Feedback

Week of අගෝස්තු 29, 2019

සිනමාවට සිදු වූ පාඩුව සුළුපටු නොවේ
අගෝස්තු 29, 2019 ~ ආනන්ද වික්‍රමආරච්චි ~ ඉහළ තල්දූව

අපේ සිනමාවේ සිංහලයා ලෙස විරුදාවලිය ලද සිනමාකරුවා සිරිසේන විමලවීරය. දයා විමලවීර ඔහුගේ පුතණුවන්ය. සිරිසේන විමලවීරයන්ගේ ‘පොඩි පුතා’ 1955 හි රංගනයේ යෙදෙමින් දයා විමලවීර සිනමාවට පිවිසියාය. ඔහුගේ ප්‍රථම අධ්‍යක්ෂණය ‘වීදුරු ගෙවල්’ චිත්‍රපටයයි. ඉන් පසුව මේජර් සර්, මිහිදුම් සිහින, දෙව් දුව, සුජාතා නව නිර්මාණය, රජ දරුවෝ, සීතල ගිනි කඳු ආදිය ද ඔහුගේ නිර්මාණයන්ය. ඔහු දක්ෂ කැමරා ශිල්පියෙකු සේම ගීත රචකයකු ලෙස ද ප්‍රකටය. දයා විමලවීර මහතාගේ වියෝව සිනමාවට සිදු වූ පාඩුවකි. ඔහුගේ නිර්මාණ තුළ ගැබ්ව ඇති රසාලිප්ත බව සදා කල් රැඳී පවතියි. අපි ඔබට නිවන් සුවය පතමු.

-----------

 රටක් වසඟ කළ සොඳුරු සිත්තරා

70 දශකයේදීත්, 80 මුල භාගයේදීත් චිත්‍ර කතා ඉතා ප්‍රබල ලෙස අප ජන හදවත් වැලඳගෙන තිබිණ. විශේෂයෙන් එවක යෞවන යෞවනියන් අතර චිත්‍ර කතා උන්මාදයක් තිබුණා කීවොත් වැරැදි නැත. එයිනුත් එක්තරා චිත්‍ර ශිල්පියෙකුගේ චිත්‍ර කතා එකල තරුණ පරපුර තදින්ම ග්‍රහණය කරගෙන තිබුණේය. එම චිත්‍ර ශිල්පියා නම් බලන්ගොඩ සරත්මධුය. ඔහුගේ නිර්මාණයක් වූ ‘ඉතිං ඊට පස්සේ’ චිත්‍ර කතාවට තාරුණ්‍යය මෝහනය වී තිබිණ. එහි වූ ‘දේදුනු, කැළුම්’ චරිතයන්ට මොන තරම් පාඨක සිත් වශී වී තිබුණාද කිවහොත් දේදුනු කැළුම් ලෙස හැඩවීමට, තම කොණ්ඩය සකසා ගැනීමට එකල තරුණ තරුණියන් පුරුදු වී සිටියහ. මෙම චිත්‍ර කතාව පාදක කරගෙන ගීතයක් ද ලියවිණ. වික්ටර් රත්නායක ගායනා කරන ‘ඉතිං ඊට පස්සේ - ඔබේ රන්සිරි රූ’ එම ගීතයයි. මෑතකදී එයට පසුබිම්ව ටෙලි නාට්‍යයක් ද නිපද වූහ. එය ද අතිශය ජනප්‍රිය විය. සරත් මධු එහි දේදුනු ලෙස සිතුවම් කළේ රූමත් ජනපි‍්‍රය නිළියක් වු කාන්ති ගුණතුංගගේ රුව බව ඔහු වරෙක පවසා තිබිණි. සරත් මධුගේ අනෙකුත් නිර්මාණ වූ ‘යුනිකෝ’, ‘නිව්රෝ’, ‘ඉස්සරට වඩා’, ‘ඉසංකා’, ‘හතර’, ‘ඉත්තෑවා’ ආදී තවත් චිත්‍ර කතා රාශියක් පාඨකයා අතර එකසේ ජනප්‍රිය විය. රටක් වසඟ කළ මේ සොඳුරු සිත්තරා පසුගිය වසරේ එක්තරා දිනයක අපට සමු දුන්හ.

