ඉසුරු හා චමත්කා යළි එක්කොට තරිඳු සංඝටන තනයි

ජූලි 1, 2021

 

 

හුස්ම චිත්‍රපටයේ එකට රඟපෑ ඉසුරු ලොකුහෙට්ටිආරච්චි, චමත්කා ලක්මිණි, සමග අමා විජේසේකර, ධනුෂ්ක එරන්ද, ඇතුළු නව පරපුරේ නළු නිළියන් රැසක් චරිත මවන මනෝ විශ්ලේෂණීය පර්යේෂණාත්මක සිනමා කෘතියක වැඩ කටයුතු ළඟදීම ඇරඹෙනු ඇත. සංඝටන නමින් නම් කොට ඇති මේ චිත්‍රපටය සමග අලුත් අධ්‍යක්ෂවරයෙකු හා නිෂ්පාදකවරයෙකු සිනමාවට එක් වනු ඇත. තරිඳු බණ්ඩාර මෙහි අධ්‍යක්ෂවරයා වන අතර නිෂ්පාදනය ධනුෂ්ක එරන්ද ගෙනි. මෙහි තිරනාටකය ද තරිඳු බණ්ඩාරගෙනි. චිත්‍රපටයේ තේමාව තරුණ පරපුරේ ප්‍රතිභාපූර්ණ කවියකු වන මහින්ද ප්‍රසාද් මස්ඉඹුල ගෙනි.

ජනිත් ගුණසේකර කැමරා අධ්‍යක්ෂණයෙන් ද , ඉඳුවර සූරිය බණ්ඩාර සංගීත අධ්‍යක්ෂණයෙන් ද නිපුණ ගමච්චිගේ කලා අධ්‍යක්ෂණයෙන් ද සංඝටන සඳහා දායකව සිටිති. චතුර වික්‍රමගේ ගී රචනා කළ මෙහි ගායනය අමේලියා විජේසූරිය ගෙනි. නිපුණ සූරආරච්චි නිෂ්පාදන කළමනාකාරිත්වයෙන් ද සහාය අධ්‍යක්ෂණයෙන් චමත් ප්‍රියදේව හා විශ්ව ප්‍රබුද්ධ ද චිත්‍රපටයට එක් වන පිරිස අතර සිටිති.