කාටුන් චිත්‍රපට තහනම් කළ ලෝකයක්

පෙබරවාරි 28, 2019

ඔබ ළමයකු නොව වැඩිහිටියෙකු වුවත් ඔබේ ජනප්‍රියතම චරිත අතරේ කාටුන් චරිත තිබීම පුදුමයක් නොවේ. 1930 - 1950 කාලය අතරතුර වෝනර් බ්‍රදර්ස්, වෝල්ට් ඩිස්නි, මේරි මෙලොඩීස්, එම්ජීඑම්, ලූනි ටියුන්ස් වැනි චිත්‍රාගාර තුළ කාටුන් චරිත දහස් ගණනක් නිර්මාණය විය. විවිධ රටවල ජනතාව, ශරීර ලක්ෂණ, මත් ද්‍රව්‍ය, අසභ්‍ය දර්ශන, දුම්වැටි, සියදිවි නසා ගැනීම් ආදී දේ ඔස්සේ නිරූපණය විය. මෙවැනි තත්ත්වයක් පෙන්නුම් කළ ද සජීවිකරණයේ ස්වර්ණමය යුගය ලෙස හැඳීන්වෙන්නේ 60 දශකය යි. චිත්‍රපටයටත් පෙර පැමිණි කාටුන පසුව ටෙලිවිෂනයට පැමිණීම තරමක් ගැටලුදායක තත්ත්වයකට පත් වූයේ ළමයින් ටෙලිවිෂයට වඩාත් සමීප වීම සමඟිනි. මේ හේතුවෙන් ඇතැම් ජනප්‍රිය කාටුන් චරිත විවිධ රටවලදී තහනමට ලක් විය.

Winnie the Pooh

තහනම් රට - චීනය

විනී ද පූ කාටුන චරිතය චීනයේදී තහනමට ලක් වූයේ චීන ජනපති සී ජිම්පින්ග්ගේ රුවට සමාන බවට කළ ප්‍රකාශයක් හේතුවෙන් බව පැවසෙනවා. මෙම සත්ත්වයාගේ හැසිරීම් ලක්ෂණ ද ඔහුට සමාන බව පවසමින් ඇතැමුන් හාස්‍යයට ලක් කිරීම නිසා විනී ද පූ චරිතය ඇතුළත් වූ කාටුන චීනයේ රූපවාහිනි නාළිකාවල විකාශය තහනම් කෙරිණි.

 

Peppa Pig
තහනම් රට - ඔස්ට්‍රේලියාව

ඌරන් පිරිසක් මකුළුවන් සමඟ සාමයෙන් ජීවත් වන කතා පුවතක් මෙහි ඇතුළත් විය. කෘමින් සමඟින් මිතුරුකමින් ජීවත්වීමට කියාදෙන මෙම කාටුන වැඩසටහන නැරඹූ පසු දරුවන් තුළ දරුණු කෘමි සතුනට ඇති බිය තුරන් වීම ඔස්ට්‍රේලියාවට ප්‍රධාන ගැටලුක් බවට පත් විය. ඔස්ට්‍රේලියාවේ මකුළුවන් වර්ග 10,000ක් පමණ ජීවත් වීමත් ඔවුන්ගෙන් බොහොමයක් අධික විෂ සහිත වීමත් නිසා දරුවන් අනතුරුවලට ලක්වීමේ අවධානම හේතුවෙන් Peppa Pig  ඔස්ට්‍රේලියාවේ තහනමට ලක් විය.

Pokemon

තහනම් රට - ජපානය, තුර්කිය සහ අරාබිය

දරුවන්ගේ සෞඛ්‍යයට හානිකර වීම Pokemon කාටුන වැඩසටහනේ කතාංග කිහිපයක් තහනමට ලක් කිරීමට ජපානය, තුර්කිය සහ අරාබිය පියවර ගෙන ඇත. මෙහි ඇතුළත් වූ පිපිරීමක දර්ශනයක් නැරඹීමෙන් පසු දරුවන් රැසක් තම දෑස් පෙනීම මඳ බව පවසා ඇති අතර ඇතැමුන් සිහිසන් වූ බවත් වාර්තා විය. මේ හේතුවෙන් ළමයින් 600ක් පමණ රෝහල් ගත කෙරුණු බවද වාර්තා විය.

