අහිංසකයකු අපරාධකාරයකු කළ සමාජයක්

ඔක්තෝබර් 3, 2019

ජෝකර්

JOCKER

ඇමෙරිකාවේ නිෂ්පාදනය වූ ජෝකර් 2019 චිත්‍රපටය මනෝවිද්‍යාත්මක ත්‍රාසජනක ප්‍රවර්ගයට අයත් වූවකි. ඩී.සී කොමික්ස් චරිත කතා මත පදනම්ව ඩී.සී ෆිල්ම්ස් ආයතනයේ ප්‍රධානත්වයෙන් තැනී ඇති ජෝකර් 2019 වෝනර් බ්‍රදර්ස් පික්චර්ස් මඟින් ලොව වටා ප්‍රදර්ශනය අරඹන්නේ අද (03) සිටය. 1980 දශකයේ නැඟී එන නළුවකු වුවද අසාර්ථක වූ ආතර් ෆ්ලෙක් නැමැත්තා සමාජයෙන් නොලසකා හරිනු ලබන අතර ගෝතම් නුවර විකටයකු මෙන් සැරසී සැරිසරද්දී අපරාධකාරයන් විසින් ලුහුබඳීනු ලබයි. විනීත පුද්ගලයකු ලෙස අරඹන ඔහුගේ ජීවන ගමන මහමොළකාර අපරාධකාරයකු දක්වා පෙරළෙන අන්දම ජෝකර් 2019 මඟින් දිගහැරේ. ටොඩ් ෆිලිප්ස් විසින් අධ්‍යක්ෂණය කර ඇති ජෝකර් 2019, රචනයේදී ඔහුට ස්කොට් සිල්වර්ගේ සහාය ලැබී තිබේ. ලෝරන්ස් ෂර්ගේ කැමරාකරණයෙන් සහ ජෙෆ් ග්‍රෝත් ගේ සංස්කරණයෙන් හැඩ වුණු මෙහි ජොආකීන් ෆීනික්ස් සමඟ රොබර්ට් ඩි නීරෝ, සැසී බිට්ස් සහ ෆ්‍රැන්සිස් කොන්රෝයි කරට කර රංගනයෙන් දායක වෙති. IMDb  දර්ශකයේ 9.4/10 ක් වාර්තා කරන ජෝකර් රොටන් ටුමැටෝස් දර්ශකයේ විචාරක ප්‍රතිචාර සියයට 77ක් ලබා ඇති ඇමෙරිකානු ඩොලර් මිලියන 55ක වියදමින් තැනූ පැය 2යි විනාඩි 2ක ධාවන කාලයකින් යුතු සිනමා කෘතියකි.

 

 

Add new comment