ නළු මාලන් බ්‍රැන්ඩෝට සමකාලීනව බ්‍රෝඩ්වේ රඟහලේ සහ ඉන් පරිබාහිර නාට්‍යවලට දායකවීමේ අවස්ථාව ලත් ප්‍රථම ලාංකික කලාකරුවා ගුණසේන ගලප්පත්ති සූරීන්ය. මේ කාල වකවනුවෙහි ඔහු ස්ටැනිස්ලව්ස්කිගේ තත්විධ රූපණ න්‍යාය හැදෑරුවේය. මෙහිදී හර්බට් බර්ග්හොෆ් සහ උටා හේගන් ඇතුළු කීර්තිමත් ආචාර්යවරුන්, ආචාර්යවරියන්ගෙන් ඉගෙනීමේ අවස්ථාව ගලප්පත්තිට ලැබිණ. බ්‍රෝඩ්වේ රඟහලේ නාට්‍ය ද්වයකට ඔහු රංගනයෙන් හා සම නිෂ්පාදනයෙන් දායක වූයේය. එනම් ‘ඊඥච ඩ්ධභඵඥ ධට ඊඩඥ ඒභඨභඵබ ර්ධධද’ හා ‘ඊඩඥ ර්චපපඪචඨඥ - ට්ධ - අධභදඤ’ ඈ නාට්‍ය ද්වය උදෙසාය. පසුකලෙක සුගතපාල ද සිල්වා සූරීන් “ඇසළ සඳ අවන්හල” නමින් සිංහල වේදිකාවට ගෙනාවේ “ඊඥච ඩ්ධභඵඥ ධට බඩඥ ඒභඨභඵබ ර්ධධද” නාට්‍යය බව සහෘද ඔබට මතක ඇති.

 

“වෙස්මුහුණු” නාට්‍යයේ රුක්මණී දේවි කුමාරි උඩුවෙල ලෙස හෙක්ටර් රූපසිංහ සමඟ

 

 

ස්ටැනිස්ලව්ස්කිගේ “ඒජබධපඵ ඉබභඤඪධ” හී ආභාසය ලබා රංග ශිල්ප ශාලිකා සංකල්පය මෙරටට හඳුන්වා දෙන ලද්දේ ධම්ම ජාගොඩ සූරීන් විසිනි. ඔහු ලයනල් වෙන්ඩ්ට් රඟහලේ ඇරැඹූ රංග ශිල්ප ශාලිකාව තත්විධ රූපණ න්‍යාය විධිමත්ව, විද්‍යානුකුලව මෙරට ඉගැන්වීමට ගත් පුරෝගාමී වෑයම විය. ආචාර්ය රවීන්ද්‍ර රන්දෙණිය, සුමින්ද සිරිසේන, බුද්ධදාස විතානාරච්චි, මැණිකේ අත්තනායක ප්‍රමුඛ කෘතහස්ත නළු නිළියෝ රාශියක් ධම්මගේ රංග ශිල්ප ශාලිකාවෙන් කලා ලොවට පිවිසුණාහ.