SpongeBob

තහනම් රට - අමෙරිකා එක්සත් ජනපදය, යුරෝපය, ඔස්ට්‍රේලියාව තුළ තහනම් කිරීමෙන් අනතුරුව තවත් රටවල් 120ක පමණ තහනම් කෙරිණි.

ප්‍රචණ්ඩත්වය, නරක වචන භාවිතය, එක් කතාංගයක සියදිවි නසා ගැනීමක් ඇතුළත් වීම සහ මෙහි චරිත තුළ පෙන්නුම් කළ සෘණාත්මක ආකල්ප මෙම තහනමට ප්‍රධාන හේතු විය.

TaleSpin

තහනම් රට - අමෙරිකා එක්සත් ජනපදය සහ ජපානයෙන් පසු ලොවපුරා

ආසියානු රටවල් පිළිබඳ වැරදි චිත්‍රයක් මැවීම සහ නීතිය පිළිබඳ වැරදි අදහස් ලබාදීම තහනමට හේතු විය. නීතිය නොදැන සිටීම නිදහසට කරුණක් නොවේ යන අදහස වැරදි සහගත ලෙස අවබෝධ වීම මෙම තහනමට ප්‍රධානතම හේතුව බවට පත් විය.

Tom and Jerry

තහනම් රට - ලොවපුරා

දුම්බීම, මත්පැන් පානය, ප්‍රචණ්ඩත්වය ටොම් ඇන්ඩ් ජෙරී කාටුන චරිත තහනමට ලක්වීමට ප්‍රධාන හේතු බවට පත් වී ඇත. 1940 පමණ කාලයේ අමෙරිකානු ජන ජීවිතය පෙන්වීමත් මෙම තහනමට තවත් ‍එක් හේතුවක් වී තිබේ.

The Simpsons

තහනම් රට - අමෙරිකා එක්සත් ජනපදයේ සහ බ්‍රසීලයේ තහනම් කිරීමෙන් අනතුරුව ලොවපුරා

ප්‍රචණ්ඩත්වය සහ පවුලේ වටිනාකම බාල්දු කිරීම, අපිළිවෙල, ප්‍රභූ චරිතවලට අපහාස කිරීම නිසා The Simpsons  තහනමට ලක් විය.

Looney Tunes

තහනම් රට - ලොවපුරා

One beer  නමින් මත්පැන් පානය සඳහන් වූ කතාංගයක් තහනමට ලක් විය. සොරකම් කර මත් පැන් පානය කිරීම දරුවන්ට අහිතකර ආදර්ශයක් වීම එයට හේතු විය.

The Adventures of Lolo the Penguin

තහනම් රට - අමෙරිකා එක්සත් ජනපදය

කතාවේ හරයක් නොමැති වීම.

Donald Duck

තහනම් රට - ෆින්ලන්තය

70 දශකයේදී පමණ පැමිණි මෙම තාරා චරිතය අතුරුදන් වීමට හේතු වූයේ, කාටුන මාලාව තුළ පවුලේ වටිනාකම් බාල්දු කිරීම, හොඳ නරක අභියෝගයට ලක් කිරීම, මුදලට ඇති කෑදරකම මෙන්ම ඩොනල්ඩ් ඩක් උඩුකයට‍ පමණක් ඇඳුමක් ඇඳ සිටීමයි.

Shrek 2

තහනම් රට - ඊශ්‍රායලය

ලිංගිකත්වය දැක්වෙන ප්‍රකාශ සහ විහිළු කියමන් Shrek 2 ඊශ්‍රායලයේ තහනම් කිරීමට හේතු විය.

   

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.