බොලිවුඩ් - කොලිවුඩ් ජනප්‍රිය තරු එක් කළ

Saaho
අගෝස්තු 29, 2019

ජනප්‍රිය දකුණු ඉන්දීය නළු ප්‍රභාෂ් සහ ජනප්‍රිය හින්දි නිළි ශ්‍රද්ධා කපූර් ප්‍රධාන චරිත නිරූපණය කරන මෙහි ජැකී ෂ්රොෆ්, නීල් නිතින් මුකේෂ්, අරුන් විජේ, මන්දිරා බේඩි, මුරලි ශර්මා, චන්කි පාණ්ඩේ ඇතුළු පිරිසක් රංගනයෙන් දායක වෙති.

මේ දිනවල ඉන්දීය සිනමාවෙන් ගෙන එන ඉහළ පිරිවැයක් දරා නිපදවූ සිනමා නිර්මාණයක් පිළිබඳ අවධානය යොමු වී ඇත. ඉන්දීය සිනමාව ගතහොත් මේ වන විට ඉහළම පිරිවැයක් දරා නිම කළ සිනමා නිර්මාණය වන්නේ ශංකර් විසින් අධ්‍යක්ෂණය කර 2018 වසරේ තිරගත වූ රජිනිකාන්ත් සහ අක්ෂේ කුමාර් ප්‍රධාන චරිත නිරූපණය කළ 2.0 චිත්‍රපටය යි. එහි පිරිවැය ඉන්දීය රුපියල් කෝටි 520කි. 2019 වසරේ තිරගත වීමට නියමිත චිත්‍රපට ද ඇතුළුව එම ලැයිස්තුවේ දෙවැනි ස්ථානය හිමි වන්නේ Saaho චිත්‍රපටයටයි.

හින්දි සහ තෙලිඟු භාෂාවලින් නිර්මාණය කෙරෙන චිත්‍රපටයක් ලෙසින් Saaho නිෂ්පාදන පිරිවැය ඉන්දීය රුපියල් කෝටි 350කි. ආයුධ සන්නද්ධ මිනිසෙකු හේතුවෙන් එක්තරා නගරයක යම් ගැටලුවක් ඇති වීම සමඟින් එය ආරම්භ වේ. නගරය තුළ ඇති වන මෙම භයානක තත්ත්වය හමුවේ මිනිස් ජීවිත පත්වන අවධානයෙන් මුදවා නගරය බේරා ගැනීමට ඔහුට තම සියලු දේ කැප කිරීමට සිදු වන අයුරු සිනමාවට නැඟී තිබෙන්නේ Saaho නමිනි. ත්‍රාසජනක ක්‍රියාදාම චිත්‍රපටයක් වන Saaho හින්දි සිනමාවේ මෙන්ම දකුණු ඉන්දීය සිනමාවේ ද ජනප්‍රිය තරු රැසක දායකත්වය ලද චිත්‍රපටයක් වීමත් විශේෂත්වයකි.

ජනප්‍රිය දකුණු ඉන්දීය නළු ප්‍රභාෂ් සහ ජනප්‍රිය හින්දි නිළි ශ්‍රද්ධා කපූර් ප්‍රධාන චරිත නිරූපණය කරන මෙහි ජැකී ෂ්රොෆ්, නීල් නිතින් මුකේෂ්, අරුන් විජේ, මන්දිරා බේඩි, මුරලි ශර්මා, චන්කි පාණ්ඩේ ඇතුළු පිරිසක් රංගනයෙන් දායක වෙති. ජැක්ලීන් ෆර්නැන්ඩ්ස් මෙහි එන ““Bad Boy”” ගීතය වෙනුවෙන් රංගනයෙන් දායක වී ඇත. ඕචචඩභඡචතඪ චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කළ ප්‍රභාෂ්හට මෙම චිත්‍රපටය වෙනුවෙන් තම සිරුරේ කිලෝග්‍රෑම් 10කින් අඩුකර ගැනීමට සිදු වී ඇත. සිරුරේ බර අඩු කිරීම වෙනුවෙන් පිහිනීම, බයිසිකල් පැදීම මෙන්ම වොලිබෝල් ක්‍රීඩාවේද යෙදුනු ප්‍රභාෂ් දිය යට දර්ශන කිහිපයක් වෙනුවෙන් විශේෂ කිමිදුම් පුහුණුවකටද සහභාගී වී ඇත. ප්‍රභාෂ් ජාතික මට්ටමේ වොලිබෝල් ක්‍රීඩකයෙකු වීම හේතුවෙන් වොලිබෝල් ක්‍රීඩාවේ යෙදීමට වැඩි කාලයක් වෙන් කර තිබේ. තෙලිඟු චිත්‍රපටයේ ශ්‍රද්ධා කපූර්ගේ දෙබස් වෙනුවෙන් වෘත්තීය හඬ ශිල්පිනියක විසින් හඬ ලබා දුන්නද හින්දි චිත්‍රපටයේදී ප්‍රභාෂ් විසින්ම තම දෙබස් වෙනුවෙන් හඬ දායකත්වය ලබා දී ඇත.

හෙට (අගෝස්තු 30) සිට ලොවපුරා තිරගත කිරීමට නියමිත Saaho චිත්‍රපටය ඉන්දියාවේ හයිද්‍රාබාද්, මුම්බායි ඇතුලුව ඩුබායි, රුමේනියාව, අබුඩාබි හා ඔස්ට්‍රියාවේදී රූගැන්වී ඇත. ලොව උසම ගොඩනැගිල්ල වන ඩුබායිහි බර්ජ් කලීෆා ගොඩනැගිල්ල අසල සිදුකළ රූගත කිරීම් වෙනුවෙන් පමණක් වැය කළ මුදල ඉන්දීය රුපියල් කෝටි 25කි. Saaho අධ්‍යක්ෂණය කර තිබෙන්නේ 28 හැවිරිදි යොවුන් සිනමා අධ්‍යක්ෂවරයකු වන සුජීත් විසිනි. සුජීත්ගේ කුලුඳුල් සිනමා අධ්‍යක්ෂණය Run Raja  අභද තෙලිඟු චිත්‍රපටයයි. දෙවැනි සිනමා නිර්මාණය Saaho ඔහුගේ කුලුඳුල් හින්දි චිත්‍රපටයයි.

      

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 9 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.