චෙන්නායිහි බිංදුවටත් වැඩි ඉඩක්

දෙසැම්බර් 27, 2018

ශාරුක් ඛාන්ගේ නවතම සිනමාපටය Zero පසුගිය 21 වැනිදා සිට ලොවපුරා තිරගත කිරීම ආරම්භ කළා. මේ වන විට දකුණු ඉන්දීය රිදී තිරයේ Maari 2, Seethakathi, Adanga Maru, Kanaa, Silukkuvarupatti Singam  සිනමාපට පහක් දිගහැරී තිබෙනවා. සාමාන්‍යයෙන් දකුණු ඉන්දීය සිනමා තිරයේ හින්දි බසින් එන චිත්‍රපට වෙනුවෙන් විශාල ඉඩ ප්‍රමාණයක් හිමි වෙන්නේ නැහැ. ඒ නමුත් දෙමළ බසින් කෙරුණු චිත්‍රපට පහක් තිරගත වුවද බොලිවුඩයේ Zero  චිත්‍රපටය වෙනුවෙන් චෙන්නායිහි සැලකිය යුතු සිනමා ශාලා සංඛ්‍යාවක් වෙන් වී ඇති බව ඉන්දීය සිනමා ආරංචි ගෙන එනවා.

මෙහි ශාරුක් නිරූපිත අඟුටුමිටි චරිතය සේම අනුෂ්කා විසින් පණ පොවන විශේෂ අවශ්‍යතා සහිත චරිතය වෙත වැඩි අවධානයක් යොමු වී තිබෙනවා. මෙම චිත්‍රපටයේ පෝස්ටරයේ දැක්වුණු කඩුව සික් ප්‍රජාව පමණක් භාවිත කරන කිර්පන් නම් ආයුධය බවට ඔවුන් චෝදනා කර සිටියා. චිත්‍රපට නිර්මාණ කණ්ඩායම මුම්බායි ඉහළ උසාවිය වෙත දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කරමින් මෙය කිර්පන් නම් ආයුධය නොවන බවත් එය විසිතුරු කඩුවක් පමණක් බවත් දැනුම් දී සිටියා.

Add new comment