යාළු රොබෝ බම්බල්බී

ජනවාරි 3, 2019

රෝබෝවන් බවට පත් වන කාර් රිදී තිරයේ පුදුමයක් නොවන සාමාන්‍ය දෙයක් බවට පත් වූයේ ට්‍රාන්ස්ෆෝමර්ස් චිත්‍රපට මාලාව සමඟින්. වීරයන් මෙන්ම දුෂ්ටයන් ලෙසින් දෙකොට්ඨාසයකට බෙදී සිටි මේ රොබෝවන් කාටුන, වීඩියෝ ක්‍රීඩා ලෙසින් පමණක් නොව ටෙලි කතා මාලා ඔස්සේ ද ප්‍රේක්ෂකයන් හමුවට පැමිණියා. මේ රොබෝවන් අතර ජනප්‍රියම රොබෝව බවට පත් වුණේ, 'බම්බල්බී' නම් රොබෝවයි. ප්‍රමාණයෙන් අනෙකුත් රොබෝවන්ට වඩා කුඩා වූ මේ රොබෝව යුද්ධයෙහි සූර මිනිසුන්ට හිතවත් රොබෝවෙකු ද වීමත් විශේෂයි. වේගයෙන් ගමන් කළ හැකි මේ බම්බල්බී කහ සහ කළු පැහැති වොක්ස්වැගන් බීට්ල් කාර් එකක් බව කවුරුත් දන්නා දෙයක්.

බම්බල්බී නැවතත් මේ දිනවල රිදි තිරයෙන් දැක ගන්න අවස්ථාව ලැබී තියෙනවා. ඒ 2018 වසරේ දෙසැම්බර් 21 වැනිදා සිට තිරගත කිරීම ආරම්භ කළ Bumblebee  චිත්‍රපටයෙන්. එය නිර්මාණය වී තිබෙන්නේ Transformers  චිත්‍රපට මාලාවේ හයවැන්න ලෙසින්. මෙම චිත්‍රපටය බම්බල්බී ප්‍රධාන චරිතය ලෙසින් පැමිණෙන පළමු චිත්‍රපටය යි. පරිගණක අංශයෙන් සිනමා ක්ෂේත්‍රය තුළ විශාල පෙරළියක් කළ සිනමාපටයක් ලෙස මයිකල් බේ අධ්‍යක්ෂණය කළ Transformers  චිත්‍රපට මාලාව හැඳීන්විය හැකියි. 2007 වසරේදී පළමු Revenge of the Fallen (2009), Dark of the Moon (2011), Age of Extinction (2014), Transformers: The Last Knight (2017)වශයෙන් එම චිත්‍රපට මාලාවේ අනෙකුත් චිත්‍රපට තිරගත කෙරුණා.

මෙහි කතාව ආරම්භ වූයේ, සෑම් විට්රිකි හට පාසැල් වියේදීම පියාගෙන් ත්‍යාගයක් ලෙස ලැබෙන වටිනා සුපිරි මෝටර් රථයක් සමඟින්. පසුව සෑම් හට දැන ගන්නට ලැබෙන්නේ, එය කාර් එකක් වුව ද එයටත් වඩා නිර්මාණශීලී වූ රොබෝ කෙනෙකු බවට පත්වීමට හැකියාවක් ඇති බවයි. බම්බල්බී නම් වූ මේ රොබෝව පිටසක්වලින් පැමිණි රොබෝවෙකි. බම්බල්බීට අමතරව තවත් එවැනිම වූ රොබෝවරුන් විශාල පිරිසක් පෘථිවිය වෙත පැමිණ සිටින්නේ ඕල්ස්ට්‍රාබ්ක් නම් වූ ඔවුන්ගේ ආත්මයන් ඇතුළත් වූ උපකරණය අයිති කර ගැනීමටයි. මෙහිදී යහපත් රොබෝවන් සහ නපුරු ක්‍රියාවන්ට යොමු වූ රොබෝවන් අතර අරගලයක් සිදු වන්නේ සෑම් හා ඔහුගේ පවුලේ සාමාජිකයන් ද එයට මැදි කරගනිමින්. අනතුරුව සෑම් උසස් අධ්‍යාපනය හදාරණ විටදී ද ඩිසෙප්ටිකන්ස් නම් වූ දරුණු රොබෝවන් යළි පැමිණෙන්නේ ඊජිප්තු පිරමිඩයක් තුළ සඟවා තිබෙන පිටසක්වළ ජීවීන් හට අයිති වූ යමක් රැගෙන යාමටයි. පිටසක්වළ ජීවින්ට අයත් වූ එම උපකරණයෙන් සූර්යයා පවා විනාශ කළ හැකි වන අතර එය ලබා ගැනීම වෙනුවෙන් මෙම රොබෝවන් සෑම්ගේ බුද්ධිය අයුතු අන්දමින් යොදා ගැනීමට තැත් දරයි. මෙම සිදුවීම්වලින් නොනැවතෙන දරුණු රොබෝවන්ගේ මීළඟ අරමුණ බවට පත් වෙන්නේ සඳ මත දී සැඟවුණු රොබෝවන්ට අයත් අභ්‍යවකාශ යානාවක් සොයා ගැනීමයි. එහිදී ද ඇතිවන රොබෝ ගැටුමකට සෑම් හට මැදිවන්නට සිදු වේ. මේ සෑම අවස්ථාවකදීම බම්බල්බී සෑම්ගේ ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කරන්නේය.

