සුර්යා සහ ආර්යා එක්ව ගෙනා රැකවලා . . .

KAAPPAAN
සැප්තැම්බර් 26, 2019

ඉන්දියාවේ අගමැතිවරයාගේ භූමිකාව සහ ඔහුගේ විශේෂ ආරක්ෂක නිලධාරියාගේ භූමිකාව නිරූපණය කරන පුද්ගලයන් දෙදෙනකු වටා ගෙතුණු දෙමළ භාෂිත ක්‍රියාදාම මුසු වූ ත්‍රාසජනක, නාටකීය චිත්‍රපටයකි කාප්පාන්. කේ. වී. ආනන්ද් විසින් අධ්‍යක්ෂණය කර ඇති මෙහි තිර රචනය සඳහා ඔහුට සහාය දී ඇත්තේ පට්ටුක්කොට්ටෛ ප්‍රභාකර්ය. සූරියා, මොහාන් ලාල් සහ ආර්යා ප්‍රධාන චරිත නිරූපණය කරන කාප්පාන් එම්. එස්. ප්‍රභූ විසින් කැමරාකරණය කර ඇති අතර හැරිස් ජයරාජ්ගේ සංගීතයෙන් ඔපවත් වී ඇත්තේ ගීත හයකින් සමන්විතවය.

කප්පාන් සිනමා පටයේ රූපගත කිරීම් ඇරැඹුණේ 2018 වසරේ ජූනි මස 25වැනිදා ලන්ඩන් නුවරදීය. ඉන්පසු නිව්යෝක් නුවර, බ්‍රසීලය, නවසීලන්තය සහ හයිද්‍රාබාද් නුවරදී මෙහි රූපගත කිරීම් සිදුවිය.

සූරියාගේ 37 වැනි උපන්දිනයට එලැඹෙද්දි ඔහු රඟපාන ලද 37 වැනි සිනමා කෘතිය මෙයයි. එසේම බෝමන් ඉරානි දකුණු ඉන්දීය සිනමාවට පය තබන පළමුවැනි දෙමළ චිත්‍රපටය ද මෙය වේ. මෙහි මොහාන් ලාල් නිරූපණය කරන අගමැතිවරයාගේ චරිතයට මුලින්ම තෝරාගෙන තිබුණේ අමිතාබ් භච්චන්ය. පසුව මොහාන්ලාල්ගේ නම තීරණය විය. එවැනි වෙනස්කම් රැසක් සමඟ රූගත කෙරුණු කප්පාන් හි නම සඳහා යෝජනා තුනක් තිබිණි. ඒ මීත්පාන්, උයිර්කා සහ කප්පාන්ය. ප්‍රේක්ෂක ඡන්ද විමසීමකින් තේරුණේ උයිර්කා වුවත් ලයිකා නිෂ්පාදන ආයතනය 2018 දෙසැම්බර් 31 ප්‍රකාශයට පත් කළේ කෘතියේ නම කාප්පාන් බවය. චිත්‍රපටය 2019 සැප්තැම්බර් 20 වැනිදා සිට ප්‍රදර්ශනය ආරම්භ වූයේ එහි තෙලිඟු හඬ කැවූ චිත්‍රපටය වන බන්දුබාස්ට් හා සමගාමීවය. ඇමෙරිකානු ඩොලර් මිලියන 11ක් වැය කර තැනූ කප්පාන්, පැය 2යි විනාඩි 46ක් පුරා දිවෙන කතාපුවතකි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.