රම්බෝ ලාස්ට් බ්ලඩ්

Rambo : Last Blood
සැප්තැම්බර් 12, 2019

මතකද ඔබට ‘රම්බෝ‘? මුලින්ම රිදී තිරයේ රම්බෝ දිස් වුණේ 1982 වසරේ. ඒ රම්බෝ ෆර්ස්ට් බ්ලඩ් නමින්(Rambo : First Blood) ඊට පස්සේ එහි දෙවැනි කොටස Rambo : First Blood Patt II නමින් 1985 එළි දැක්වුණා. ඊට අවුරුදු තුනකට පස්සේ 1988 දි ආවේ රම්බෝ Rambo ඒත් එහි හතරවැනි කොටස බලන්න රම්බෝ රසිකයන්ට අවුරුදු 20ක් ඉවසන්න සිදුවුණා. ඒ කියන්නේ අචථඡධ හැදුණේ 2008. ඔන්න මේ වසර රම්බෝ ලෝලීන්ට සතුටුදායක ආරංචියක් දෙමින් චිත්‍රපට මාලාවේ පස්වැනි කෘතිය Rambo : Last Blood යළි නිර්මාණය වෙලා.

රම්බෝ ඍ හදන බව එහි සම තිරරචක සිල්වෙස්ටර් ස්ටැලොන් මුලින්ම පැවසුවේ 2009 වසරේ. එහි යෝජිත නම වුණේ anbo V: The Savage Hunt. එහෙත් 2011දී අලුතෙන් තිර නාටකයක් රචනය සඳහා සියැන් හුඩ් හට අවස්ථාව ලැබුණා. ඔහු එය රම්බෝ ෆර්ස්ට් බ්ලඩ් හා ගැළපෙන අයුරින් සකසන්නට උත්සාහ කළා. කොහොම වුණත් 2016දි සිල්වෙස්ටර් සටැලොන් හෙළි කළේ තවදුරටත් රම්බෝ නිෂ්පාදනයේ නොයෙදෙනු ඇති බවයි. ඒත් මිලේනියම්ලා ඒ වසර අවසානයට ආසන්න වෙද්දි චිත්‍රපටය නිපදවන බවට ප්‍රකාශයක් නිකුත් කළා. එයට සටැලොන්ගේ කිසිම සම්බන්ධයක් ඇති නොවන බවත් ඔවුන් කීවා. 2018 වෙද්දි රම්බෝ ලාස්ට් බ්ලඩ් රූපගත කිරීම ඇරඹුණා.ඒ කතා සාරය අනුව රම්බෝ මෙක්සිකානු මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් පිරිසක් සමඟ සටන් කරනවා. ඒ ඔවුන් විසින් පැහැරගන්නා ලද තම ඥාති දියණියක් බේරාගැනීම සඳහා. සටැලොන් විසින්ම චිත්‍රපටය ප්‍රදර්ශනය සඳහා නිදහස් කරන්නේ 2019 වසරේ බව පැවසුවා. මැට් සිරල්නික් සමඟ සම තිරරචනයේ යෙදුණත් චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්න ස්ටැලොන් කැමැත්තක් දැක්වූයේ නැහැ. ඒ නිසා ඒඩ්‍රියන් ග්‍රන්බර්ග් මෙහි අධ්‍යක්ෂවරයා ලෙස නම් කළා. මූලික රූපගතකිරීම් ආරම්භ කළේ බ්‍රෙන්ඩන් ගැල්වින් විසින් බල්ගේරියාවේදියි.රම්බෝ චිත්‍රපට මාලාව ඇරඹෙන්නේ ඩේවිඩ් මොරෙල් විසින් 1972 රචනා කරන ලද ෆර්ස්ට් බ්ලඩ් නමැති නවකතාව පදනම් කරගෙනයි. මේ කතා මාලාව සමස්තයක් හැටියට ඩොලර් මිලියන 727ක ආදායමක් වාර්තා කර තිබෙනවා. එයින් ෆර්ස්ට් බ්ලඩ් පාර්ට් 2 පමණක් ඩොලර් මිලියන 300ක ආදායමක් ඉපැයුවා. රම්බෝ නමින් රූපවාහිනී කතා මාලා, හාස්‍යෝත්පාදක කතා රැගත් පොත්, නවකතා, වීඩියෝ ගේම්ස් වගේම බොලිවුඩි රීමේක් චිත්‍රපට පවා නිර්මාණය වෙලා තිබෙනවා. සුපරුදු පරිදි  Rambo : Last Blood  කෘතියේත් රම්බෝ ලෙස රඟපාන්නේ සිල්වෙස්ටර් ස්ටැලෝන්මයි. මේ මාසයේ 20 වැනිදා සිට Rambo : Last Blood ඔබට නරඹන්න පුළුවන්.

 

  

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.