Sangathamizhan

නොවැම්බර් 14, 2019

මෑත භාගයේ දෙමළ සිනමාවේ වඩාත්ම කතාබහට ලක් වූ චරිතාංග නළුවා විජේ සේතුපතිය. ලැබෙන ඕනෑම චරිතයක් ඉතා පහසුවෙන් ග්‍රහණය කර ගන්නා විජේ සේතුපති සම්මානනීය නළුවකු ද වෙයි. ඔහු රඟපෑ අලුත්ම චිත්‍රපටය සංගතමිලන් ය. විජේ චාන්දර් නම් තරුණ සිනමාකරුවා විසින් අධ්‍යක්ෂණය කරන ලද තෙවැනි චිත්‍රපටය මෙයයි. වාලු, ස්කෙච් වැනි චිත්‍රපට තැනූ විජේ චාන්දර් අලුත් චිත්‍රපටය තනන්නේ විජේ සේතුපති ද්විත්ව චරිත නිරූපණයකට යොදා ගනිමිනි.එහි නිවේතා පේතුරාජ් සහ රාශි ඛන්නා සේතුපතිගේ පෙම්වතියෝ වෙති.

දෙමළ ිසනමාවේ පැරණිතම සිනමා සමාගමක් වන 71 හැවිරිදි විජය නිෂ්පාදන සමාගම මෙම චිත්‍රපටයේ නිෂ්පාදකවරුන්ය. 1948 වසරේ දී මූල නාරායන ස්වාමි සහ බී.එන්.රෙඩ්ඩි විසින් ගොඩ නඟන ලද විජය නිෂ්පාදන සමාගමේ චිත්‍රාගාරය වූ විජය වාහිනි චිත්‍රාගාරය එකල ආසියාවේ දැව්නතම චිත්‍රාගාරය ලෙස සැලකිණ. පාතාල භෙරවි,මිසිඅම්මා, මායා බසාර් වැනි එකල දැවැන්ත චිත්‍රපට බිහිවූයේ එමගින්ය. 1980 වසරේ දී මෙම චිත්‍රාගාරය වසා දැමුණ ද ඔවුන්ගේ පරම්පරාවේ පිරිවර තවමත් චිත්‍රපට නිෂ්පාදනයේ යෙදෙති.සංගතමිලන් නිෂ්පාදනය කරන භාරතී රෙඩ්ඩි බී.එන්.රෙඩ්ඩි ගේ මුනුපුරාය.

Add new comment