ජගත් චන්ද්‍රසිරි

පූජා ජගත්සිරි

පස්යාල 

දයා විමලවීරට නිවන් සුව
අගෝස්තු 29, 2019 ~ පාලක සමන් පෙරේරා ~ හැඳල

ප්‍රවීණ කැමරා ශිල්පියෙකු, චිත්‍රපට අධ්‍යක්ෂකවරයකු වූ දයා විමලවීර නම් කලාකරුවාගේ හදිසි වියෝව සිනමා කර්මාන්තයට විශාල දරාගත නොහැකි පාඩුවකි. වාණිජ සිනමා නිර්මාණකරුවකු ලෙස රජ දරුවෝ, මධු සිහින, මිහිඳුම් සිහින, ජීවන කඳුළු, සුජාතා (නව) සීතල ගිනිකඳු, රණහංසි වැනි චිත්‍රපට රාශියක හිමිකරු වූ දයා විමලවීර නම් කලාකරුවා මෙලොවින් සමුගැනීම අපට බලවත් කනගාටුවකි. ඔබට නිවන් සුව.

 

 

උපේක්ෂා රූකඩ චරිතවලින් ඔබ්බට
අගෝස්තු 29, 2019 ~ කෙනත් පෙරේරා ~ ජාඇල

මේ දිනවල තිරගත කෙරෙන ‘මානය’ චිත්‍රපටය අංගම් පොර සටන්වලින් පිරුණු කදිම චිත්‍රපටයක් බව නොකියා බැරිය. මෙහි ප්‍රධාන නිළි චරිතය රඟපාන උපේක්ෂා ස්වර්ණමාලි මෙතෙක් ඇය රඟපෑ රූකඩ චරිතවලින් මිදී මෙම චිත්‍රපටයේ රඟපෑ චරිතයට නව ප්‍රබෝධයක් දී ඇති බව සඳහන් කරමි. උපේක්ෂා ඔබට සදා ජය.

-----

 සිනමාව පවතින තුරා අමරණීය වේ

වීදුරු ගෙවල්, රජ දරුවෝ, සුජාතා, මීදුම් සිහින, මධු සිහින වැනි ජනප්‍රිය චිත්‍රපට රැසක් අධ්‍යක්ෂණය කළ සහ කැමරාව මෙහෙය වූ ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂක, සිනමාවට අනුපමේය මෙහෙයක් කළ දයා විමලවීරයන්ගේ නාමය සිනමාව පවතින තෙක් අමරණීය වේ.

අතුල රම්‍යසිරි

පානදුර

 

 

 

ජයන්ත රත්නායක සංගීතවේදියාණන්ට
අගෝස්තු 29, 2019 ~ නන්දා මාම්පිටිය ~ අනුරාධපුරය

 

බුදු සිරිපා පහස ලද මහ මෙවුනාවේ
රන්මැලි සෑ රදුගෙ සෙත් සිරි ලැබුණාවේ
බෝ සමිඳුගේ සිසිලෙන් ගත නිවුණාවේ
නිදුකින් දිගාසිරි සුව වාසනාවේ

 

 

හදවතට දැනුණු විජයබා කොල්ලය
අගෝස්තු 29, 2019 ~ රංජනී අමරසිංහ ~ වල්පොල

මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ විශිෂ්ට නිර්මාණය අගය කරන්නට වචන මදිය. ඉතා කලාත්මක වූත් නිර්මාණශීලිත්වයෙනුත් පරිපූර්ණ මෙම චිත්‍රපටය දක්ෂ රංගන ශිල්පීන්ගේ දායකත්වයෙන් උසස් නිර්මාණයක් ලෙස දැකිය හැකිය. විශේෂයෙන් හේමාල්, අශාන්, සෙනාලි, චුලක්ෂි අති විශිෂ්ට රංගනයක යෙදේ. තවත් කීප වරක්වත් නැරැඹීමට ආශා හිතෙන හදවතට දැනුණ උසස් නිර්මාණයකි. සුනිල් ආරියරත්නයන් හට හිස නමා ආචාර කරමි. හේමාල් රණසිංහ ඔබ ගැන ආඩම්බර වෙමි.

