මීළඟ බොන්ඩ් කළු කෙල්ලක්

ජූලි 25, 2019

බ්‍රිතාන්‍ය ජාතික සුදු නළුවන් විසින් පමණක් පණ පෙවූ ජේම්ස් බොන්ඩ් චරිතය කළු ජාතික කාන්තාවකට ලබාදීම ජාතිවාදය සහ ලිංගික භේදයට විරුද්ධව සිනමා ක්ෂේත්‍රයේ විශාල පිම්මක් බව සිනමා විචාරකයන්ගේ අදහසයි.

ජේම්ස් බොන්ඩ්, බ්‍රිතාන්‍ය සිනමාව විසින් නිර්මාණය කළ සුපිරිතම රහස් පරීක්ෂක චරිතය ලෙසින් සැලකෙනවා. එදා මෙදා තුර බොන්ඩ් චරිතය වෙනුවෙන් සිනමාවේ සුපිරි නළුවන් කිහිප දෙනෙකුම සුදුසුකම් ලද අතර මේ වන විට ජේම්ස් බොන්ඩ් චරිතයට පණ පොවන්නේ 51 හැවිරිදි බ්‍රිතාන්‍ය නළු ඩැනියෙල් ක්‍රෙග්.

25 වැනි ජේම්ස් බොන්ඩ් චිත්‍රපටය ලබන වසරේදී තිරගත කිරීමට නියමිත අතර 2015 වසරේදී Spectre චිත්‍රපටයෙන් පසු ඩැනියෙල් ක්‍රෙග්, බොන්ඩ් චරිතයට සමු දෙනු ඇති බවට මත පළ විය.

පළමු ජේම්ස් බොන්ඩ් චිත්‍රපටය 1962 වසරේදී තිරගත කෙරුණු අතර මේ වන විට ජේම්ස් බොන්ඩ් චරිතයට නළුවන් හත් දෙනෙකු විසින් පණ පොවා තිබේ. ඒ අතරින් ඔස්ට්‍රේලියානු ජාතික ජෝර්ජ් ලැසන්බි හැරුණු විට සෙසු සියලුම නළුවන් බ්‍රිතාන්‍ය සම්භවයක් ඇති නළුවන් වීම විශේෂත්වයකි. (ඔස්ට්‍රේලියාවද බ්‍රිතාන්‍යයේ ඩොමිනීයානු රාජ්‍යයකි) Spectre චිත්‍රපටයෙන් පසු ජේම්ස් බොන්ඩ් චරිතයට පණ පෙවීම පිළිබඳ විවිධ කටකතා මතු වූ අතර ඩැනියෙල් ක්‍රේග් එක්තරා පුවත්පත් සම්මුඛ සාකච්ඡාවකදී පවසා සිටියේ, මීළඟ ජේම්ස් බොන්ඩ් චරිතයට රඟපානවාට වඩා වීදුරුවක් කඩා අත තුවාල කරගැනීම හොඳ බවයි. කෙසේ නමුත් ජේම්ස් බොන්ඩ් චිත්‍රපට නිෂ්පාදිකා බාබරා බ්‍රොකොලිගේ අදහස වූයේ, තවත් එක් බොන්ඩ් චිත්‍රපටයකට හෝ ක්‍රග් දායක කර ගැනීමයි. ඒ අනුව 25 වැනි ජේම්ස් බොන්ඩ් චිත්‍රපටයේ ද බොන්ඩ් චරිතයට පණ පොවන්නේ ඩැනියෙල්

ක්‍රෙග් විසිනි. එය ඔහු බොන්ඩ් චරිතයට පණ පොවන පස්වැනි අවස්ථාවයි.

නමුත් මින් ඉදිරියට නිර්මාණය කිරීමට නියමිත ජේම්ස් බොන්ඩ් චිත්‍රපට වෙනුවෙන් ජේම්ස් බොන්ඩ් චරිතයට පණ පෙවීම බ්‍රිතාන්‍ය කළු ජාතික නළු ඉඩ්‍රිස් ඇල්බා විසින් සිදු කරනු ඇති බවට කටකතා පැතිර ගියත් නවතම හොලිවුඩ් පුවත් ගෙන එන්නේ මීළඟ බොන්ඩ් චරිතය කාන්තාවක් වෙත හිමි වන බවයි. ඇය ජැමෙයිකානු සම්භවයක් සහිත බ්‍රිතාන්‍ය ජාතික නිළියක වන ලෂානා ලින්ච්ය.

බ්‍රිතාන්‍ය ජාතික සුදු නළුවන් විසින් පමණක් පණ පෙවූ ජේම්ස් බොන්ඩ් චරිතය කළු ජාතික කාන්තාවකට ලබාදීම ජාතිවාදය සහ ලිංගික භේදයට විරුද්ධව සිනමා ක්ෂේත්‍රයේ විශාල පිම්මක් බව සිනමා විචාරකයන්ගේ අදහසයි. කෙසේ නමුත් ජේම්ස් බොන්ඩ් චරිතය බ්‍රිතාන්‍ය ජාතිකයෙකුගෙන් ඉවත්ව ගොස් නොමැති බවද පැහැදිලියි. හොලිවුඩ් පුවත් ගෙන එන්නේ, ලෂානා ලින්ච් ජේම්ස් බොන්ඩ් 25 වැනි චිත්‍රපටයේදී ඩැනියෙල් ක්‍රෙග් බොන්ඩ් චරිතයෙන් සමුගැනීම සමඟ දක්නට ලැබෙන බවයි. 31 හැවිරිදි ලෂානා 2019 වසරේදී තිරගත කෙරුණු කැප්ටන් මාවල් චිත්‍රපටයේ මාරියාගේ චරිතයට පණ පෙවූ අතර ඕපධබඩඥපඩධධඤ, ර්‍ථධඹඤඥප අධධථ, ජ්චඵබ ට්ඪපතඵ චිත්‍රපටවලටද රංගනයෙන් දායක වී ඇත.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.