Once Upon a Time in Hollywood

විශිෂ්ට සිනමාකරුවෙකුගේ බිහිසුණු අත්දැකීම
ජූලි 25, 2019

චාල්ස් මෙන්සන් යනු අමෙරිකාවේ ප්‍රකට අපරාධකරුවෙකි. ඔහු මැර කණ්ඩායමක නායකයකු මෙන්ම ගීත රචකයකු ද වේ. චාල්ස් මෙන්සන් සමඟ 1960 දශකයේදී මෙන්සන් පවුලට ඉහල ප්‍රසිද්ධියක් හිමි වූයේ අපරාධ සම්බන්ධයෙනි. චාල්ස් මෙන්සන්ගේ අනුගාමිකයන් 1969 ජූලි - අගෝස්තු කාලය තුළ ස්ථාන 4ක සිදු කළ මිනි මැරුම් 9ට ඔහු වරදකරු වූයේ එම මිනි මැරුම් 2ක් සිදු කිරීම සහ මිනි මැරුම් 7ක් සැලසුම් කිරීම වෙනුවෙන්. ඔහුට මරණීය දණ්ඩනය නියම කෙරුණත් කැලිෆෝනියාවේ මරණ දණ්ඩනය ඉවත් කිරීම නිසා ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම විය. 83 හැවිරිදි වියේ පසුවද්දී 2017 වසරේ නොවැම්බර් 19 වැනිදා ඔහු ආමාශ ආන්ත්‍රයික රුධිර වහනය හේතුවෙන් කොර්කෝර්න්හි කැලිෆෝනියා ප්‍රාන්ත බන්ධනාගාරයේදී මරණයට පත් විය.

චාල්ස් මෙන්සන් නම් දරුණු අපරාධකරු මෙවර මාතෘකා වූයේ නවතම හොලිවුඩ් සිනමා නිර්මාණයක් සමඟින්. ක්වෙන්ටින් ටරෙන්ටිනෝ විසින් අධ්‍යක්ෂණය කළ Once Upon a Time in Hollywood  චිත්‍රපටයට පාදක වී තිබෙන්නේ මෙන්සන් පවුලේ සාමාජිකයන් විසින් සිදු කළ ඝාතන සම්බන්ධ සිදුවීමකි. එය අලුත විවාහපත් වුණු තරු යුවළකගේ නිවසේ සිදු වූවකි. එනම් ජනප්‍රිය නිළි ෂැරොන් ටේට් සහ සුප්‍රකට අධ්‍යක්ෂ රෝමන් පොලන්ස්කිගේ නිවෙසේ සිදු වූ ඝාතනය යි. ඒ වන විට අධ්‍යක්ෂ පොලන්ස්කි සිනමා නිර්මාණයක් වෙනුවෙන් යුරෝපයට ගොස් සිටි නිසා දිවි ගලවා ගත් අතර මාස අට හමාරක ගැබිණියක වූ බිරිය ෂැරොන් (අමෙරිකානු නිළි ෂැරොන් ටේට්) ඇතුළු කලා ක්ෂේත්‍රයට සම්බන්ධ පිරිසක් එහිදී ඝාතනයට ලක් විය. මෙම ඝාතනයට හේතුව කුමක් ද? පනස් වසරකට පසු යළිත් ඒ පිළිබඳ අවධානය යොමු වී තිබේ.

Once Upon a Time in Hollywood  චිත්‍රපටය මෙම සිදුවීම් දාමය අලළා නිර්මාණය වී ඇති අතර හෙට (ජූලි 26) සිට එය ලොව පුරා තිරගත වීමට නියමිතය. ක්වෙන්ටින් ටරෙන්ටිනෝ විසින් සිය නවවැනි වෘත්තාන්ත සිනමා අධ්‍යක්ෂණය ලෙසින් සිදු කළ Once Upon a Time in Hollywood  චිත්‍රපටයේ තිරරචනයද ඔහු විසින් සිදුකර ඇත. ඔස්කාර් සම්මානනීය නළු ලියනාඩෝ ඩිකැප්‍රියෝ සහ බ්‍රැඩ් පිට් මෙහි ප්‍රධාන චරිත නිරූපිත අතර ඩිකැප්‍රියෝ එහි රූපවාහිනි තරුවකගේ චරිතයට පණ පොවයි. බ්‍රැඩ් පිට් පණ පොවන්නේ ඔහුගේ හොඳම මිතුරා සේම දිගු කාලීනව තිරයේ ඔහුගේ ක්‍රියාදාම ජවනිකා වෙනුවෙන් පෙනී සිටින්නා ලෙසිනි. සම්මානනීය හොලිවුඩ් නළුවකු වන අල් පසීනෝ ද මෙහි නියෝජිතවරයකුගේ චරිතයට පණ පොවන අතර මාග්‍රට් රොබී, එමිල් හර්ස්ච්, මාග්‍රට් ක්වෙලි, තිමොති ඔල්ෆට්, ඔස්ටින් බට්ලර්, ඩෙකොටා ෆැනින්ග් ඇතුලු පිරිසක් ද රංගනයෙන් දායක වෙති.කාන් සිනමා උලෙළේදී මංගල දර්ශනය පැවති  Upon a Time in Hollywood චිත්‍රපටයට විචාරක ප්‍රතිචාර ඉහළින් හිමි වී ඇති අතර රොටෙන් ටොමැටෝස් වෙබ් අඩවියේ එයට 92% හිමි වී තිබේ. එහි ප්‍රමුඛ විචාරය පවසා සිටින්නේ,  Upon a Time in Hollywood  චිත්‍රපටය පරිණත සිනමාකරුවකුගේ දැක්මෙහි පැහැදිලිකම පිළිබිඹු වීම සමඟින් වූ විස්මයට පත් කරවන නිර්මාණයක් බවයි. අධ්‍යක්ෂවරයා මෙන්ම මෙහි ප්‍රධාන

නළු චරිත ද්විත්වයද විචාරක ප්‍රසංශාවට ලක් වී ඇත. පීට් සහ ඩිකැප්‍රියෝ එකිනෙකාට හොඳීන් ගැළපෙන දෙදෙනෙකු බවත් මෙම සිනමා නිර්මාණ තුළ ඔවුන්ගේ චරිත නිරූපණය කැපී පෙනෙන බවත් විචාරක අදහසයි.

  

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.