ලෝක සිනමාවේ තත්විධ රූපණ න්‍යායෙහි ආරම්භක රූපණවේදියා මාලන් බ්‍රැන්ඩෝ බව වරක් පැවසුවේ සුප්‍රකට සිනමාකරු ෆ්‍රෙඩ් සිනමන්ය. ඔහුගේ එකී අභිනව රූපණවේදය මුල්වරට ඉස්මතු වී පෙනුණේ එලියා කසාන් අධ්‍යක්ෂණය කළ “ඒ ඉබපඥඥබජචප ව්චථඥඤ ච්ඥඵඪපඥ” (1951) චිත්‍රපටයෙනි. මාලන් බ්‍රැන්ඩෝ හා විවියන් ලේ මෙහි ප්‍රධාන චරිත රැඟූහ. මේ වූ කලී 1947 දී වේදිකා ගත වූ ටෙනිසි විලියම්ස්්ගේ සුප්‍රකට නාට්‍යය පාදක වූ චිත්‍රපටයකි. ධම්ම ජාගොඩ 1966 දී “වෙස්මුහුණු” නාට්‍යය නිර්මාණය කළේ උක්ත නාට්‍යය අනුවර්තනය කිරීමෙනි. මෙය නූතන අඹු සැමි යුවළකගේ පවුල් ජීවිතයෙන් පැන නඟින ගැටලු හා තරුණ පරපුර පිළිබඳ කාලීන අදහස් ඉදිරිපත් කළ නාට්‍යයකි. මෙහි ප්‍රධාන චරිතය වූ කුමාරි උඩුවෙලගේ භූමිකාව වරින්වර නිළියෝ තිදෙනෙක් රඟපෑහ. පළමුවැන්නී රෝමා ද සොයිසාය. දෙවැන්නී අයිරාංගණී සේරසිංහය. තෙවැන්නී රුක්මණී දේවියයි. ධම්ම ජාගෙඩ මේ නාට්‍යයෙන් කුළුගැන්වූ තත්විධ රූපණ න්‍යාය අයිරාංගණී සේරසිංහ හා ජී. ඩබ්ලිව්. සුරේන්ද්‍ර ශූර ලෙස ග්‍රහණය කොට ගනිමින් මැනවින් නිරූපණය කළහ. රුක්මණී දේවියට කුමාරි උඩුවෙලගේ භූමිකාව අභියෝගාත්මක වූවත් මේ වූ කලී ඇය දිගු කාලයක් පුරා රඟපෑමට පෙරුම් පුරමින් සිටි අවස්ථාවකි. තත්කාලීන ප්‍රවණතා අනුව ආරම්භයේ සිට දශක ද්වයක් පුරා වේදිකාවේ හා සිනමාවේ බහුලව ග්‍රන්ථ බස වහරමින්, නාට්‍යාතිශය, භාවාතිශය චරිත නිරූපණය කරමින් හෙම්බත් වී සිටි රුක්මණිය යථාර්ථවාදී රූපණයට පිවිසීමට කලෙක පටන්ම ඇඟිලි ගනිමින් සිටි බව “මගේ ජීවිත විත්ති” (1956) නම් වූ ඇගේ අපදාන කෘතියෙන් හෙළි වේ. ඒ මහඟු අවස්ථාව මෙරට පුරෝගාමී මහා නිළි රැජන රුක්මණියට ලැබුණේ ධම්ම ජාගොඩගේ “වෙස් මුහුණු” නාට්‍යයෙනි. රුක්මණිය මෙය කෙතරම් ශුර ලෙස රඟපෑවේද යන්න ධම්ම ඇය ගැන ලියූ මේ සටහනෙන් පෙනේ. එහිදී ඔහු ලංකාවේ පහළ වූ යථාර්ථවාදී නිරූපණයේ අග්‍රගණ්‍ය නිළිය රක්මණී ලෙස හැඳින්වීම වටිනා ඇගැයුමකි.

“ශ්‍රී ලංකාවේ පහළ වූ නිළියන් අතුරින් යථාර්ථවාදී නිරූපණය සඳහා අග්‍රගණ්‍ය නිළිය රුක්මණි දේවි බවට සැකයක් නැහැ. එය මා “වෙස් මුහුණු” නාට්‍යය නිෂ්පාදනය කිරීමෙන් අවබෝධ කර ගත් ඇත්තක්. මිනිස් හැඟීම්වල විවිධ වෙනස්කම් හා විවිධ සංඝට්ටනයන් ප්‍රකාශ කිරීමට උචිත කටහඬක් ඇය සතුව තිබුණා. අධ්‍යක්ෂවරයකු ලෙස නිළියකගෙන් ලබා ගත හැකි උපරිම කුසලතා මට ලබා ගත හැකි වූයේ රුක්මණී දේවිගෙන් පමණි. ඇය තරමටම රංගන කුසලතා ඇති අනෙක් නිළිය අයිරාංගණී සේරසිංහය. සංගීත ඥානය නිසාදෝ හඬ හැසිරීම අතින් ඇය අයිරාංගණී සේරසිංහ අබිබවා සිටියා.”

