බොලිවුඩයේ පුරුෂ හිංසනයක්

අගෝස්තු 1, 2019

 

මනමාලයා පැහැරගෙන යාම (Groom Kidnapping ) ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ සුලභව අසන්නට ලැබෙන සිදුවීමකි. විවාහ වීමට සුදුසු වයසේ පසුවන තරුණියන් සිටින නිවෙස්වල පවුලේ ඥානීන් විසින් තම දියණියට විවාහ වීමට සුදුසු තත්ත්වයක් ඇති තරුණයන් පැහැරගෙන ගොස් විවාහයට බල කිරීම මෙහිදී සිදුවන බව කියවේ.

 

 

 

විවාහයකට සුදුසු වයසේ පසුවන තරුණියකගේ පවුලේ ඥාතීන් විසින් මෙසේ සිදු කරනු ලබන්නේ හොඳ තරුණයකුහට දියණිය විවාහකර දීමට නම් විශාල දෑවැද්දක් දිය යුතු නිසා බව ද පැවසේ. 2009 වසරේදී පමණක් මෙවැනි පැහැර ගැනීම් 1224ක් වාර්තා වී ඇති බව ද සඳහන් වන අතර ඒවා අතරින් බොහොමයක් මැර කණ්ඩායම් මඟින් කරවන ලද බවත් කියවේ. මෙම පැහැර ගැනීම ඕනෑම සමාජයක අඩුවෙන් අවධානයට ලක් වූ සංසිද්ධියක් වන පුරුෂ හිංසනය නම් වර්ගීකරණය යටතට ගැනෙන අපරාධයකි.

කාන්තා හා ළමා හිංසනයන් ලොව බොහෝ දෙනෙකු කතාබහට ලක් කරන මාතෘකාවකි. ස්ත්‍රී පුරුෂ භාවය පදනම් කර ගත් හිංසනයන් විවිධ සමාජ තුළ එක් එක් මට්ටම්වලින් කතාබහට ලක්වන අතර එහිදී කාන්තා හා ළමා අපචාර පිළිබඳ සිදුවීම් වර්තමානයේ විශාල වශයෙන් අසන්නට දකින්නට ලැබේ. එය එසේ වුවත් පුරුෂ හිංසනය ද නොසලකා සිටිය හැකි ද?පුරුෂ හිංසනයක් පිළිබඳ අද මේ කතාබහ බොලිවුඩයෙනි. ප්‍රශාන්ත් සිං විසින් අධ්‍යක්ෂණය කර හෙට (අගෝස්තු 02) සිට තිරගත කිරීමට නියමිත abariya Jodi  චිත්‍රපටයෙන් මාතෘකාවට ගැනෙන්නේ පුරුෂ හිංසනයක් යටතට ගැනෙන මනමාලයා පැහැරගෙන යාම පිළිබඳයි. ක්‍රියාදාම, හාස්‍යමය ප්‍රේමණීය සිනමා නිර්මාණයක් වන මෙය ප්‍රශාන්ත්ගේ කුලුඳුල් සිනමා අධ්‍යක්ෂණය යි. සිද්ධාර්ත් මල්හෝත්‍රා සහ පරිනීති චොප්රා මෙහි ප්‍රධාන චරිත වෙනුවෙන් පණ පොවති. ඔවුන් මීට පෙර හමු වූයේ 2014 වසරේ Hasee Toh Phasee  චිත්‍රපටයෙනි. සිද්ධාර්ත් සහ පරිනීති සමඟ ජාව්ද් ජෙෆ්‍රි, සංජේ මිශ්‍රා, අපර්ශාකිත් කුරානා ඇතුළු පිරිසක් Jabariya Jodi චිත්‍රපටයේ රංගනයෙන් දායක වී සිටිති.

 

 

 


 

https://youtu.be/SXAqEbLJYPY

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.