මෙම රොබෝවන් යළිත් මිනිසුන් අතරට පැමිණෙන විට දී වාහන නිර්මාණ ශිල්පියෙක් තම දියණිය සමඟින් රොබෝවන් විනාශ කිරීමේ යන්ත්‍රයක් නිර්මාණය කරමින් සිටියි. Transformers  සිව්වැන්න දක්වා සිදුවීම් මෙලෙසින් පෙළ ගැසුණු අතර පස්වැන්න වන විට ප්‍රතිවාදි බලය අතර නැවතත් යුද්ධයක් හටගනී. තම ලෝකය බේරා ගැනීමට කේඩි ඊගර්, බම්බල්බී සමඟින් සහයෝගිතාවකට එළඹේ. තාරකා විද්‍යාඥ ශ්‍රීමත් එඩ්මන්ඩ් බර්ටන්, ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය විවියන් වෙම්බ්ලි සමඟින් පරීක්ෂණයක් දියත් කරන්නේ, රොබෝවරුන් නිරන්තරයෙන් පෘථිවියට පැමිණෙන රහස සෙවීමේ අරමුණෙනි.

Bumblebee  චිත්‍රපටය දිග හැරෙන්නේ, මෙහෙයුම් කඳවුරක් පිහිටුවීම පිළිබඳ සොයා බැලීමට බම්බල්බී නැවත පෘථිවියට පැමිණීම සමඟින්. සයිබට්‍රෝන් ග්‍රහලොවෙහි ඇති වන සිවිල් යුද්ධයක් අවසානයේ බම්බල්බී මෙලෙස පෘථිවියට පැමිණෙන අතර පෘථිවියේ ආරක්ෂාව වෙනුවෙන් පිහිටුවා තිබෙන රහස් සමාගමක් විසින් බම්බල්බී සොයා ගැනීමට මෙහෙයුමක් දියත් කරනු ලැබේ. මේ අතරතුර චාලි වොට්සන් නම් දැරිය විසින් කැලිෆෝනියාවේදී අහඹු ලෙසින් බම්බල්බී බීට්ල් කාර් එකක් ලෙසින් තිබියදී සොයා ගනුලැබේ. මේ හේතුවෙන් බම්බල්බීගේ සැළසුමට කුමක් සිදු වන්නේ ද Bumblebee  චිත්‍රපටයෙන් දැකගත හැකි වෙනවා.

ට්‍රේවිස් නයිට් විසින් අධ්‍යක්ෂණය කළ Bumblebee  චිත්‍රපටයේ හේලී ස්ටෙන්ෆීල්ඩ්, ජෝන් සීනා, ජොර්ජ් ලෙන්ඩ් බෝර්ග් ජූනියර්, ජෝන් ඔර්ට්ස්, පැමෙලා ඇඩ්ලොන් ඇතුළු පිරිසක් රංගනයෙන් දායක වී සිටිති. බම්බල්බීගේ චරිතයට හඬ දායකත්වය දෙන්නේ යොවුන් අමෙරිකානු නළු ඩිලන් ඔබ්‍රියන් විසිනි. Bumblebee  චිත්‍රපටය ප්‍රේක්ෂක මෙන්ම විචාරක ප්‍රතිචාර ද ඉහළින්ම දිනා ගන්නට සමත් වී තිබේ. එය ධ්ර්ච්ඡ දර්ශකයේ 7.3/10ක් සහ රොටෙන් ටොමැටෝස්හි 93%ක් හිමිකර ගෙන ඇත. මේ දක්වා තිරගත කෙරුණු එකදු ඊපචදඵටධපථඥපඵ චිත්‍රපටයක්වත් රොටෙන් ටොමැටෝස්හි 60%ක් ලබා ගන්නට සමත් වී නොමැති බව ද කිව යුතුය. චාලි වොට්සන් ලෙසින් එන හේලී ස්ටෙන්ෆීල්ඩ්ගේ රංගනයට විචාරක පැසසුම් හිමි වී තිබේ. ඔවුන් පවසන්නේ වෙනත් කිසිදු ට්‍රාන්ස්ෆෝමර් චිත්‍රපටයක මෙම චරිතය මෙන් ප්‍රබල චරිතයක් හමු වී නොමැති බවයි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.