ඉන්දියාවේ අඟහරු මෙහෙයුම රිදී තිරයට

අගෝස්තු 22, 2019

 

පසුගිය කාලයේ බොලිවුඩ් සිනමාවේ බොළඳ ආදර කතා වෙනුවට වෙනස් ආරක්ගත් සිනමා නිර්මාණ පෙළක් දැක ගන්න අවස්ථාව ලැබුණි. ඒ ඔස්සේ ප්‍රේක්ෂකයන් නව මානයකට යොමු කිරීමට සිනමා නිර්මාණකරුවන් උත්සාහ ගන්නා බව ද පෙනුණි. ක්‍රියාදාම, ප්‍රේමණීය, හාස්‍ය, සංගීතමය වැනි චිත්‍රපට අතරේ යහපත් සෞඛ්‍ය පුරුදු ප්‍රවර්ධනය, සමාජ විසමතා, දේශීය රෙදිපිළි කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම වැනි තේමාකොට ගනිමින් ඊධඪතඥබ: ඡ්ඬ ර්‍ථපඥථ ම්චබඩච, ර්‍ථධඵබඥප ඕධරඵ, ර්‍ථචඤ ර්චද, ඒපබඪජතඥ 15 වැනි චිත්‍රපට නිර්මාණය වූයේ සමාජ කතිකාවත් ඇති කිරීමේ අරමුණැතිවයි.

මේ අතර සැබෑ ලොව සේම සිනමා ලොවේදී ද අප මවිත කළ හොලිවුඩ් අභ්‍යවකාශ චිත්‍රපට නිර්මාණය කෙරෙන විටදී ඉන්දීය සිනමාව නියෝජනය කරමින් එහි පළමු පියවර තැබුවේ 2018 වසරේ තිරගත කෙරුණු ඊඪඬ ඊඪඬ ඊඪඬ චිත්‍රපටයයි. දකුණු ඉන්දීය සිනමා නිර්මාණයක් වන ඊඪඬ ඊඪඬ ඊඪඬ දෙමළ සිනමාපටය ඉන්දීය සිනමාවේ නිර්මාණය වූ පළමු අභ්‍යවකාශ චිත්‍රපටය ලෙසින් වාර්තා අතරට එක් විය. බොලිවුඩ් සිනමාවෙන් අභ්‍යවකාශ කතා පුවතක් ගෙන එන චිත්‍රපටයක් නිර්මාණය වී අවසන්. ර්ඪඵඵඪධද ර්චදඨචත ලෙස නම් කර ඇති එය ඉන්දීය අභ්‍යවකාශ පර්යෂණ ආයතනය මඟින් අභ්‍යවකාශ යානාවක් අඟහරු වටා කක්ෂගත කිරීමේ සිදුවීම ඇසුරෙන් නිර්මාණය වුවක්.

අඟහරු වටා අභ්‍යවකාශ යානා කක්ෂගත කිරීමේ ප්‍රථම ස්ථානය හිමි වන්නේ රුසියාවටයි. පසුව නාසා ආයතනය සහ යුරෝපා අභ්‍යවකාශ මධ්‍යස්ථානය විසින් අඟහරු වටා අභ්‍යවකාශ යානා කක්ෂගත කළ අතර එහි සිව්වැනි ස්ථානය හිමි වූයේ ඉන්දියාවටයි. එය ඉන්දියාව විසින් දියත් කළ පළමු අන්තර් ග්‍රහලෝකීය මෙහෙයුම වන අතර ඒ අනුව 2013 වසරේ නොවැම්බර් 05 වැනිදා පෘථීවියෙන් නික්මුණු මංගල්යාන් නම් අභ්‍යවකාශ යානාව 2014 වසරේ සැප්තැම්බර් 24 වැනිදා සිට අඟහරු වටා කක්ෂගතව ක්‍රියාත්මක වේ.

ආසියාව නියෝජනය කරමින් අඟහරු වටා අභ්‍යවකාශ යානාවක් කක්ෂගත කළ ප්‍රථම අවස්ථාව වන මෙම සිදුවීම ඇසුරෙන් නිර්මාණය කෙරුණු චිත්‍රපටය ර්ඪඵඵඪධද ර්චදඨචත පසුගිය 15 වැනිදාට යෙදුණු ඉන්දීය නිදහස් දිනයේදී තිරගත කිරීම ආරම්භ කෙරිණි. ඉන්දීය රුපියල් කෝටි 32ක පිරිවැයකින් නිර්මාණය කෙරුණු එය පළමු දිනයේදී ඉන්දීය රුපියල් කෝටි 25ක් උපයා ගැනීමට සමත් විය. ජගන් ශක්ති විසින් අධ්‍යක්ෂණය කෙරුණු ර්ඪඵඵඪධද ර්චදඨචත චිත්‍රපටයේ රංගනයට ජනප්‍රිය නළු නිළි කැලක් එක් වී ඇත. අක්ෂේ කුමාර්, විද්‍යා බාලන්, සෝනක්ෂි සිං, තප්සේ පන්නු, නිත්‍යා මෙනන්, ශර්මන් ජෝශි, ක්‍රිටී කුල්හාරි ඇතුළු පිරිසක් ඒ අතර වෙති. අක්ෂේ කුමාර් එහි ජ්‍යෙෂ්ඨ විද්‍යාඥයෙකුගේ චරිතයට පණ පොවන අතර ඔහු පවසන්නේ එම රංගනය තම ජීවිතයේ බලාපොරොත්තුවක් වූ බවයි. මෙම කතාව පවසන්නේ, අහස සේම නිර්මාණශීලිත්වය, අදහස් සහ සිහිනවලට සීමාවක් නැති බවයි. රටට කීර්තියක් ගෙන ආ සැබෑ සිදුවීමක් රිදී තිරයේ ප්‍රති නිර්මාණයට දායක වීමට ලද මෙම අවස්ථාව ඉතාම සුවිශේෂි බවත් අක්ෂේ පවසයි.

 

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.