තුන් දෙනෙක්, සිහින රැසක්,අගනුවරක්

COLOMBO
පෙබරවාරි 28, 2019

ආසම රන්දිල් ලියනගේ කුලුඳුල් සිනමා නිර්මාණය...

ඔස්කා, ජූඩ් සහ ජූනියර් මිතුරන් තිදෙනෙකි. ඔවුන්ගේ වෑයම ජීවිතය හා පොර බදා ජය ගැන්මය. එකම හීනය යහමින් මුදල් උපයා සැපවත් ජීවිතයක් ගත කිරීමය. ඔවුන්ගේ සමාජ පන්තිය පිළිබඳ ගැටලුවක් ඔවුනට තිබේ. මුදල් නමැති අප්‍රාණික ජීවියා තමන්ගේ ජීවිතයට වඩාත් සමීප වුවහොත් සමාජ තත්ත්වයෙන් පවා උසස් වෙතැයි ඔවුහු සිතති. මේ අතරේ ඔස්කා, ජූඩ් සහ ජුනියර්ට හමුවන දියමන්තියකි. එය ඔවුනගේ ජීවිතය පඹගාලක පටලනු ලබයි. තිදෙනාගේ සිහින එකින් එක පුබුදුවාලන්නට මේ දියමන්තිය සමත් වේද? නැතහොත් වඩා දරුණු ඉරණමකට ගොදුරු වෙත්ද? ලබන මාසයේ තිරගත වන කලම්බු මේ ජීවිත තුන විග්‍රහ කරයි. මෙම සිනමාපටය තුළින් නවක අධ්‍යක්ෂවරයකු සිනමා ලොවට පැමිණෙයි. ඔහු ආසම රන්දිල් ලියනගේය.

කලම්බු සිනමා සිතුවමේ නළු නිළියෝ

හේමාල් රණසිංහ, ධර්මප්‍රිය ඩයස්, රුක්මල් නිරෝෂ්, කුමාර තිරිමාදුර, ජෙහාන් ශ්‍රීකාන්ත් අප්පුහාමි, නිශාන් කුමාර, ශානිකා නිරෝෂි, චමල් රණසිංහ, අසංක ඩිනාල්, මධුමාලි ජයසිංහ

කලම්බු නිෂ්පාදන කණ්ඩායම

අධ්‍යක්ෂණය සහ තිර රවනය - ආසම රන්දිල් ලියනගේ

කැමරා අධ්‍යක්ෂණය - අමිත් ක්‍රිෂාන්ත

සංගීත අධ්‍යක්ෂණය - අජිත් කුමාරසිරි

සංස්කරණය - තිලංක පෙරේරා

නිෂ්පාදන සැලසුම - තුෂාර කළුබෝවිල

අංග රචනය සහ කොණ්ඩා සැකසුම - රසික තෙන්නකෝන්

ශබ්ද පරිපාලනය - දිනේෂ් ඒකනායක

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.