එහෙත් අභාග්‍යයකට රුක්මණියගේ ඒ ශූර රූපණ ප්‍රතිභාවෙන් වේදිකාව හෝ සිනමාව වැඩක් ගත්තේම නැත. ඒ ප්‍රතිභාව අපතේ ගියේය. රුක්මණිය සතුව තිබූ ඇදැහිය නොහැකි උසස් නිහතමානී ගුණාංග අරභයා ධම්ම ජාගොඩ පැවසූ කියුමක් (යුගයක ස්වර්ණ ගීතය - ඒ. ඩී. රන්ජිත් කුමාර, පිටු 250, 251) මෙසේය.

“මා නිෂ්පාදනය කළ “වෙස් මුහුණු” නාට්‍යයේ රුක්මණී දේවි චරිත නිරූපණය කළ ප්‍රථම දර්ශනය රංග ගත කළේ ගාලු නගර ශාලාවේදී. එදින නාට්‍යය ඉදිරිපත් කිරීමේ දෙවෙනි සීනුවට පසු තුන්වන සීනුව අතර විනාඩි දෙකේදී මා සමීපයට පැමිණි රුක්මණී දේවි බැගෑපත් ලෙස මගෙන් ඉල්ලීමක් කළා. ඇගේ සියලු කලා කටයුතුවලදී සම්ප්‍රදායක් ලෙස මුලින්ම ඉටු කරන චාරිත්‍රයකට ඉඩ දෙන ලෙස ඇය මගෙන් ඉල්ලා සිටියා. මා දැන සිටි තරමින් ඇය භක්තිමත් කතෝලික කාන්තාවක්. ඒ නිසා මා සිතුවේ නාට්‍යය ආරම්භ කරන්න පෙර ඇය දෙවියන් යැදීමට අවසර ඉල්ලන බවයි. එහෙත් සිදු වූයේ වෙනත් දෙයක්. සියලුම ශිල්පීන් බලා සිටිද්දී ඇය මා ඉදිරියේ දණින් වැටී වැන්ඳා. මගේ සිත තුළ උපන් කම්පනය මට විඳ දරා ගන්න බැරිව ගියා. මේ සිද්ධිය දුටු නාට්‍ය කණ්ඩායමේ සියලු දෙනාගේම සිත් තුළ ඇතිවුණු කලබගෑනිය නිසා එදින නාට්‍යය රංගගත කිරීම විනාඩි තිහකින් පමණ ප්‍රමාද වුණා. මෙහිදී වැදගත් වන්නේ රුක්මණී දේවි ධම්ම ජාගොඩ ඉදිරියේ වැඳ වැටීම නෙවෙයි. ශ්‍රේෂ්ඨ නිළියක් තම අධ්‍යක්ෂවරයා කෙතරම් ළාබාල අයකු වුවත් ඔහු කෙරෙහි ගරු සැලකිලි දැක්වීමේ ගුණාංගයයි”.

ධම්ම පැවසූ යථෝක්ත සිදුවීම සිදු වන විට ඔහු 27 හැවිරිදි තරුණයෙකි. යොවුන් එහෙත් දක්ෂ අධ්‍යක්ෂවරයෙකි. රුක්මණිය 44 හැවිරිදි ජ්‍යේෂ්ඨ පුරෝගාමි නිළි රැජනය. අනෙක් අතට සුපිරි තාරකාව හා අග්‍රේසර ගායන ශිල්පිනිය වී සිටියාය.