විකට අමනුෂ්‍යයා යළි පැමිණේ

It Chapter Two
සැප්තැම්බර් 5, 2019

ඉපැරණි මෙන්ම සිය ස්වරූපය වෙනස් කරගත හැකි අමනුෂ්‍යයෙක් සෑම වසර 27ට වරක් එක්තරා අසූචි වළකින් මතු වේ. විකටයකුගේ ((Clown) ) ස්වරූපයෙන් බොහෝවිට පෙනී සිටින මේ අමනුෂ්‍යයාට මෙවර මුහුණදීමට සිදු වන්නේ යොවුන් වියේ පසුවන ළමයින් සත් දෙනෙකුටය. එය ඔවුන්ගේ මෙවර ගිම්හාන කාලය අතිබිහිසුණු එකක් බවට පත් කරයි.

2017 වසරේ තිරගත කෙරුණු ධ්බ නම් භයංකර චිත්‍රපටයේ සංක්ෂිප්ත කතාව මෙය විය. අමෙරිකානු ඩොලර් මිලියන 35ක පිරිවැයකින් නිම වුණු ධ්බ අමෙරිකානු ඩොලර් මිලියන 700ක දැවැන්ත ආදායමක් වාර්තා කරමින් විචාරක පැසසුම් ලබමින් විශිෂ්ට සිනමා නිර්මාණයක් ලෙසින් සිනමා ඉතිහාසයට එක් විය.

එයින් පසු තවත් වසර 27ක් ගත වී අවසන්ය. එදා යොවුන් වියේ පසු වූ දරුවන් දැන් වැඩිහිටියන් වී එකිනෙකාගෙන් දුරස් වී ඇත. ඔවුන් නැවත වරක් එකිනෙකා මුණගස්වනුයේ කවරෙකු විසින් ද යන්න ඔබට සිතා ගත හැකි විය යුතුය. ධ්බ චිත්‍රපටයේ දෙවැන්න සමඟ විකට අමනුෂ්‍යයා යළි පැමිණීම හෙට (සැප්තැම්බර් 06) සිට It Chapter Two නමින් ලොවපුරා රිදී තිරයට නැඟෙනු ඇත. පළමු චිත්‍රපටයේ අධ්‍යක්ෂ ඇන්ඩි මුෂීට් විසින්ම අධ්‍යක්ෂණය කරන ලද මෙම චිත්‍රපටය පළමු චිත්‍රපටය සේම ලෝ ප්‍රකට නවකතා රචක ස්ටීවන් කිංගේ ධ්බ කෘතිය ඇසුරින් තිරයට නඟන ලද්දකි. ජේම්ස් මැකෝයි. ජෙසිකා කැස්ටියන්, බිල් හාඩර්, ඉසයියා මුස්තාෆා, ජේ රයන්, ජේම්ස් රැන්සන් ඇන්ඩි බීන් සහ බිල් ස්කාස්ගාඩ් ඇතුලු පිරිසකගේ රංගනයෙන් It Chapter Two ඔපවත් වී ඇත.

 

 

 

 

 

 

Add new comment