Feedback

Week of අගෝස්තු 5, 2021

ලැටීෂියා අගයමු සිහි කරමු
අගෝස්තු 5, 2021 ~ ගාමිණී මහබැලගේ ~ - පිළියන්දල


සිරියලතා, ලොකුම හිනාව, ඔන්න බබෝ, සීයෙ නෝට්ටුව, ඉහත ආත්මය ඇතුළු පැරණි චිත්‍රපට ගණනාවක රඟපෑ ලැටීෂියා පීරිස් අති දක්ෂ නිළියකි. දෙබස් කිමේදිී කටකාරකම ඉස්මතු වූ ඇය අදටත් පැරණි සිනමා පටයක් නරඹන විට ඇගේ රංගනය අප ඉදිරියේ මැවී පෙනේ. මෙවැනි නිළියන් ඇගයීමට හෝ යළි සිහි නොකිරීම අදවන් යුගයක ඉතා ශෝකජනක කාරණයකි.
 

ගුවන්විදුලිය සතු ගීත විනාශ නොකරනු
අගෝස්තු 5, 2021 ~ ජයන්ත අමරතුංග ~ - පොළොන්නරුව



 එදා ජාතික ගුවන් විදුලිය ගායක ගායිකාවන් බිහි කොට ඔවුන් ලවා පටිගත කළ ගීත වගේම එම ගායක ගායිකාවන් “ චිත්‍රපට”, “ ග්‍රැමෆෝන්” සහ “ වෙළෙඳ තැටි” වලට ගැයූ ගීතවල මුල් අයිතිය ඇත්තේ “ ජාතික ගුවන් විදුලියටයි” ජන හදවත් පුබුදු කළ එම වටිනා ගීත අද මෙරට තිබෙන සියලු රූපවාහිනි නාළිකා විවිධ වූ විකාර සංගීත වැඩසටහන් තුළින් ආධුනික සහ ටෙලිනාට්‍ය ශිල්පින් යොදා ගයා විනාශ මුඛයට ඇද දමා තිබේ. මේ තුළින් පෙනෙන්නේ එදා ජාතික ගුවන්විදුලිය කළ මෙහෙවර මෙම නාළිකාවන්ට කළ නොහැකි බවයි.
 

මිහිරි ගීත දායාද කළ ඉන්ද්‍රානි
අගෝස්තු 5, 2021 ~ කෙනත් පෙරේරා ~ - ජා ඇල


 

 ඉන්ද්‍රානි සේනාරත්න අප අතර සිටි ඉතා සුමියුරු හඬක් තිබූ අති දක්ෂ ගායිකාවකි. වයසට ගියත් ඇය ගැයූ බොහෝ ගීතවල එක්තරා ලක්ෂණයක් පෙන්වයි. එනම් කුඩා දියණියකගේ කටහඬට සමාන කටහඬක් සහජයෙන්ම ඇයට ලැබී ඇත. මිහිරි ගීත රාශියක් දායාද කළ ඔබ, අපේ හදවත් තුළ සදා නොමියෙන බව මතක් කරමු. ඉන්ද්‍රාණි ඔබට නිවන් සැප ලැබේවා.
 

චරිතය තමන්ගේ කරගත් සෙනුරට
අගෝස්තු 5, 2021 ~ සුසිලා පතිරාජ ~ - උස්වැටකෙයියාව


 
 වටහා ගැනීමට පොඩි අපහසුවක් දැනුණත් දැන් ස්වාධීන රූපවාහිනියේ විකාශය වන තාදි තුළින් රංගනයට එක්වූ සෙනුර පිරිස් නවකයකු වුවත් එම චරිත නිරුපනය මඟින් අප නිතරම දකිනා අර විනෝදකාමී මවාගත් ලොවක ජීවත්වන පරම පෙම්වතා වෙනුවට සැබෑ ලොව අප අතර ගැවසෙන අපට යන එන තැන්වලදී හමුවන දෙලොවක් අතර අතරමං වූ මව්පියන්ට කීකරු සමාජය තුළ අසරණ වූ නොදැනුවත්වම මුහුණ දෙන එම චරිතය කිසිම අපහසුවකින් තොරව තමන්ටම වූ ලෙසින් රංගනයේ යෙදීම සාර්ථකයි.
 

මාත්‍රාට මේවත් එකතු කරමුද?
අගෝස්තු 5, 2021 ~ පියුම් වික්‍රමසිංහ ~ - කඳාන



 මාත්‍රා වැඩසටහනට ඉදිරිපත් වන කලාකරුවන්ගේ සහ වෙනත් අයගේ පවුලේ ඡායාරූප හා විශේෂ අවස්ථාවල ගත් පින්තූර වැඩසටහන අතරතුර පෙන්වන්නේ නම් එය පේ‍්‍රක්ෂකයන්ට වැඩි රසයක් වේවි යැයි මා අදහස් කරනවා. ඒ අයගේ දුවා දරුවන් දකින්නට රසික අප කැමැතියි. තවද මෙම වැඩසටහන අගය කළ යුතු වැඩසටහනකි.
 

