වයස බාධාවක් නොවූ ආදර කතාවක්

De De Pyaar De
මැයි 23, 2019

ආදරය යනු යම් පුද්ගලයකු ලොව උපන් දා පටන් ලොව හැර යන අවස්ථාව දක්වාම විඳීන්නා වූ අත්දැකීමක්. පළමුව මවගෙන් ලැබෙන ආදරයත් පසුව ජීවිතයේ විවිධ අවධි පසු කරනවිටදී ආදරය අත් විඳීමත් සාමාන්‍ය දෙයක්. ආදර කතාවක් විවාහයකින් කෙළවර වීම හෝ නොවීම වගේම ආදරයට වයස් භේදයක් නොවන බවත් ඇතැම් ආදර කතා දෙස බලනවිට දැකගත හැකියි. අශීෂ් මෙහ්රා මැදි වියේ පසුවන දික්කසාද වූ පුද්ගලයෙකි. ඔහු තම වයසින් අඩක් පමණ වූ තරුණියක වන අයේෂාගේ ආදරය දිනා සිටී. මේ ආදර කතාවට බාධකයක් ඇති වන්නේ අශීෂ්ගේ පෙර බිරිය මංජු සහ දරුවන් සමුවීම සමඟින්. මංජු සහ දරුවන් හමුවේ අශිෂ් සහ අයේෂාගේ ආදර කතාවට කුමක් සිදුවේද? ආදර සබඳතා, හමුවීම්, වෙන්වීම්, පවුල මේ සියලු දේ ගැන කතා කරන්නේ මැයි 17 වැනිදා සිට තිරගත කෙරෙන De De Pyaar De හින්දි චිත්‍රපටය යි.

ප්‍රේමණීය, හාස්‍යමය චිත්‍රපටයක් ලෙස De De Pyaar De රචනාකර තිබෙන්නේ, ලූව් රන්ජන්, තරූන් ජාන් සහ සුරාභි භාත්නගර් විසින්. සංස්කරණ ශිල්පියකු වූ අක්වි අලි සිනමා අධ්‍යක්ෂවරයකු ලෙසින් දොරට වඩින De De Pyaar De චිත්‍රපටයේ අජේ දේවිගන්, තාබු සමඟ රකුල් ප්‍රීත් සිං අශීෂ්, මංජු සහ අයේෂා නම් චරිත ත්‍රිත්වයට පණ පොවති. Kaabil (2017), Bang Bang! (2014) Barfi! (2012) ) අශීෂ් අතින් සංස්කරණය වූ චිත්‍රපට කිහිපයකි. තාබු සහ අජේ Drishyam (2015), Golmaal Again (2017), Fitoor (2016)වැනි මෑතකදී තිරගත කෙරුණු බොලිවුඩ් සිනමා නිර්මාණ කිහිපයකදීම හමු වූ අතර Thakshak 90 දශකයේදී ඔවුන්ගේ රංගනයෙන් ඔපවත් වූ සාර්ථක සිනමාපටයක්. 1994 වසරේදී තිරගත කෙරුණු Vijaypath  අජේ සහ තාබු රිදී තිරයේ හමු වූ මුල්ම සිනමාපටය යි. De De Pyaar De චිත්‍රපටයේ අයේෂා කුරානාගේ චරිතයට පණ පොවන්නේ තෙළිඟු සහ දෙමළ සිනමාවේ ජනප්‍රිය නිළියක වන රකුල් ප්‍රීත් සිං විසින්. ඇය සිනමාවට පිවිසියේ 2009 වසරේදී Gilli නම් කණ්ණඩ චිත්‍රපටයෙන්. මෙම රංගනය රකුල්ගේ තෙවැනි බොලිවුඩ් රංගනය වන අතර මීට පෙර Yaariyan (2014), Aiyaary (2018), හින්දි චිත්‍රපටවල ඇයගේ රංගනය දැක ගත හැකි විය.

ආලෝක් නාත් මෙහි රංගනයෙන් දායක වීම තරමක් දුරට ප්‍රේක්ෂක ප්‍රතිචාර අඩුවනු ඇති බවට බොහෝ දෙනා සඳහන් කර සිටියේ ඔහු මී ටු ලිංගික අතවර චෝදනා ලැබීම හේතුවෙන්. කෙසේ නමුත් බොලිවුඩ් පුවත් ගෙන එන්නේ De De Pyaar De පූර්ව ප්‍රචාර පටයට අන්තර්ජාලයේ ඉහළ ප්‍රසිද්ධියක් ලැබුණු බවයි.

   

Add new comment