නැරඹිය යුතුම චිත්‍රපටයක්

දෙසැම්බර් 27, 2018

බොලිවුඩ් නළු ඉම්රාන් හෂ්මි සිය නිෂ්පාදනය ආයතනයේ සිව්වැනි චිත්‍රපට නිෂ්පාදනය නම් කර තිබෙන්නේ "Cheat India  නමින්. ඉම්රාන් පවසන්නේ මේ චිත්‍රපටය ළමයින් සේම දෙමව්පියන් ද නැරඹිය යුතුම චිත්‍රපටයක් බවයි.

"Cheat India  චිත්‍රපටය ඉන්දීය අධ්‍යාපන ක්‍රමය පසුබිම් කර ගනිමින් නිර්මාණය වී තිබෙනවා. දැනට පවතින අධ්‍යාපන ක්‍රමයේ සිදුවන අවුල් සහගත දේ මෙන්ම පවතින විභාග ක්‍රම පිළිබඳ මේ ඔස්සේ විශේෂ අවධානයක් යොමු වී තිබෙනවා. එම වැරදි, අඩුපාඩු කවුරුන් විසින් හෝ පෙන්වා දිය යුතු බවත් දැනට පවතින අධ්‍යාපන ක්‍රමයේ ප්‍රායෝගිකත්වය නොතිබීම විශාල අඩුපාඩුවක් බවත් මෙමඟින් පෙන්වා දෙන බවත් හෂ්මි පවසනවා. "Cheat India  චිත්‍රපටය රචනාකර අධ්‍යක්ෂණය කර තිබෙන්නේ සෞමින් සෙන් විසින්. ඉම්රාන් හෂ්මි සමඟින් ශ්‍රෙයා ධන්වන්ත්‍රි මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරනවා. මෙය ශ්‍රෙයාගේ කුළුඳුල් බොලිවුඩ් රංගනය යි. 2019 වසරේ ජනවාරි මාසයේදී "Cheat India  චිත්‍රපටය තිරගත කිරීමට නියමිතයි.

Add new comment