පොලිස් නිලධාරියකු සහ මාධ්‍යවේදිනියකගේ ආදර කතාව

Arjun Patiala
ජූලි 25, 2019

අර්ජුන් පටියාලා පොලිස් සේවයට අධුනිකයෙකි. ඔහු සිය ජීවිතයේ වැඩි කාලයක් ගතකර ඇත්තේ ජූඩෝ සටන් කලාව ඇසුරෙන් තම විනය දියුණුකර ගැනීමටය. අර්ජුන්ගේ දුර්වලතාවයක් නම් කාන්තාවන් කෙරෙහි ඔහු තුළ ඇති ළැදියාවයි. ඊටත් වඩා ඔහු මත්පැනට ළැදියාවක් දක්වන්නේය.

නමුත් ඔහුගේ අසාමාන්‍ය අදහස් හා ක්‍රියාවන් ප්‍රචණ්ඩත්වයෙන් තොරව නගරයේ අපරාධ මැඬලීමට බලපායි. මේ අතර අර්ජුන්, රිතූ රන්ධාවා නම් අපරාධ පුවත් වාර්තාකරණයේ යෙදෙන පුවත්පත් වාර්තාකාරිණියක සමඟ ප්‍රේමයෙන් බැඳේ. ඔවුන් වටා ගෙතුණු කතාව Arjun Patiala  ලෙසින් හෙට (ජූලි 26) සිට රිදී තිරයේ දිග හැරීමට නියමිතව ඇත. Arjun Patiala  හාස්‍යමය, ක්‍රියාදාම චිත්‍රපටයේ අර්ජුන් පටියාලා ලෙස පණ පොවන්නේ දිල්ජිත් දොසාන්ජ්ය. සීක් ජාතික 35 හැවිරිදි දිල්ජිත් දොසාන්ජ් පන්ජාබි සහ හින්දි සිනමා නළුවෙකි. නළුවකු පමණක් නොව ගායකයකු මෙන්ම රූපවාහිනි වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකු ලෙසින්ද කැපී පෙනෙන ඔහු බොලිවුඩයට පිවිසෙමින් උඤබච ර්‍ථභදණචඡ (2016) චිත්‍රපටයේ කළ රංගනය වෙනුවෙන් හොඳම නැඟී එන නළුවාට හිමි ෆිල්ම්ෆෙයාර් සම්මානයෙන් ද පිදුම් ලැබුවේය. Phillauri, RaabtaWelcome to New York, Soorma දිල්ජිත් දායක වූ අනෙකුත් හින්දි චිත්‍රපට වේ. ඔහු පංජාබි චිත්‍රපට ගීත ගායනට අමතරව Jab Harry Met Sejal, Raabta, Udta Punjab, Singh Is Bliing හින්දි චිත්‍රපටවලටද ගීත ගායනයෙන්ද දායක වී ඇත.

 මෙහි ප්‍රධාන නිළි චරිතය වන රිතු රන්ධාවා ලෙස පණ පොවන ක්‍රිටී සැනොන් Heropanti  (2014) චිත්‍රපටයෙන් බොලිවුඩ් අවධානය දිනාගත් නිළියකි. එය ඇයගේ කුළුදුල් බොලිවුඩ් රංගනය වූ අතර හොඳීම නැඟී එන නිළිය ලෙසින් ෆිල්ම්ෆෙයාර් සම්මානයටද පාත්‍ර වූවාය. Dilwale (2015), Raabta (2017) බොලිවුඩයේ ඇයගේ සුවිශේෂි නිර්මාණ වේ. වරුන් ෂර්මා, රෝනිත් රෝයි ඇතුළු පිරිසක් මෙහි සෙසු චරිත මවති. Arjun Patiala  චිත්‍රපටයේ එන එක් ගීතයක දැක්වෙන සනී ලියොන්ගේ නර්ථනය චිත්‍රපටයට සුවිශේෂ ආකර්ෂණයක් ගෙන එන බව චිත්‍රපටයේ ගීත අන්තර්ජාලයට නිකුත් වූ පසු බොහෝ දෙනාගේ අදහස් අතර විය. Arjun Patiala  චිත්‍රපටය අධ්‍යක්ෂණය කර තිබෙන්නේ ඉන්දීය තිරරචකයකු මෙන්ම අධ්‍යක්ෂවරයකු ද වන රෝහිත් ජුග්රාජ් චෞහාන් විසිනි. පංජාබි චිත්‍රපට කිහිපයක් අධ්‍යක්ෂණය කළ ඔහුගේ කුළුඳුල් බොලිවුඩ් අධ්‍යක්ෂණය Arjun Patiala චිත්‍රපටයයි. එහි තිරරචනය රිතේෂ් ෂා ගෙනි.

     

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
13 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.