ඉන්කා ශිෂ්ටාචාරයේ රහස් සොයා

Dora and the Lost City of Gold
අගෝස්තු 8, 2019

ඩෝරා තම ජීවිතයෙන් වැඩි කොටසක් ගත කර තිබෙන්නේ තම මාපියන් සමඟින් වනයේය. මව සහ පියා සමඟින් වනාන්තර ගවේෂණයේ යෙදීම ඇයගේ ජීවිතයේ කොටසක් බවට පත් වී හමාරය. මේ අතර ඇයගේ දිවියේ අලුත් පරිච්ඡේදයක් පෙරළීමට නියමිතව ඇත

Dora the Explore  (ඩෝරා නම් ගවේෂක) ලොවපුරා ජනප්‍රිය ළමා කාටුන මාලාවකි. ඉංග්‍රීසි, ප්‍රංශ සහ ස්පාඤ්ඤ භාෂා ත්‍රිත්වයෙන් නිර්මාණය වී රටවල් රැසක භාෂා 30ට අධික ප්‍රමාණයකින් හඬකවා විකාශය කෙරෙන Dora the Explore , ඩෝරා නම් දැරිය සහ ඇයගේ බූට්ස් නම් වඳුරු සුරතලා වටා ගෙතී ඇත. මේ ඇසුරින් දැනටමත් යොවුන් නවකතා කෘති රැසක් එළිදක්වා ඇති අතර පරිගණක ක්‍රීඩා ද නිර්මාණය වී ඇත. එපමණක් නොව මෙම කාටුන මාලාවේ චරිත නිරූපිත සෙල්ලම් භාණ්ඩ ද ළමයින් අතර ප්‍රචලිතය.

නව යොවුන් වයසේ පසුවන ඩෝරා තම ජීවිතයෙන් වැඩි කොටසක් ගත කර තිබෙන්නේ තම මාපියන් සමඟින් වනයේය. මව සහ පියා සමඟින් වනාන්තර ගවේෂණයේ යෙදීම ඇයගේ ජීවිතයේ කොටසක් බවට පත් වී හමාරය. මේ අතර ඇයගේ දිවියේ අලුත් පරිච්ඡේදයක් පෙරළීමට නියමිතව ඇත. ඩෝරාට අනුව නම් එය, වනාන්තර ගවේෂණයේ යෙදෙන තම දිවියේ

තවත් භයානක අත්දැකීමකි. එනම් ඩෝරා උසස් අධ්‍යාපනය වෙනුවෙන් පාසලකට ඇතුළත් විය යුතුවීමයි. අලුත් පාසලේදී සිය මස්සිනා වන ඩියේගෝ හමුවීම මෙන්ම ඇයට අතර තවත් අලුත් මිතුරු මිතුරියන් හඳුනා ගැනීමට ද අවස්ථාව සැලසේ. නාගරික පාසලේ අත්දැකීම් ඩෝරාට තරමක් නුහුරුය. නමුත් අලුත් මිතුරු පිරිස සමඟින් ගවේෂණයේ යෙදීමට ඩෝරාට අවස්ථාවක් උදාවේ. ඩෝරා සහ මිතුරු කල්ලිය දකුණු ඇමරිකානු ඉන්දියන්වරු කොට්ඨාශයක් වන ඉන්කාවරුන් විසූ ඉන්කා ශිෂ්ටාචාරයේ රහස් සොයා යන ගමන රිදී තිරයේ දිග හැරෙන්නේ Dora and the Lost City of Gold නමිනි. The Muppets,Muppets Most Wanted,Alice Through the Looking Glass චිත්‍රපට අධ්‍යක්ෂණය කළ බ්‍රිතාන්‍ය ජාතික ජේම්ස් බොබින් විසින් අධ්‍යක්ෂණය කළ මෙම චිත්‍රපටය හෙට (අගෝස්තු 09) සිට ලොවපුරා තිරගත කිරීමට නියමිතය. ඩෝරාගේ චරිතයට පණ පොවන්නේ 18 හැවිරිදි අමෙරිකානු නිළියක, ගායිකාවක වන ඉසබෙලා මෝනර් විසිනි. වඳුරු සුරතලා වෙනුවෙන් හඬ දායකත්වය ලබා දෙන්නේ අමෙරිකානු නළු ඩැනී ට්‍රෙජෝ විසිනි. ඉයුජිනෝ ඩර්බේස්, මයිකල් පේන්, එවා ලොන්ගෝරියා ඇතුළු පිරිසක් රංගනයෙන් දායක වී ඇත. Dora and the Lost City of Gold  රූගැන්වී තිබෙන්නේ ඔස්ට්‍රේලියාවේදීය.

Dora and the Lost City of Gold  චිත්‍රපටය මිශ්‍ර විචාරක ප්‍රතිචාර ලද චිත්‍රපටයකි. ද රැප් හි විචාරක යොලන්දා මචාඩෝ පවසන්නේ ආරම්භය එතරම් සාර්ථක නොවුණ ද මෙම සිනමා නිර්මාණය වර්තමානයේ මව්පියන් වී සිටින පුද්ගලයන් අතීතයේදී සිය මව්පියන් සමඟින් ත්‍රාසනක, විනෝදාත්මක සිනමාපට නැරඹූ යුගයට රැගෙන යන්නක් බවයි. මෙම චිත්‍රපටයේ වාණිජ සාර්ථකත්වය ලොවපුරා විසිරි සිටින Dora the Explore   කාටුන මාලාවේ ළමා රසික කැල සමඟින් මේවන විටත් දිනාගෙන අවසන් බව හොලිවුඩ් රිපෝටර්හි ටොඩ් මැකාර්තිගේ අදහසයි.

    

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 13 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.