දරුණු කිඹුල් රැළක් හා සටන් වැදුණු

පියෙක් සහ දියණියක්
අගෝස්තු 22, 2019

 

අමෙරිකානු ඩොලර් මිලියන 13.5ක වියදමින් නිර්මාණය කෙරුණු එය මේ වන විට අමෙරිකානු ඩොලර් මිලියන 60ක ආදායමක් වාර්තා කර ඇත.

දරුණු සුළි සුළඟක අවසානය කෙසේද? තැන තැන කැඩී විසිර ගිය ගස් කොළන්, හානියට පත් වූ නිවාස, මං මාවත් අතර අසරණ වූ මිනිසුන්. ෆ්ලොරිඩා නගරයට හමා එන දරුණු සුළි සුළඟක් සමඟින් සිදු කෙරෙන අනතුරු හැඟවීමේ පණිවුඩ රැසකි. සුළි සුළඟ අවසානයේ ද එම නිවේදන නොතකන හේලිගේ අරමුණ වෙනත් එකකි. එනම් ඒ වන විට අතුරුදන්ව සිටින ඩේව් නම් තම පියා සොයා ගැනීමයි. හේලිගේ අරමුණ සාර්ථකය. ඇයට සිය පියා හමුවේ. ඒ දරුණු ලෙස තුවාල ලබා නිවසේ සිටියදීය. තමන් සහ පියා සුනඛ සුරතලා සමඟින් නිවසේ සිරවී සිටින බව හේලිට අවබෝධ වන්නට වැඩි වේලාවක් ගත නොවේ. සුළි සුළඟ අවසානයේ ඒ වන විට ෆ්ලොරිඩාව වසා ගත් දරුණු ගං වතුරක් පැමිණ ඇත. ඔවුන් හමුවේ ඊටත් වඩා දරුණු වූ තවත් අභියෝගයකි. එනම් ගං වතුර සමඟින් දැවැන්ත කිඹුලන් සමූහයක් ෆ්ලොරිඩාවට ඇතුළු වී සිටීමයි. හේලි සහ ඩේව් සුනඛ සුරතලා සමඟ දිවි බේරා ගැනීමට කරන්නා වූ සටනකි.

ඛ්පචඹත චිත්‍රපටයෙන් දැක ගත හැකි වන්නේ එම කතා පුවතයි. ප්‍රංශ ජාතික අධ්‍යක්ෂ ඇලෙක්සැන්ඩ්‍ර අජා විසින් අධ්‍යක්ෂණය කළ ඛ්පචඹත පසුගිය ජූලි 12 වැනිදා සිට ලොව පුරා තිරගත කිරීම ඇරඹුණි. 49 හැවිරිදි කැනේඩියානු ජාතික නළු බැරි පෙපර් ඩේව්ගේ චරිතයට පණ පොවන අතර හේලිගේ චරිතයට පණ පොවන්නේ, 27 හැවිරිදි බ්‍රිතාන්‍ය ජාතික නිළි කායා ස්කොඩෙලාරියෝ විසිනි. අමෙරිකානු ඩොලර් මිලියන 13.5ක වියදමින් නිර්මාණය කෙරුණු එය මේ වන විට අමෙරිකානු ඩොලර් මිලියන 60ක ආදායමක් වාර්තා කර ඇත. ඛ්පචඹත චිත්‍රපටය විචාරක පැසසුම් ලද චිත්‍රපටයක් බවට පත් වී ඇති අතර රොටෙන් ටොමැටෝස් අඩවියේ එයට 83%ක් හිමි වී ඇත. ඛ්පචඹත චිත්‍රපටය තෘප්තිමත් සහ විනෝදයක් සේම පොරොන්දු වූ දේ ලබා දෙන සිනමා නිර්මාණයක් බව විචාරක අදහසයි. හේලි ලෙසින් කායාගේ රංගනයට ද විචාරක පැසසුම් හිමි වී තිබේ.

 

 

 

 

 

 

 

 

 

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.