අමතක වූ මිනිත්තු 10ක්

MINUTES GONE
සැප්තැම්බර් 26, 2019

හොලිවුඩ් සිනමාවේ ක්‍රියාදාම සක්විතිවරුන් වන බෲස් විල්ස් සහ මිකායෙල් චික්ලිස් රඟන අලුත්ම ත්‍රාසජනක චිත්‍රපටය ටෙන් මිනිට්ස් ගෝන් හෙට සිට සීමිත තිරගත කිරීමක් ලෙස ප්‍රදර්ශනය වේ. පාතාල නායකයකු වන රෙක්ස් ෆ්‍රෑන්ක් නැමැත්තාගේ නායකත්වයෙන් යුතු අපරාධ කල්ලිය කුලියට ගන්නේ බැංකුවක තැබූ මිලකළ නොහැකි තරම් වටිනා ස්වර්ණාභරණ පෙට්ටියක් සොරකම් කිරීම සඳහාය. එහෙත් පොලීසියට ලැබුණු ඔත්තුවක් නිසා මෙහෙයුම ව්‍යාර්ථ වේ. ඒ සටනේදී ෆ්‍රෑන්ක්ගේ හිසට වදින වෙඩි පහරක් නිසා ඔහුගේ මතකයෙන් මිනිත්තු දහයක් ඔහුට අමතකව යයි.

ඉන්පසු තම සගයන් විමසමින් සිදුවීමේ මතකය යළි නඟාගන්නට ඔහු දරන වෙහෙස කොතරම් දුරට සාර්ථක වේද? ස්වර්ණාභරණවලට සිදු වූයේ කුමක්ද? යන්න 10 මිනිට්ස් ගෝන් මඟින් හෙළි කෙරේ. බ්‍රයන් ඒ. මිලර් විසින් අධ්‍යක්ෂණය කරන ලද කෘතියේ තිර රචනය කෙල්වින් මාවෝ සහ ජෙෆ් ජින්ගල් විසින් ලියා ඇත. පැයකුත් විනාඩි 28ක් පුරා අබිරහසක් වෙනුවෙන් ඇතිවන කුතුහලය සහ සැකය මෙන්ම ත්‍රාසය වෙනුවෙන් මෙඩෝ විලියම්ස්, කයිල් ෂ්මිඩ්, ලයිඩියා හල්, ලාලා කෙන්ට්, ටෙක්සාස් බැට්ල්, ස්වෙන් ටෙමෙල්, සර්ජියෝ රිසුටෝ, ටයිල ජොන් ඕල්සන් ඇතුළු නළු නිළියන් රැසක් බෲස් විල්ස්ටත් මිකායෙල් චික්ලිස්ටත් සහාය වෙති. රොට්න් ටුමැටෝස් හෝ ධ්ර්ච්ඡ දර්ශකවල විචාරක මත හෝ ප්‍රේක්ෂක මත 10 මිනිට්ස් ගෝන් වෙනුවෙන් මෙතෙක් නිකුත් කර නැත.

 

 

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.