46 වසරකට පෙර අමිතාබ් - ජයා හදිසියේ විවාහ වුයේ ඇයි?

ජුනි 13, 2019

අමිතාබ් බච්චන් හෙවත් බිග් බී බොලිවුඩයේ පමණක් නොව ලෝකයේද අවධානය දිනූ සුපිරි තරුවකි. 60 දශකයේ අග භාගයේදී සිනමාවට පිවිසි ඔහු හැත්තෑව දශකයේ දී ඉහළ ජනප්‍රියත්වයක් ළඟා කර ගත්තේ 'කේන්තිකාර තරුණයා' යන අන්වර්ථ නාමය ද සමඟිනි. දශක පහක් පුරා බොලිවුඩය බැබළවූ ඔහුගේ ජනප්‍රියත්වය අදටද අඩුවක් නොවේ. අමිතාබ් බිරිය, ජයා බහදූරි බච්චන් ද බොලිවුඩයේ අහිංසක පෙම්වතිය වූවාය.

අමිතාබ් - ජයා යනු බොලිවුඩ් සිනමාවේ සංකේත තරු යුවළකි. මේ දෙදෙනාගේ ආදරය පරම්පරා ගණනක් ආදර්ශයට ගෙන තිබෙන බවත් රහසක් නොවේ. සිනමාවේ මේ දෙදෙනා එක්ව කළ රංගනයන් රැසක් නොවුණ ද දෙදෙනාම එකට දුටු සිනමා නිර්මාණ කිසිවෙකුගේ මතකයෙන් ගිලිහී නොයාමත් එයට තවත් හේතුවක් වන්නට ඇත. Abhimaan, Chupke Chupke, Sholay  අමිතාබ් - ජයා තිරයේ පෙම්වතුන් වූ සාර්ථක සිනමා නිර්මාණයන් අතර ඒඡඩඪථචචද බොලිවුඩයේ පමණක් නොව ශ්‍රී ලංකාවේ ද දින ගණනක් පුරා අති සාර්ථක අයුරින් තිරගත කෙරුණු හින්දි චිත්‍රපටයකි.

1969 වසරේදී Saat Hindustani චිත්‍රපටයෙන් බොලිවුඩයට පිවිසි අමිතාබ් රඟ පෑ මුල් චිත්‍රපට 12ම සාර්ථක නොවූවත් 1973 වසරේදී ඛචදණඥඥප චිත්‍රපටයේ සාර්ථකත්වය ඔහුට සිනමාවේ වාසනාව ගෙන ආවේය. එහි ප්‍රධාන නිළි ජයා බහදූරි, අමිතාබ්ගේ ජීවිතයට වාසනාව ගෙන ආවාය. රිදී තිරයේ පෙම්වතුන්ව සිටි අමිතාබ් - ජයා 1973 වසරේ විවාහ දිවියට එළැඹුණ ද එය තරු පිරිවරා සිදුවූවක් නොව හදිසි විවාහයක් විය. 1963 වසරේදී සත්‍යජිත් රායිගේ  Mahanagar  චිත්‍රපටයෙන් සිනමා දිවිය ආරම්භ කළ ජයා 1975 වසරේ Sholay  චිත්‍රපටයෙන් පසුව රංගන දිවියෙන් සමුගත්තේ දරුවන් වෙනුවෙනි. නැවතත් 80 දශකයේදී අමිතාබ් සහ රේඛා ප්‍රධාන චරිත මැවූ Silsila චිත්‍රපටයෙන් ජයා සිනමාවට පිවිසි අතර මේ කාලයේදී සමාජ සේවා කටයුතුවලටද ඇයගේ දායකත්වය ලැබිණි. ඇය සමාජවාදි පක්ෂයෙන් රාජ සභාවට ද තේරි පත් වූවාය.පසුගිය ජූනි 03 වැනිදා අමිතාබ් - ජයා සමරනු ලැබූයේ, සිය 46 වැනි විවාහ සංවත්සරයයි. එදින අමිතාබ් තම වෙබ් අඩවියේ එදා සිදු කළ හදිසි විවාහයට හේතුව සටහන් කර තිබුණි. එය නම් ඔහුගේ මිතුරන් ලන්ඩනයට යාමට සංවිධානය කර තිබූ විනෝද චාරිකාවකි. අමිතාබ් ද ජයා සමඟින් ඒ සඳහා යාමට තම පියා හරිවන්ශ් රායි බච්චන්ගෙන් ගෙන් අවසර ඉල්ලා සිටියේය. එක් කොන්දේසියටකට යටත්ව ඔහුට ඒ වෙනුවෙන් අවසර ලැබිණි. එනම් ජයා විවාහකර ගෙන එම විනෝද චාරිකාව යාමටයි. ඒ අනුව අමිතාබ් - ජයා විවාහය එක් දිනක් ඇතුළත සංවිධානය වූ අතර විනෝද චාරිකාව සඳහා ගුවන්ගමන යෙදී තිබූ දිනයේදීම හින්දු චාරිත්‍රානූකූලව විවාහය සිදු කෙරිණි. එය බච්චන් පවුලේ සහ බහදූරි පවුලේ ළඟම ඥාතීන් ද අමිතාබ් සහ ජයාගේ සමීපතම මිතුරු මිතුරියන් ද පමණක් සහභාගි වූ විවාහයක් විය.

අමිතාබ් - ජයාගේ ජීවිතද සැමදා දේදුනු, රෝස මල් සහ සමනලුන් පිරි විවාහ ජීවිතයක් නොවීය. විවිධාකාර හැල හැප්පීම් සමඟ මේ ආදර කතාවේත් අඳුරු තැන් ද නැතුවාම නොවේ. රේඛා සහ අමිතාබ් ආදර කතාව නිසා කිහිප වරක්ම බච්චන් කැදැල්ල දෙදරා ගිය පුවත බොලිවුඩයට අමුත්තක් නොවිණි. 1976 වසරේ Do Anjaane  චිත්‍රපටයේ ප්‍රධාන චරිතවලට පණ දුන් රේඛා සහ අමිතාබ් අතර ප්‍රේම සම්බන්ධයක් ඇති බවට කතා පැතිර යාමත් එම කතා සත්‍ය බවට තහවුරු වන ලෙසින් රේඛාගේ හැසිරීමත් ඒ අතර ප්‍රධාන විය. තමන් අමිතාබ් සමඟ හොර රහසේ විවාහ වූ බව හැඟවීමට රේඛා නළලේ සින්ධූර් තවරා මංගල මාලයක් පැලඳීම එකල පුවත් මවන්නට විය. කිසි දෙයකින් නොසැලුනු ජයා කිසි විටෙකත් අමිතාබ් හෝ බච්චන් පවුල අත හැරියේ නැත. බච්චන් පවුලේ එකම දියණිය ස්වේතා ලේඛිකාවකි. පුතු අභිෂේක් බච්චන් ද බොලිවුඩයේ තම නම ඉහළින් රැන්දූ නළුවෙකි. සුරූපී ඓශ්වර්යා බච්චන් පවුලට වාසනාව රැගෙන ආ ආදරණීය ලේලියයි. නව්‍යා නවේලි, ආරාධ්‍යා මිනිබිරියන් සහ අගස්ත්‍යා නන්දා මුනුපුරා බච්චන් යුවළගේ ආදරයේ කොටස්කරුවන්ය.

     

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.