තරුකැට වාගේ ගයන

නෙලූක
ජූලි 9, 2020

දිනක් මා හදිසියේම අන්තර්ජාලයේ ගීත කීපයක් රසවිඳීමින් සිටින අවස්ථාවේ මා වැඩි වශයෙන්ම කැමති 60-70 දශකයේ කණ්ඩායම් සංගීත රැල්ලේ ගීතයන්ට සමානව නිර්මාණය වූ 'තරු කැට වාගෙයි' ගීතය මගේ සවනට වැටුණි. එය එක්වරක් ශ්‍රවණය කළ පසු තව තවත් කීප වතාවක් රසවිඳීමට මගේ සිත යොමු වුණේ මෙහි පදමාලාව, තනුව හා සංගීත සැකැස්ම හැත්තෑව දශකයේ ක්ලැරන්ස් විජේවර්ධනගේ සංගීත ගායන විලාසය සිහිපත් විණ. ඔහු නමින් නෙලූක විජේසූරියයි. ඒ අන්දමින් ඔහුගේ එම ගීතයේ ලීඩ් ගිටාර් වාදනය ඔහු විසින්ම කර තිබුණි. මෙහෙයින් මම ඔහු ගැන තවත් විපරම් කිරීමට ඔහුගේ මුහුණු පොත හරහා ඔහුව දැන හඳුනා ගත්තෙමි. එදිනම සවස, මම මාගේ පූර්ණ කාලීන මිතුරකු වන ලංකාවේ දැනට සිටින ශබ්ද පරිපාලකවරයකු වන විද්‍යා මුණසිංහ අමතා මොහු ගැන තොරතුරු කීවෙමි. නමුත් සිදුවී ඇත්තේ වෙනස් දෙයකි. මා ඔහු ඇමතීමට කලකට පෙර නෙලුක ඔහුගේ එම ගීතයේ ශබ්ද සංකලන කටයුතු සඳහා විද්‍යා මුණසිංහ වෙත පැමිණ ඇත. ඒ වන විටත් මා පිළිබඳ විද්‍යා විසින් පවසා තිබුණි. මා ක්ලැරන්ස් විජේවර්ධනයන්ගේ රසිකයකු වන බවත් ක්ලැරන්ස් විජේවර්ධනයන්ගේ අභාවයෙන් පසු පිහිටවන ලද ක්ලැරන්ස් විජේවර්ධන අනුස්මරණ පදනම ආරම්භ කිරීමෙහිලා ප්‍රමුකව ක්‍රියා කළ අයකු ලෙසත් මා ගැන ඔහු දැන සිටියේය.

ඔහු කුඩා කල ලංකාවේ අති දක්ෂ හවායන් ගිටාර් වාදකයකු ලෙස හඳුන්වන හේමසිරි ද සිල්වා මහත්මයා යටතේ 2011 වසරේ ගිටාර් වාදනයට යොමු වූ බවයි. ඉන් මාස කිහිපයකට පසුව 2012 වසරේ චන්න අතලගේ මහත්මයා යටතේ ගිටාරය ප්‍රගුණ කිරීමට ආරම්භ කළ බවත්, වාදකයකු ලෙස තම සංගීත දිවියේ අද තමා සිටින තත්ත්වයට චන්න අතලගේ එදා සිට අද දක්වා විශාල ශක්තියක් වුණු බවත් නෙලුක, ඔහුගේ ප්‍රාථමික අධ්‍යාපනය ශාන්ත ජෝන් බාලිකා විදුහලේ ද, සාමාන්‍ය පෙළ දක්වා පානදුර රාජකීය විද්‍යාලයේ ද, උසස් පෙළ අධ්‍යාපනය මොරටුව වේල්ස් කුමාර විදුහලින් ද ලබාගෙන ඇති අතර මේ වන විට නුගේගොඩ සේජිස් විශ්වවිද්‍යාලයේ මෘදුකාංග ඉංජිනේරු උපාධිය දෙවන වසර හදාරන සිසුවෙකි.

මේ අතරතුර තරුණ සංගීත කණ්ඩායමක් වන 'ස්ටීල් ෆෙදර්ස්' (ඉබඥඥත ජ්ඥචබඩඥපඵ) කණ්ඩායමේ නිත්‍ය ලීඩ් ගිටාර් වාදක ලෙස කටයුතු කරන ඔහු ඔහුගේ සංගීත කටයුතු වෙනුවෙන් කණ්ඩායමෙන් ලැබෙන සහයෝගය ඇගයීමට පත් කළේය. ඔහු විසින්ම පද රචනය කොට, තනු හා සංගීතය නිර්මාණය කොට, මේ වන විට එළිදක්වා ඇති 'තරු කැට වාගෙයි' , 'ඔබටමයි ආදරේ' , 'සීත රැයක' හා 'පානදුර' යන ගීත සියල්ලේම පසුබිම් සංගීතය සපයන ලද්දේ 'ස්ටීල් ෆෙදර්ස්' කණ්ඩායම බව ඔහු ඉතා ආඩම්බරයෙන් මතක් කළේය. නවතම වේග රිද්ම ගීතය වන 'පානදුර' ගීතය ඔහුගේ නිර්මාණශීලිත්වය මනාව පිළිබිඹු කරයි. විද්‍යා මුණසිංහ, මව්පියන් ඇතුළු ඔහුගේ ගමනට අත හිත දෙන සියලුම දෙනාවද ගෞරවයෙන් යුතුව සිහිකර සිටියේය.

තරුණ ශිල්පියෙකු වශයෙන්, 60-70 දශකවල ප්‍රවීණයන් වන ඇනස්ලි මාලේවන, අනිල් භාරතී, ඩික්සන් ගුණරත්න, රුක්ෂාන් පෙරේරා, චන්ද්‍රාල් ෆොන්සේකා, ලලිත් ප්‍රනාන්දු, මෙල්රෝයි ධර්මරත්න, රේමන්ඩ් ෆොන්සේකා, ප්‍රියා පීරිස්, ස්ටැනිස්ලස් ප්‍රනාන්දු, ඇතුළු ප්‍රවීණයන් බොහෝ දෙනෙකු සමඟ ඇසුරු කිරීමත්, ඔවුන්ගේ ආශිර්වාද ලැබ තිබීමත් ඔහුගේ තවත් විශේෂ ලක්ෂණයකි. තවද, මොහු මේ වන විටත් පටිගත කිරීම් රැසකට ලීඩ් ගිටාරයෙන් දායක වී ඇත.