යෂ් චොප්රාගේ 90 වැනි උපන්දිනය සමරා වෝ තැනෙයි

ඔක්තෝබර් 3, 2019

ආදිත්‍ය චොප්රා ඔහුගේ යෂ් රාජ් ෆිල්ම්ස් සන්නාමයෙන් ගෙනෙන සිද්ධාර්ත් ආනන්ද් විසින් අධ්‍යක්ෂණය කරන ලද ත්‍රාසජනක, ක්‍රියාදාම ගණයට අයත් අලුත්ම හින්දි චිත්‍රපටය වෝ ඊයේ (02) සිට ප්‍රදර්ශනය ඇරඹීය. සිද්ධාර්ත් අනන්ද් ඉන්දියාවේ විශිෂ්ටතම තිර නාටක රචකයකු ලෙස නම් දැරූ ඉන්දර් රාජ් ආනන්ද්ගේ මුණුපුරාය. වෝ, සිද්ධාර්ත්ගේ 6වැනි සිනමා අධ්‍යක්ෂණයයි. රිතික් රෝෂන්, ටයිගර් ෂ්රෝෆ්, වානි කපූර් සමඟ අෂුතෝෂ් රානා, දීපානිතා ෂර්මා, අනුප්‍රිය ගොයින්කා මෙහි රංගනයෙන් දායක වෙති. යෂ් චොප්රාගේ 90වැනි උපන්දිනය වෙනුවෙන් හින්දි සිනමාවට දායක කළ මෙය රිතික් සහ ටයිගර් පළමු වතාවට එකම තිරයට ගෙනෙන නිර්මාණයයි.

ඩූම් 2 චිත්‍රපටයෙන් වසර 13ට පසු රිතික් සමඟ යෂ්රාජ් ෆිල්ම්ස් කරන සිනමා කෘතියද මෙයයි. මෙහි නර්තන නිර්මාණය සඳහා හොලිවුඩයෙන් ඇන්ඩි ආම්ස්ට්‍රොං සහ සටන් සඳහා දකුණු කොරියාවෙන් ඕහ් යන ලොකප්‍රකට නිර්මාණ අධ්‍යක්ෂවරුන් ගෙන්වීමද විශේෂත්වයකි. 2018 වසරේ සැප්තැම්බරයේ මැද ඇරඹුණු මෙහි රූපගත කිරීම් 2019 මාර්තු වනතුරු පැවැත්විණි. මෙය ඊයේ ප්‍රදර්ශනය ඇරඹුණේ ගාන්ධි ජයන්ති උලෙළ සනිටුහන් කරමිනි. කලීඩ් නම් ඉන්දියානු සොල්දාදුවකු කබීර් නම් හිටපු සොල්දාදුවකු මර්දනය සඳහා යෙදවීමෙන් පසු දෙදෙනා අතර ඇතිවන ගැටුම පැය දෙකහමාරකට මදක් වැඩි කාලයක් පුරා වෝ මඟින් කියැවේ.

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
14 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.