මකුළු මිනිසාට අලුත් අභියෝගයක්

ජූලි 4, 2019

 ලෝ ප්‍රකට ස්පයිඩර් මෑන් හෙවත් මකුළු මිනිසා බවට පත් වන්නේ පීටර් පෑන් නම් වූ උසස් පාසලක තරුණයෙකි. ඔහු මකුළු මිනිසා බවට පත් වන්නේ, විද්‍යාගාරයක ජාන වෙනස් කරන ලද මකුළුවකු දෂ්ට කිරීම හේතුවෙනි. මේ නිසා මකුළුවන් සතු හැකියාවන් ලෙස තම ශරීරයේ ප්‍රමාණයට අනුව සවිමත් දැල් නිර්මාණය කිරීමේ හැකියාව, වේගවත් බව, අධි සංවේදිතාව, ක්ෂණික ප්‍රතිචාර දැක්වීම පීටර් පෑන්හටද හිමි වේ.

ස්ටෑන් ලී සහ ස්ටීව් ඩිට්කෝ විසින් නිර්මාණය කර මාවල් චිත්‍රකතා චරිතයක්ව සිටි ස්පයිඩර් මෑන් මුල්වරට සිනමාවට පිවිසියේ 1977 වසරේදීය. එවක පටන් 1981 පමණ කාලය වන තෙක් මකුළු මිනිසාගේ වික්‍රමයන් ඇතුළත් චිත්‍රපට මාලාවක් තිරගත කෙරිණි. අනතුරුව 1978 වසරේ සිට තවත් ස්පයිඩර් මෑන් චිත්‍රපට මාලාවක් ලොවපුරා ආකර්ශනය දිනා ගනිමින් තිරගත විය. විසි වසරකට පමණ පසුව මේ මකුළු මිනිසා යළි රිදී තිරයට පැමිණි අතර 2004 සහ 2007 වසරවල එම චිත්‍රපට මාලාව තිරගත වීමෙන් අනතුරුව ප්‍රතිනිර්මාණයක් ලෙසින් ඊඩඥ ඒථචලඪදඨ ඉනඪඤඥප-ර්චද චිත්‍රපටය 2012 වසරේදී ද එහි දෙවැන්න 2014 වසරේදී ද තිරගත කෙරිණි.

මාවල් සිනමා විශ්වයේ දිග හැරුණු චිත්‍රපට මාලාවේදී ද මකුළු මිනිසාගේ චිත්‍රපට කිහිපයක් තිරගත කෙරුණු අතර මාවල් සිනමා විශ්වයේ 23 වැනි සිනමා නිර්මාණය ලෙසින් ඉනඪඤඥප-ර්චද: ජ්චප ජ්පධථ ඩ්ධථඥ ජූලි 02 වැනිදා සිට ලොවපුරා තිරගත කිරීමට නියමිතව ඇත. ඇවෙන්ජර්ස් එන්ඩ් ගේම් චිත්‍රපටයේ සිදුවීම් වලින් අනතුරුව සිය උපදේශක වූ ටෝනි ස්ටාර්ක්ගේ වියෝවෙන් හේතුªවෙන් සිත් තැවුලෙන් පසුවන පීටර් සිය පන්තියේ මිතුරන් සමඟින් යුරෝපයේ විනෝද චාරිකාවකට එක් වේ.

මේ අතර ඇවෙන්ජර්ස් කණ්ඩායමේ නියාමක නික් ෆියුරි විසින් ඔහුහට මිස්ටීරියෝ සමඟ තවත් දුෂ්ට බලවේගයක් පරාජය කිරීමේ අභියෝගය භාර දේ. මෙවර ස්පයිඩර් මෑන් චරිතයට පණ පොවන්නේ බ්‍රිතාන්‍ය ජාතික නළු ටොම් හොලන්ඩ් විසිනි. 23 හැවිරිදි ටොම් මාවල් සිනමා විශ්වයේ ඛ්චනබචඪද ඒථඥපඪජච: ඛ්ඪමඪත එචප (2016), ඉනඪඤඥප-ර්චද: ඩ්ධථඥජධථඪදඨ (2017), ඒමඥදඨඥපඵ: ධ්දටඪදඪබර එචප (2018), ඒමඥදඨඥපඵ: ඡ්දඤඨචථඥ (2019) චිත්‍රපට කිහිපයකටම රංගනයෙන් දායක වී ඇත.

ඔහු සමඟින් මිස්ටීරියෝ නම් නව චරිතයට පණ පොවන්නේ ජනප්‍රිය හොලිවුඩ් නළු ජේක් ගිලන්හෝල් විසිනි. මිස්ටීරියෝ චරිතය සුපිරි බලයන්ගෙන් යුක්ත නොවූවත් ඔහු දක්ෂ ඉන්ද්‍රජාලිකයකු, රසායන විද්‍යාඥයකු මෙන්ම රොබෝ නිර්මාණකරුවකු බව එම චරිතය අධ්‍යයනයෙන් පෙනී යයි. සැමුවෙල් එල්. ජැක්සන්, සෙන්ඩ්යා, කෝබි ස්මුල්ඩර්ස්, ජෝන් ෆාවුරෝ ඇතුළු පිරිසක් ද සෙසු චරිත සමඟ මෙහි රංගනයෙන් දායක වී සිටිති. ඉනඪඤඥප-ර්චද: ජ්චප ජ්පධථ ඩ්ධථඥ චිත්‍රපටය අධ්‍යක්ෂණය කර තිබෙන්නේ ඉනඪඤඥප-ර්චද: ඩ්ධථඥජධථඪදඨ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ ජෝන් වොට්ස් විසිනි. මාවල් සිනමා විශ්වයට මෙතෙක් එක් වූ ස්පයිඩර් මෑන් චිත්‍රපට සියල්ලට සාර්ථක විචාරක ප්‍රතිචාර හිමි වී ඇති අතර එම චිත්‍රපට මාවල් සිනමා විශ්වයට බරක් නොවී එයට ගැළපෙන අයුරින් බොහොම සතුටුදායක වික්‍රමාන්විත ගමනක නිරතවන බව විචාරක පිළිගැනීමයි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 12 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.