මේ වසරේ ඔබ හමුවට එන බොලිවුඩ් චිත්‍රපට

ජනවාරි 3, 2019

නව වසර උදාව සමඟින් සිනමාවට පෙම්බැඳීයන් මේ වසරේ දකින්නට ලැබෙන නවතම සිනමා නිර්මාණ මොනවාදැයි සොයා බලන්නත් උනන්දු වෙනවා. පසුගිය වසර සතුට මෙන්ම කඳුළ ද සමඟින් ගෙවී ගියේ බොලිවුඩ් සිනමාවට දැවැන්ත, අති සාර්ථක සිනමා නිර්මාණ මෙන්ම අසාර්ථක නිර්මාණ ද ඉතිරි කරමින්. එපමණක් නොව කාලයක් පුරා සිනමා අඹරේ බැබළුණු තරු නිවී යන විටදී නව තරු පායා විත් තිබුණා.

එසේම, උදා වුණු 2019 වසර ද නව සිනමා නිර්මාණ සේම නවතම තරු ද බොලිවුඩයට එක් කරන වසරක් වනු ඇති.

මේ වසර ද බොලිවුඩයේ ජනප්‍රිය තරු රංගනයෙන් එක් වන බලාපොරොත්තු තැබිය හැකි සිනමා නිර්මාණ කිහිපයක්ම තිරගතවිමට නියමිත වසරකි. මෙවර සිනමා පෙළ ගැස්මේ ආරම්භය සනිටුහන් වන ජනවාරි 11 වැනිදා බොලිවුඩ් චිත්‍රපට හතක් තිරගත කිරීමට නියමිතයි. 2016 වසරේ ඉන්දීය හමුදාව මුහුණ දුන් සත්‍ය සිදුවීමක් පාදක කොට ගෙන නිර්මාණය කෙරුණු Uri: The Surgical Strike චිත්‍රපටයත් ගෝවින්දා, ශක්ති කපූර් රංගනයෙන් දායක වන Rangeela Raja  චිත්‍රපටයත් ඒ අතරට ඇතුළත්. ප්‍රසිද්ධ පුද්ගලයන්ට එරෙහිව ලිංගික අපචාර චෝදනා එල්ල කිරීම නිසා අතර මඟ නැවතුනු චිත්‍රපට කිහිපයක් ද මේ වසරේදී තිරගත කිරීමට නියමිතයි. විකාශ් භාල් අධ්‍යක්ෂණය කර රිතික් රෝෂන් ප්‍රධාන චරිතය නිරූපණය කරන Super 30 සහ සජීඩ් ඛාන් අධ්‍යක්ෂණය කර නානා පටේකර් චරිත නිරූපණයට නියමිතව තිබූ Housefull 4 චිත්‍රපට මෙලෙසින් නිර්මාණ කටයුතු තාවකාලිකව අත්හිටවූ අතර මේ වසරේ දී ඒවා තිරගත කළ හැකි වේවි දෝ යන සැකය ඒ සමඟින් පැන නැඟුණා. අවසානයේදී Housefull 4 චිත්‍රපටයේ අධ්‍යක්ෂණයෙන් සජීඩ් ඛාන් ඉවත් කර Housefull 3 අධ්‍යක්ෂණය කළ ෆර්හාඩ් සම්ජි වෙත භාර දීමට නිෂ්පාදන කණ්ඩායම කටයුතු යෙදුවා. ඒ අනුව නිර්මාණ වුණු ඉභනඥප 30 ජනවාරි 23 වැනිදාත් Housefull 4 ඔක්තෝබර් 25 වැනිදාත් තිරගත කිරීමට නියමිතයි. ඉභනඥප 30 චිත්‍රපටයේ කතාව පැට්නාහි ගණිතඥයෙකු වටා ගෙතී තිබෙනවා. ඉභනඥප 30 යනු පැට්නාහි ගණිත පාසලක ඔහු විසින් දියත් කළ විශේෂ අධ්‍යාපන වැඩසටහනකි.

අනිල් කපූර් තම දියණිය සෝනම් කපූර් සමඟින් රංගනයෙන් දායක වන Ek Ladki Ko Dekha Toh Aisa Laga  චිත්‍රපටය පෙබරවාරි 01 වැනිදා තිරගත කිරීමට නියමිතයි. අසතුටින් පසුවන විවාහක කාන්තාවක් තමන්ගේ පියා තම මිතුරියක සමඟින් අයුතු සබඳකමක් පවතින බව දැන ගැනීම සමඟින් දිගහැරෙන කතාවක් එහි ඇතුළත් වේ. ප්‍රේමය සහ හාස්‍ය රැගත් එහි ජුහි චව්ලා සහ රාජ් කුමාර් රාඕ ද රංගනයෙන් දායක වී සිටියි. රන්වීර් සිංගේ නවතම චිත්‍රපටය Gully Boy හි රංගනය යෙදී තිබෙන්නේ ආලියා භාත් සමඟින්. සොයා අක්තාර් විසින් අධ්‍යක්ෂණය කළ එය මුම්බායි වීදි රැප් ශිල්පීන්ගේ ජීවිත පිළිබඳ කතාවක් ගෙන එන නව යොවුන් චිත්‍රපටයකි.