මව්පිය ගුණ සමරන නිර්මාණ අවශ්‍යයි
අගෝස්තු 5, 2021 ~ සරත් ලියනගේ ~ - රන්මුතුගල


 
 ඇතැම් ගුවන්විදුලි මාධ්‍යයත් මව්වරුන්ගේ, පියවරුන්ගේ සැමරුම් දිනයක් පැමිණෙන තෙක් බලා නොසිට ගීත ශ්‍රාවක ජනතාවගේ රුචියට අනුව විවිධ වැඩසටහන් තුළින් ප්‍රචාරය කිරීම ප්‍රශංසනීයයි.
 එමෙන්ම ටෙලි වෘත්තාන්තය වේදිකා නාට්‍ය හා සිනමා කෘතීන් තුළින් මව්පිය දූ දරු සම්බන්ධතාවය විදහා දැක්වෙන නිර්මාණයන් සුලභව දැකිය හැකිය. නමුදු ඔවුන් පිළිබඳව ගරුත්වය, ආදරය, සෙනෙහස දැක්වෙන දර්ශන නිර්මාණයන් තුළ විරළය.
 යුගයට සරිලන ගැළපෙන මව්පිය හරසර කලා කෘතීන් බිහිවන්නේ නම් එය කාලෝචිතය කලා නිර්මාණයන් බිහි කරන අධ්‍යක්ෂකවරුන් නිෂ්පාදකවරුන් නළු නිළියන් ප්‍රධානව සෙසු කලා ශිල්පීන් ඒ සඳහා උත්සුක විය යුතු ස්වර්ණමය සමයකි මෙය.
 

උදයන්ති අපූරුයි
අගෝස්තු 5, 2021 ~ චාමර නිර්මාන් ~ - බලංගොඩ



 
 ජාතික රූපවාහිනියේ විකාශය වූ මැටි කඩුලු ටෙලිනාට්‍යයේ ස්වර්ණාගේ චරිතය නිරූපණය කරන උදයන්ති කුලතුංග විශිෂ්ට රංගනයක නියැළෙයි. මැටි කඩුලු ටෙලිනාට්‍යයේ කැමතිම චරිතය ද ඇයයි. ටෙලිනාට්‍යයේ ස්වර්ණා නොපෙන්වූ දාට නාට්‍යයේ රසවත්බව අඩුය. ස්වර්ණාගේ චරිතය එතරම්ම ප්‍රේක්ෂක හදවතට සමීපව තිබේ. ඉදිරියටත් හොඳ නිර්මාණවලට දායක වීමට උදයන්තිට හැකියාව ලැබේවා.
 

ගීතාටයි මේ ඇරයුම
අගෝස්තු 5, 2021 ~ තිලකරත්න විල්වල සහ මැණිකේ විල්වල ~ කෑගල්ලේ තටාකය පාරේ



 ඔබ චිත්‍රපට රාශියක පෙම්වතියගේ චරිතය රඟපාමින් ඉමහත් ජනපි‍්‍රයත්වයට පත් වූවා ක්‍රමක් ක්‍රමයෙන් ඔබ දේශපාලනයට පිවිසියා. දැන් ඔයා දේශපාලනය කරන ගමන්ම ඔබගේ රුව සහ රඟපෑම් දැකබලා ගැනීමට අපි ඉතා කැමැත්තෙන් සිටින නිසා යළි චිත්‍රපටයක රඟපාන්න එන්නකො.
  

විල්සන්ට නීරෝගි සුව
අගෝස්තු 5, 2021 ~ දයානන්ද ද සිල්වා ~ - හික්කඩුව


 දැනට අසනීප තත්ත්වයෙන් පසුවන විල්සන් කරු මහතාට නිදුක් නීරෝගි සුවය ලැබේවා සීනිගම දෙවොල් දෙවි පිහිට ලැබේවා.
 තවමත් ඔබගේ රුව රූපවාහිනියේ දුටු විට මතකය අවදි කරන සුළුය. “ හදවත් නැත්තො” “ චුට්ටේ” මාලනී ෆොන්සේකා සමඟ දුම්රියේ සටන් වදින විල්සන්ට “ සසර චේතනා” චිත්‍රපටය සඳහා කුසලතා සම්මානය හිමි විය. ඔබට නීරෝගි සුවය.
 

Week of අගෝස්තු 5, 2021