-----

 සුනිල් ආරියරත්නයන්ට උණුසුම් සුබපැතුම්

මේ දිනවල තිරගත වන විජයබා කොල්ලය චිත්‍රපටය මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ විශිෂ්ට නිිර්මාණයකි. ඓතිහාසික සිදුවීම් ඇතුළත් අප හැමෝටම නැරැඹිය හැකි සිනමා නිර්මාණයකි. මෙවැනි ආදර්ශවත් නිර්මාණයක් සිනමාවට ගෙන එන ලද මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ට මගේ උණුසුම් සුබපැතුම්.

යූ. ජී. පාලිත කුමාරසිංහ

ගඩලාදෙණිය 

-------

 ‘ප්‍රාර්ථනා’ කාලෝචිතයි

සතියේ දිනවල ඉරිදා උදෑසන ප්‍රචාරය වන ‘ප්‍රාර්ථනා’ වැඩසටහන ඛ්.ඊ.ජ්.ර් සේවය ඔස්සේ ප්‍රචාරය වන ඉතාම කාලෝචිත වැඩසටහනකි. එය මෙහෙය වන ජනප්‍රිය නිවේදක අනුෂ්ක අනුරංග බණ්ඩාර මනා ලෙස එය මෙහෙයවයි. තවද ගීතයක අර්ථය හරි අපූරුවට වටහා දෙන ගීත රචක ධම්මික බණ්ඩාරයන් විසින් පැහැදිලි කරයි.

ඊට අමතරව ගායනයෙන් සහ වාදනයෙන් දායකත්වය ලබා දෙන නාලක අංජන කුමාර ද වැඩසටහනට අනගි ආලෝකයන් ලබා දේ. ගෞරවාන්විත වැඩ සටහනක් රටට අපට ඉතා අවශ්‍යය. සමහර පෞද්ගලික නාළිකා වැඩසටහන්වලට ප්‍රාර්ථනා වැඩ සටහන ආදර්ශයකි.

සුභාෂිණි මොහම්දිරම්

අලව්ව

--------------

‘සුනීතා’ යළිත් තිරයට ඒම සතුටක්

චිත්‍රපට නැරඹීමේ පිපාසයෙන් පෙළෙන ජනතාවට හා එම සිත් සිනමා රුචියෙන් නැහැවීමේ ව්‍යායාමයෙහි නිරත වෙමින් පැරැණි චිත්‍රපට ප්‍රතිසංස්කරණය කරමින් සංරක්ෂිත කොට සිනමාහල් තුළ නැවත ප්‍රදර්ශනය කිරීමේ අනභිබවණීය වූත් මහඟු කර්තව්‍යය වෙත උරදී සිටින තිස්ස නාගොඩවිතාන සම්මානනීය කලාකරුවා හට ගෞරව ප්‍රණාමය පුද කර සිටිමි.

එය සනාථ කරමින් මෙම දිනවලදී දිවයින පුරා සිනමාහල් රැසකදී තිරගත වන වසර 60 කට අධික 1958 වසරේදී තිරගත වූ ‘සුනීතා’ චිත්‍රපටය එකල නොබලන ලද සිනමාකාමී රසවතුන් හට ද දැන් ප්‍රදර්ශනය වීම සතුටකි.

සරත් ලියනගේ

Week of අගෝස්තු 29, 2019