මධුරි ඩික්සිත්, අජේ දේව්ගන්, අනිල් කපූර්, රිතේෂ් දේශ්මුක් රංගනයෙන් දායක වන Total Dhamaal  හාස්‍යමය චිත්‍රපටය පෙබරවාරි 22 වැනිදා තිරගත කිරීමට නියමිතයි. පසුගිය වසරේ නමස්තේ ඉංග්ලන්ඩ් සමඟින් පැමිණි අර්ජුන් කපූර් සහ පරිනීති චොප්රා මේ වසරේදීත් Sandeep Aur Pinky Faraar  චිත්‍රපටයෙන් ඔබ හමුවීමට නියමිතයි. අම්තාබ් බච්චන් සහ තප්සේපානු රංගනයෙන් දායක වන ඕචඤතච මාර්තු 08 වැනිදා සිට ලොවපුරා තිරගත කිරීම්ට සුදානම්. 2016 වසරේ අමිතාබ් බච්චන් සහ දීපිකා පදුකෝන් පියා සහ දියණියක ලෙසින් රංගනයෙන් දායක වූ පීකු චිත්‍රපටයට ඉහළ ප්‍රතිචාර හිමි වුණා. මේ වසරේ දී අයාන් මුඛර්ජි අධ්‍යක්ෂණය කර අමිතාබ්, ආලියා භාත් සමඟින් රංගනයේ නිරත Brahmastra චිත්‍රපටය ද විශේෂවනු ඇති. එහි ආලියාගේ පෙම්වතා වන රන්බීර් ද රංගනයෙන් දායක වී සිටිනවා. කෙසේ නමුත් එය නැරඹීමට නම් මේ වසර අවසානය තෙක් බලා සිටීමට ඔබට සිදු වේවි. ජෝන් ඒබ්‍රහම්, ජැකී ශ්රොෆ් සහ මෞනි රෝයි ප්‍රධාන චරිත නිරූපිත Romeo Akbar Walter ක්‍රියාදාම චිත්‍රපටයද මාර්තු මාසයේදී තිරගත කෙරෙනු ඇති.

ටයිගර් ශ්රොෆ්, තාරා සුතාරියා සහ අනායා පාණ්ඩේ රංගනයෙන් දායක වන Student of the Year  2 තිරගත වීමට නියමිතව තිබෙන්නේ මැයි මාසයේදීයි. පසුගිය වසරේ Baaghi  2 චිත්‍රපටයේ සාර්ථකත්වය සමඟින් ටයිගර් ශ්රොෆ්හට මේ වසර ඉතා වැදගත් වෙනවා. යෂ් රාජ් චිත්‍රපට ඉදිරිපත් කරන තවමත් නම් නොකළ දැවැන්ත චිත්‍රපටයේ ද රිතික් රෝෂන් සමඟින් ටයිගර් චරිත නිරූපණය කරනවා. අපරාධ කතා පුවතක් ගෙන එන ක්‍රියාදාම චිත්‍රපටයක් වන එය තිරගත කිරීමට නියමිතව තිබෙන්නේ ලබන ඔක්තෝබර් මාසයේදීයි. බොලිවුඩයට අපූරු නර්තන අත්දැකීමක් එක් කළ රෙමෝ ඩී සූසා අධ්‍යක්ෂණය කළ ABCD චිත්‍රපට මාලාවේ තෙවැන්න ABCD 3 In 3D මේ වසරේ නොවැම්බර් මස තිරගත කිරීමට සූදානම්. වරුන් ධවාන්, කත්‍රිනා කයිෆ්, ප්‍රභූ දේවා මෙවර එහි රංගනයෙන් දායක වෙනවා.

සැබෑ චරිත මෙන්ම සත්‍ය සිදුවීම් පාදක කොට ගෙන නිර්මාණය කෙරුණු චිත්‍රපට කිහිපයක්ම මේ වසරේදී බොලිවුඩ් රිදි තිරයේ ප්‍රතිනිර්මාණය වී තිබීමත් විශේෂයි. ඉන්දියාව තම පළමු ක්‍රිකට් ලෝක කුසලාන ජය ලබා ගත්තේ 1983 වසරේදී බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිවයි. එවකට කපිල් දේව්ගේ නායකත්වයෙන් යුතු ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම ලද මේ ජයග්‍රහණය බොලිවුඩ් සිනමා නිර්මාණයක් ලෙසින් ගෙන එන්නේ කබීර් ඛාන් විසින් අධ්‍යක්ෂණය කළ '83' චිත්‍රපටයෙන්. මෙම චිත්‍රපටයේ දී රන්වීර් සිං කපිල් දේව්ගේ චරිතයට පණ පොවනවා. ඉන්දීය ව්‍යාපාරිකයෙකු සේම ඉලක්කයට වෙඩි තැබීමේ ලෝක සූරයෙකු වන අභිනව් බින්ද්‍රාගේ ජීවිත කතාව ඇසුරෙන් නිර්මාණය කෙරුණු Abhinav Bindra චිත්‍රපටයේ චරිත නිරූපණය කරන්නේ අනිල් කපූර් සමඟින් ඔහුගේ පුතු හර්ෂ්වර්ධන් කපූර්ය. මෙම චිත්‍රපටය සමඟින් අනිල් කපූර් මේ වසරේදී තම දියණිය සහ පුතු සමඟින් චිත්‍රපට ද්විත්වයක රංගනයට වරම් ලද තරු පියා බවට පත් වෙනවා.

