සාම කුමරු තිරයට

ජුනි 6, 2019

 නිශාන්ත සෙනෙවිරත්නගේ අධ්‍යක්ෂණයෙන් පන්සිය පනස් ජාතක කථා පොත ඇසුරින් සිනමාවට එක් කළ සාම කුමරු බෞද්ධ ළමා චිත්‍රපටයේ මංගල දර්ශනය පසුගිය දින රීගල් සිනමා ශාලාවේදී පැවැත්විණි. සුපර් සික්ස් චිත්‍රපට අධ්‍යක්ෂණයෙන් සිනමාවට පිවිස Crime Scene රූපවාහිනී නාට්‍ය මාලාව අධ්‍යක්ෂණය කළ තුත්තිරි ටෙලි නාට්‍ය සහ පැණි මකුළුවෝ සිනමාපට නිෂ්පාදනයෙන් එක් වූ යූ. ඒ. පල්ලියගුරුගේ දෙවන නිෂ්පාදනයයි සාම කුමරු.

අප අතරින් වියෝ වූ ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පී විමල් කුමාර ද කොස්තාගේ අවසන් රංගනය ඇතුළත් වන්නේ ද සාම කුමරු සිනමාපටයටයි. රෝහණ බැද්දගේ, ගීතා කාන්ති ජයකොඩි, රහල් බුලත්සිංහල, හිමායා බණ්ඩාර, දිනෙත් ද සිල්වා, නාලක දළුවත්ත හා ආකාශ් ගුණතිලක යන නළු නිළියන් ඇතුළු ළමා නළු නිළියන් වන දිමිත්‍රි පල්ලියගුරු, ඕර්නි පල්ලියගුරු යනාදීහු රංගනයෙන් දායක වෙති. පසුගිය මැයි 31 වැනි දින සිට රීගල් ලිඩෝ ඇතුළු සී. ඊ. එල් මණ්ඩලයේ සිනමාහල්වල ප්‍රදර්ශනය ආරම්භ විය.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
15 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.