hobbs and shaw

අගෝස්තු 1, 2019

 

Vibe සඟරාවේ 1998 මැයි මස කලාපයේ කෙන් ලී නැමැත්තෙකු විසින් අචජඥප ඔ නමින් කතාවක් පළ කළේය. එයින් කියවුණේ, නිව්යෝක් නගරයේ ජීවත් වූ රෆායල් ස්ටීව්ස් නම් රාත්‍රී මෝටර් රථ ධාවකයා පිළිබඳ වූ සත්‍ය කතාවකි. මෙම පුවත ඇස ගැටුණු සුවිශේෂ පුද්ගලයෙක් විය. ඔහු චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකි.

 

වේගයෙන් දිවෙන මෝටර් රථය සමඟ සබැඳුණු රෆායල්ගේ කතාවට හිත ඇදී ගිය ඔහු එය රූපයට නැඟීමට සූදානම් විය. ඒ අනුව රොබ් කොහෙන් විසින් 2001 වසරේදී ජ්චඵබ ඒදඤ බඩඥ ජ්භපඪධභඵ චිත්‍රපටය නිර්මාණය කළේය. එතැන් පටන් මෙම චිත්‍රපට මාලාවේ කොටස් අටක් අති සාර්ථක ලෙස විකාශය වූ අතර එම චිත්‍රපට ඩොමිනික් ටොරෙටෝ සහ බ්‍රයන් ඕ’කෝනර් නම් වූ ජවසම්පන්න රාත්‍රී මෝටර් රථ තරඟ ධාවකයින් දෙදෙනා වටා නිර්මාණය විය. ඩොමිනික් ලෙස වින් ඩීසල් සහ බ්‍රයන් ලෙස පෝල් වෝකර් විසින්ද කළ රංගනයන් කාගේත් අවධානය දිනා ගන්නට සමත් විය.

අමෙරිකානු රහස් ඔත්තු සේවාවේ නීතිගරුක, දක්ෂ නිලධාරියකු වන යෝධ සිරුරකින් යුතු හොබ්ස් නීතිය තඹයකට මායිම් නොකරන නීතිය ඉදිරියේ බරපතළඅපරාධකරුවකු වන ෂෝ නීතියේ රැහැනට හසු ගැනීමට තැත් කිරීමේදී දෙදෙනා අතර වූ සටන ජ්චඵබ ඒදඤ බඩඥ ජ්භපඪධභඵ චිත්‍රපට මාලාවේ හත්වැන්න නැරඹූවන්ට අමතක නොවන දෙයකි.

එනමුත් මේ වන විට අධිතාක්ෂණයෙන් සුපිරි ශක්තිවන්තයකු බවට පත් වී සිටින බ්‍රික්ස්ටන් ගෙන් මිනිස් වර්ගයාට වන තර්ජනය හමුවේ සතුරන්ටත් මිතුරුවීමට සිදුවන අවස්ථාවක් එළැඹී තිබේ. එය කුමක් ද ? යන්න දැක ගත වන්නේ ඩේවිඩ් ලෙච් අධ්‍යක්ෂණය කළ ඩ්ධඡඡඵ ) ඉඩචඹ චිත්‍රපටයෙනි. ජ්චඵබ ඒදඤ බඩඥ ජ්භපඪධභඵ චිත්‍රපට මාලාවේ අතුරු කතාවක් ලෙසින් එන ඩ්ධඡඡඵ ) ඉඩචඹ චිත්‍රපටයේ දී ඔබ හමුවට පැමිණෙන්නේ ඩිවේන් ජොන්සන්, ජේම්ස් ස්ටැතම් සහ ඉඩ්‍රිස් ඇල්බා ය. වැනේසා කර්බි, හෙලන් මිරේන්, එලීසා ගොන්සාලේස්, රෝමන් රෙගින්ස් ඇතුළු පිරිසක්ද රංගනයෙන් දායක වී සිටිති.

එහි තිරරචනය කර තිබෙන්නේ, ක්‍රිස් මෝගන් සහ ඩ්‍රීව් ප්‍රියර්ස් විසිනි. ඩ්ධඡඡඵ ) ඉඩචඹ හෙට (අගෝස්තු 02) සිට ලොවපුරා තිරගත කිරීමට නියමිතය.ජ්චඵබ ඒදඤ බඩඥ ජ්භපඪධභඵ චිත්‍රපට මාලාව විචාරකයන් හඳුන්වා දී ඇත්තේ හොඳ ක්‍රියාදාම චිත්‍රපට මාලාවක් ලෙසිනි. තනි වචනයේ කෙටි පිළිතුරු අවස්ථා රැසකදී භාවිත කර තිබීම විචාරකයන්ගේ අවධානයට ලක් වී ඇත.

එය පිරිසකගේ ක්ෂණික රසවින්දනය වෙනුවෙන් කරන ලද බව ඔවුන්ගේ අදහසයි. දෑස් දල්වාගෙන බලා සිටිය හැකි චිත්‍රපට මාලාවක් වුවද භෞතික විද්‍යාත්මක නියමයන් සම්පූර්ණයෙන් අමතකර කර නිර්මාණය කළ සිනමා නිර්මාණයක් බවට වන චෝදනාවක්ද වේ. කෙසේ නමුත් මෙම චිත්‍රපට මාලාවේ අතුරු කතාවක් ලෙසින් එන ඩ්ධඡඡඵ ) ඉඩචඹ චිත්‍රපටයද සුවිශේෂි එකක් බවට පත්වනු ඇති බව විචාරක අදහසයි.

 

https://youtu.be/HZ7PAyCDwEg

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.