1940 වසරේදී ඉන්දියාවේ අභ්‍යන්තරික බෙදීම ගෙන එන Kalank අප්‍රේල් 19 වැනිදා තිරගත කිරීමට නියමිතයි. අභිෂේක් වර්මන් අධ්‍යක්ෂණය කළ එහි ආලියා භාත්, සංජේ දත්, වරුන් ධවාන් චරිත නිරූපණය කරනවා. 1761 ජනවාරි 14 වැනිදා පානිපත්හිදි සිදු වූ සංග්‍රාමය Panipat  චිත්‍රපටයෙන් නැවත ප්‍රතිනිර්මාණය වී තිබෙනවා. සංජේ දත්, අර්ජුන් කපූර්, ක්‍රිටි සැනොන් සහ රේඛා එහි චරිත නිරූපණය කරනවා.

ඉතිහාස කතා රැගත් සිනමා නිර්මාණ කිහිපයක් ද 2019 වසරේ බොලිවුඩ් රිදී තිරයට විශේෂ වෙනවා. බ්‍රිතාන්‍ය රජයට එරෙහිව වූ ඉන්දීය විප්ලවයේ සුවිශේෂි කාන්තා චරිතයක් වන ලක්ෂ්මි භායි රැජනගේ කතාව ගෙන එන Manikarnika: The Queen of Jhansi  ජනවාරි 25 වැනිදා තිරගත කිරීමට නියමිතයි. කන්ගනා රනවුත් එහි ලක්ෂ්මි භායි රැජනගේ චරිතයට පණ පොවනවා. . ක්‍රි. ව 8 වැනි සියවසේ විසූ සංඝමිත්‍රා කුමාරිකාව වටා ගෙතුණු පුවතක් ගෙන එන Sangamithra  චිත්‍රපටයද මේ වසරේ චිත්‍රපට ලැයිස්තුවට ඇතුලත්. මාරත අධිරාජ්‍යයේ හමුදා නායකයකු පිළිබඳ පුවතක් ගෙන එන Taanaji: The Unsung Warrior  නොවැම්බර් මාසයේදී තිරගත කිරීමට සූදානම් වී තිබෙනවා. අජේ දේව්ගන් විසින් නිෂ්පාදනය කරන එහි අජේ සමඟින් කාජල්, සයිෆ් අලී ඛාන්, ජගපති බාබු රංගනයෙන් දායක වෙනවා.

මෑත කාලයේ ඉන්දියාව තුළ කතාබහට ගැනෙන ගැටලු පාදක කොටගෙන නිර්මාණය කෙරුණු චිත්‍රපට කිහිපයක්ම රිදී තිරයට පැමිණියා. මේ වසරේදීත් ඉන්දීය අධ්‍යාපන ක්‍රමය පසුබිම් කර ගනිමින් ඛ්ඩඥචබ ධ්දඤඪච නමින් චිත්‍රපටයක් තිරගත කිරීමට සූදානම්. සෞමින් සෙන් විසින් රචනාකර අධ්‍යක්ෂණය කළ එහි ඉම්රාන් හෂ්මි සමඟින් ශ්‍රෙයා ධන්වන්ත්‍රි ප්‍රධාන චරිත නිරූපණය කරනවා.

සල්මන් ඛාන්ගේ ම්ඪජඬ 2 සහ ඕඩචපචබ චිත්‍රපටද මේ වසරේදී තිරගත වීමට නියමිතයි. සල්මන් සමඟින් ඕඩචපචබ හි රංගනයෙන් දායක වීමට නියමිතව සිටි ප්‍රියංකා චොප්රා එයින් සමු ගත්තේ විවාහයට සූදානම් වීම සමඟින් ඇති වූ කාර්යබහුලත්වය හේතුවෙන්. සල්මන්, කත්‍රිනා කයිෆ්, දීෂා පතානි සහ තාබු රංගනයෙන් දායක වන ඕඩචපචබ ලබන ජූනි මාසයේදී තිරගතවීමට නියමිතයි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
12 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.